ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ සම්මානනීය සිංහල චිත්‍රපටය වන නිධානය සිනමා පටය සුරක්ෂිත කිරීම සඳහා නිව්යෝක් නුවර ලෝක සිනමා පදනමේ උදව් ඇතිව කටයුතු ආරම්භකරන ලද බව ඉන්දියා ජාතික චිත්‍රපට කෞතුකාගාරය පවසයි.
ජී.බී. සේනානායකයන්ගේ කෙටිකතාවක් ඇසුරෙන් 1972 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල නිධානය එම වසරේ වෙනිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී එම වසරේ නිෂ්පාදිත අද්විතීය සිනමා කෘතියක් ලෙස නම කෙරුණි. අඩ සියවසක කාලයක් සිංහලෙන් නිපදවුණ හොඳම සිනමා කෘතිය ලෙසටද නිධානය නම්කර ඇත.
මෙම අද්විතීය සිනමා නිර්මාණයේ මුල් දළසේයා පට හෝ ප්‍රදර්ශනයට සුදුසු එකම පිටපතක්වත් මේවනවිට ඉතිරිවී නැත.
දැනට එහි ප්‍රදර්ශන පිටපතකින් සකස්කරගත් දල සේයා පිටපතක් ඉන්දියාවේ පුනාහි පිහිටි ඉන්දියා ජාතික චිත්‍රපට කෞතුකාගාරය සතුව ඇතිබව එහි අධ්‍යක්ෂක ප්‍රෂන්ත් පත්රබේ මහතා පවසයි.
එම පිටපත සකස් කර ඇත්තේ මීට වසර 30කට පමණ පෙරය. දැනට එම අනුඡායා පිටපත නිව්යෝක් නුවර ලෝක සිනමා පදනමේ ප්‍රධාන පරීක්ෂනාගාරයේදී රාමුවෙන් රාමුව ප්‍රතිසංස්කරණය කෙරෙන බවත් අවසානයේදී අලුතින්ම ඩිජිටල් තාක්ෂනය යොදා නව පිටපතක් සකස්කරනු ලබන බවත් එමහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ තමන් සතු පිටපතෙහි හිමිකම දරන ජී.ආර්.පද්මරාජා මහතාත් මේසඳහා සම්පුර්ණ සහයෝගය දක්වා ඇතිබව කියන ප්‍රෂන්ත් පත්රබේ මහතා, ඇමෙරිකාවේ සංරක්ෂණ කටයුතු සඳහා මඟ පාදා දුන්නේ සම්මානනීය හොලිවුඩ් සිනමා කරුවකුවන මාර්ටින් ස්කොසේසී විසින් බවද කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩවලට බටහිරින් උදව් ගත්තට කමක් නැද්ද? (නි)
ෆිල්ම් එකේ කොපි එකක්වත් තියාගන්න බැරි වුනාද ඉතින්? (නි)
රේකාව, සංදේශය, රන්මුතු දූව, නිධානය, වැලිකතර, දෑස නිසා ,අහස් ගවුව නොදුටු දෑස් කුමටද,? අනේ අපේ සිනමාවට ගිය කලක් (අ) ,
ඇමරිකාවෙන් ලෝකේ තිබෙන ඉහලම තාක්ෂණය ගන්න පුලූවන්. ඔවුන්ගෙන් උදව් ඉල්ලාගෙන ලංකාව හොඳ රටක් කරන්න පුලූවන්. (නි)
රජයේ චිත්‍රපට අංශයේ තියනවා වටිනා වැදගත් ච්ත්‍රපට. එව්වත් නැවත ඩිජිටල් මාධ්‍යට ගන්න මුදල් දුන්නා මොනවද වුනේ ඒවට?(නදී)
මේ වගේ උසස් ගනයේ චිත්‍රපට දැන් ඉන්න පරපුරට බලාගන්නට අවස්ථාතාව සැලසිය යුතුයි. මේ වගේ හොඳ නිර්මානයක් විශේෂයෙන් ආරක්ශා කරලා තියාගන්න ඕනෑ නේද? (නි)
හොඳ චිත්‍රපටයක්.(නදී)
අධිරාජ්‍යවාදීන්ගේ තාක්ෂනය දැන් හොද වෙලාද?(නදී)
හරියට හරි පොන්සු, රට දෙකඩ කරන්න උල්පන්දම් දෙන, සිංහල සංස්කෘතිය මහා පොළොවෙන් අතුගාන්න උදේ හවස වලිකන අධිරාජ්‍යවාදීන් දැන් යාළුවො වගේ. හනේ කාටද මේවා කියන්නේ.(නදී)
අපේ පැරණි දේවල් විකුණා කන සොරකම් කර විදේශ රටවලට විකුණන කාලයක . විදේශිකයන් අපේ පුරාන වස්තුන් ආරක්ෂා කර දීමට අපි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.(ස)
ලංකාවේ සිනමා සංස්ථාවක් තියෙනවා නේද? ලංකාවේ චිත්‍රපට සංරක්ෂණය කිරීම ඒ අයගේ වගකීමක් වෙනවා නේද? (නි)
ඉතා හොඳ දෙයක්, කවුරු කළත්.ඒත් මේකේ සමහර අදහස් වලට හිනහත් යනවා.ෆිල්ම් එකක් නැවත යථා තත්වයට ගන්න යමෙක් උදව් කළ පමණින් ලෝකේ සියලු දේවල් වෙනස් වේවි කියලා හිතන අයත් ඉන්නවා. (නි)
වැදගත් කාර්යයක් (නි)
ඩීවීඩී කර්මාන්තයටත් සුභ ඵල උදාවේවි යැයි සිතෙනවා (නි)
අපොන්සු, කන්න පුලුවන්නම් කබරගොයා වුණත් මොකෑ(අ)
ලංකාවේ අයට වටින්නේ නැති වුනාට බලන්න ඒ මහතා මේ චිත්‍රපටියේ වටිනාකම වටහාගෙන තියෙන හැටි. ඔහුට මගේ ප්‍රණාමය. (නි)
මේ වාගේ අනෙක් පැරණි චිත්‍රපටි ටිකත් රැකගත්තොත් ගොඩක් වටිනවා (නි)
අපිට තොරන් පෙන්නන්ඩ අපි හරි ආසයි නිදානය වගේ කෘත හස්ත සිනමාපට නිදන් කරලා ? (අ)
අනේ අපිට මේ චිත්‍රපටිය බලන්න ලැබේවා!(නදී)
අසු තුනේ ජුලි කලබල වලදී කැලණිය පැත්තේ තිබුණු චිත්‍රාගාරයක සංරක්‍ෂණයවී තිබුණු චිත්‍රපට වැඩිදුර සංරක්ෂණය උදෙසා අපේ අධි ජාතිමාමක අවස්ථාවාදීන් ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා වගේ මතකයි, මමත් එදා එතනින් ගිය නිසා දන්නේ.(නදී)