හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදි සිය බල ප්‍රදේශය පුරා පිහිටි පොදු නාන ළිං ප්‍රතිසංස්කරණය කරද්දී එක් ළිඳකට රුපියල් ලක්ෂ පහක් වෙන් කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචර්ය හර්ෂ ද සිල්වා මහතා අද (25) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
පොදු නාන ළිඳක් ප්‍රතිසන්ස්කරණය කිරීමට වැය වන්නේ රුපියල් පනස් දහසකට නොවැඩි මුදලක් බවත්, මෙලෙස හිතුමතේ ජනතා මුදල් වැය කිරීම අපරාධයක් බවත් ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගණන බාස් කුලිය ගෙවන්නත් මදි මහත්තයෝ. අඩු කුලියට වැඩකරන බාස්ලා එහෙම ඉන්නවද? (නි)
නැත්නම් ඉතින් හම්බ කරගන්නේ කොහොමද අනේ! (නි)
බාගෙන කන එක ඉහගෙනම කන්න වෙන්න ඇති. (නි)
මහරගම පැත්තේත් නාන ළිඳක් ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් ලක්ෂ 19ක් වියදම් වුණා කියලා පුවතක් පසුගිය කාලයේ දැනගන්න ලැබුණා (නි)
අම්මපා මෙහෙමත් ගසාකෑමක්! (නි)
ජනතාව කුපිත කරන්න එපා. බලයේ ඉන්න ඔබලාට වැරදිකරුවන්ට දඬුවම් දීමේ ක්‍රමවේදයක් නැති නිසා බොරුවට ඇඟිලි දික්කරන්න එපා. (නි)
ලක්ෂ පහක් කියන්නේ අද කාලේ ලොකු මුදලක් නෙමෙයිනේ. ගණන් ගන්න එපා. (නි)
පොදු ළිඳක් කියන්නේ ගෙදර තිබෙන දෙන්නෙක් තුන්දෙනෙක් පාවිච්චි කරන ළිඳක් නොවෙයි. ඊටත් අද ලක්ෂ පහක් කියන්නේ එච්චර ලොකු මුදලක් නොවෙයි. බාස් කුලියම කීයක් යනවද? (නි)
රටට කර තිබෙන විනාශය අනුව රාජපක්ෂවරු නැවත බලයට නම් ගෙනෙන්න හිතන්නවත් එපා. (නි)
මිනීමරු ප්‍රභාකරන්ට අවරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක් පසු ගිය අවරුදු 5-6 තුලදී රටට සිද්ද වුන කියන්නේ නිකම්ම නෙමෙයි.(නදී)
රාජපක්ෂ කියන නම ඇහෙනකොටත් අැගේ මයිල් කෙලින් වෙනවා.(නදී)
කියනවා විතරයි.කෝ එක් කෙනෙක්වත් ඇල්ලුවද? (නි)
මේවත් ඉතින් නාන ළිඳ ළඟ කතා වගේ තමයි. ඔප්පු කරලා පෙන්වන්න. (නි)
ලිඳක් අලුවැඩියාවට ලක්ෂ 5 ක් විතර යනව තමයි. හිතන්න කලුගල් කියුබ් 15-20ක් , සිමෙන්ති කොට්ට 100-150 වැලි, කොන්ක්‍රීට් ගල් ඔව්ව නිකන් හම්බ වෙන එව්ව නෙමෙයිනෙ. ඕක ශ්‍රම දානෙකින් කරන දෙයකුත් නෙමෙයි. වැඩේ කරන කොන්ත්‍රාත් කරුත් ලාභයක් තියා ගන්න ඕනෙ. පොදු නාන ලිඳක් කියන්නෙ පොඩි එකක් නෙමෙයි. බාස් කුලිය දවසකට 2000 ක්, ගෝලයෙකුට 1250 ක්. දක්ෂ මේසන් බාස්ල තුන් හතර දෙනෙක් ගෝලයො 10 ක් එක්ක අඩුම තරමින් දවස් 10ක් වත් යනව වැඩක් ඉවර කරන්න. (නදී)
කිය කියා ඉන්නවා විතරයි.කරන දෙයක් නැහැනේ ... (නි)
සංජිව, නාන ළිඳක් අළුත්වැඩියා කරන්න මොකටද කළු ගල් කියුබ් 15./20ක් ? ඔයාලා වගේ අය ඉන්නකම් මේ දේශපාලකයන් හැදෙන්නේ නැහැ. ලක්ෂ 5 කියන්නේ අලුතින් ළිඳක් හදන්න පුළුවන් ගානක් කියලා තේරෙන්නේ නැද්ද? (නි)
ගමගේ මහත්මයා.. එතකොට අලුත්වැඩියා කරනව කියන්නෙ පාරෙ වලවල් වහනව වගේ ලිඳේ කැඩුනු බිඳුනු තැන් හදන එකද?. එවානම් ඉතින් පොඩි පොඩි වැඩ තමයි. ඔයාට දැනගන්නත් එක්ක කියන්නේ.. ගම්වල තියෙන ගොඩක් පොදු නාන ලිං වලට සිමෙන්ති, කොන්ක්‍රීට් දාල නැහැ. නාන තැනට කොට දෙක තුනක් දාල තියෙන්නේ. එව්වා අලුත්වැඩියා කරනව කියන්නේ අලුතින්ම හදනව වගේ තමයි. ලිඳ වටේටම සිමෙන්තියෙන්, කලුගලෙන් බැඳලා ලිං පඩියට කොන්ක්‍රීට් දාන්න ඕනේ. කොන්ක්‍රීට් දාල හොඳට හදපු ලිඳක් උනත් කාලයක් යනකොට කඩා වැටෙනවා තෙතමනයටයි.. ගස්වල මුල් වලටයි.. එව්ව උනත් ආයෙත් අලුත්වැඩිය කරනවා නම් පරණ සිමෙන්ති බැමි, කැඩුනු කොන්ක්‍රීට් ඉවත් කරන්න වෙනවා. කිසිම තැනක නාන ලිඳක් අලුතින් නම් හදන්නෙ නැහැ. කරන්නේ අවුරුදු ගනනාවක් පාවිච්චි කරපු ලිං අලුත්වැඩිය කරන එක තමයි. මම මේ ගැන හොඳට දන්නව.. රුපියල් 50000 කින් කොන්ත්‍රාත් කාරයෙකුට ලිඳක් හදන්න බැහැ ශ්‍රමදානයකින් මිස.
මෙයා හීනෙනුත් ලිද ගැනම තමයි කියවනව ඇත්තේ .මෙයාත් අනුරගේ පොටෝ කොපියක්,(නදී)
මෙතැන අදහස් දක්වන අය නොදන්නවද මන්දා ලක්ෂ 5 වෙන් කරපු පලියට ලක්ෂ 5 වියදම් කලයුතුයි කියල නීතියක් නැහැ කියා. නිලදාරින්ට තියෙන්නේ අවම මුදලින් වැඩේ හරියට කරලා ඉතුරු මුදල භාන්ඩගාරයට යැවීමයි. දැන් හැම දේම සංදර්සන විතරයි ගහන බෙරේකුත් නැහැ බෙරේට පලුවකුත් නැහැ. කරපු හොර කම් ඔකොම අල්ලනවා කියල අාපු අය දැන් අපිට කියනවා හොරකම් ගැන දන්නවා නම් කියන්න කියලා. කමක් නැ යුද්ධේ ඉවර කරපු යහපාලනේනේ දැන් තියන්නේ (නදී)
සංජීව මහත්මයා, ළිඳක් අලුත්වැඩියා කරන්න කළුගල් කියුබ් 20ක් නම් යන්නෙ නැහැ. (නි)
සමහරු නොදන්නා දේවල් කියනවා (නි)
සංජීවද මන්දා ඔය ළිං කොන්ත්‍රාත් එක අරගෙන තියෙන්නේ? (නි)
මෙයාලා කරන කිසිවක් නැහැ. බොරුවට කෑ ගහනවා විතරයි (දිල්)
දැන්වත් කඩේ යාම නැවැත්වුවොත් හොදයි නේද?(දිල්)
කපිල බන්දුල පෙරේරාට ජයවේවා !(දිල්)
සංජීව ඇත්ත කියන්නකෝ. ඔයත් ළිඳක් හදන්න කොන්ත්‍රාත් ගත්තද? හොරුන්ගේ පැත්තට කතා කරන්නේ හොරුම තමයි. කවුරු කොහොම කිවුවත් ජනතාව ඇත්ත දන්නවා. මම නම් කියන්නේ කවුරු කළත් සල්ලි යන්නේ අපේ සාක්කුවෙන්. ඒ නිසා පක්ෂ බේද නැතුව හොරුන්ට ඡන්දෙ දෙන්න එපා (නි)
මෙතරම් මුදලක්.(හේ)
අන්තිමට හැමෝම එකතුවෙලා මහින්ද මහත්තයාවත් ළිඳට දැම්මා (නි)
හර්ෂ ද සිල්වා මහත්තයාගේ ආර්ථිකයට වඩා වෙනස් බැසිල්ගේ ආර්ථිකය. පොදු ළිඳේ රෙදි අපුල්ලන ගල විශේෂයෙන් කියලම හදවපු ගලක්. එම ගලට තමයි වැඩි පිරිවැයක් යොදලා ලක්ෂ පහක් වැයවුණේ. (නි)
පොඩි ප්‍රමාණයේ ළිදක් නම් රුපියල් 50,000 ට පුළුවන්. එත් පොදු ළිදක ප්‍රමාණය එක්ක ගණන වෙනස් වෙනවා. ලිද බදින්න ඕනේ. වටේට තාප්පේ ඕනේ. මැදින් වෙන්කරන්න ඕනේ ගැහැණු පිරිමි කියලා. එම නිසා අඩුම තරමේ රුපියල් 300,000 විතර යනවා. මේවා කතා කරලා වැඩක් නෑ ඇමතිතුමා. (හේ)