දියවන්නා කවුන්සිලේ ඉන්න හැඩකාර නෝන කෙනකුට දේසපාලනේ එපා වෙලා කියලා ආරංචියක් යනව... පසුගිය දවස්වල වැඩිය පේන්න හිටියෙ නැති මෙයා ගැන එක එක කතා යන එක ගැනත් කලකිරිලලු...
මේ නෝන දේසපාලනෙත් අතුගාලා දාන්න පළාතෙ තවත් දේසපාලුතුමෙකු ඕන වෙලාය කියලත් එයා කියනවලු...
පසුගිය ගංවතුර දවස්වල තමන්ගෙ ආසනේ ගංවතුරින් විපතට පත්වුණ අය බලල කියල උදව් කරන්න වෙලාවට ගියේ නැහැ කියන කවුන්සිල් නෝන දවස් ගණනාවකට පස්සෙ ගමේ ඇවිදින්න ගියාම මිනිස්සු එයා එනකොට ගෙවල්වල දොරවල් වහගෙන ආ අතක් බලාගන්න කීවා කියලත් ආරංචියි..
මේ නිසා හොඳටම කලකිරැණ ලස්සන නෝනා ආයෙම ඡන්ද කරන්නෙ නැහැ කියනවලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd