(ඉන්දිකා රාමනායක)
අවිස්සාවේල්ල නගරය ආසන්නයේ පිහිටි නිවසක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අද (28) අලූයම අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම නිවස තුළ පිරිසක් නිධන් හාරන බවට විශේෂ කාර්ය බළකාය වෙත ලැබුණු තොරතුරක් මත විශේෂ භට කණඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම නිවසේ හිමිකරු හිටපු ගුරුවරයෙකු බවත් ඔහු විසින් පුද්ගලයන් පිරිසක් යොදා ඔහුගේ නිවස තුළ නිධන් හාරා ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන්, කඩුවෙල, කොස්ගම, හැටහැත්ත, අවිස්සාවේල්ල, යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ ගේ ඇතුලේ මොනවා හෑරුවම මොකද?
එක එක අනාවැකිකාරයින්ගේ කීමට ගෙවලුත් හැරලා පොලිසියේත් ලැග්ගම ඇඟට සනීපයක් දැනේවි. කරුමෙට කකුල් නැහැ කියනවනේ... ගෙවිලම ඉවර වෙන්න ඕනෑ.
මහබැංකු හොරා කන අය අල්ලන්නේ නැහැ. අහිංසක මිනිසෙකු ගෙදර දේ ගන්න ගියාම නීතිය අකුරටම ක්රියාත්මකයි...
හොඳට බලන්න... ඔතැන අපේ සජිත් ඇමැතිතුමාත් ඉන්නවද කියලා...
සජිත්ගේ නඩේ අය වෙන්ඩ ඇති.