නිධන් හාරා පුරාවිද්‍යා බිම් වනසන්නවුන් මැඩීමේ අරමුණින් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා පුරාවිද්‍යා නිලධරයන් සමග කටයුතු කිරීමට යයි. නිධන් හෑරීම, ස්මාරක වැනසීම ආදීයේ යෙදෙන්නවුන් වැටළීම සඳහා මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, අම්පාර ඒකක පහක්ද පිහිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පළාත්බද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ ඒකක ක්‍රියාත්මත වේ.ප්‍රධාන ඒකකය කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිහිටැවේ. අඩුගණනේ නිදන් හෑරූ සිද්ධි 115ක් පමණ මෙමෙ වසරේ වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කොළඹ - 011 7222333, මහනුවර - 081 2234952, ත්‍රිකුණාමලය - 026 2224952, අම්පාර - 063 5683000, කුරුණෑගල- 037 2230206, අනුරාධපුරය - 025 2224680
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිධන් හොරුන් අල්ලන්න පොලිස් ඒකකයක්
රජිත් මංජුල Tuesday, 29 May 2012 11:17 PM
පුරාවිද්‍යා නිලධාරීන්, පොලිසිය විතරක් මදිනෙ ඔය වැඩේට... කපුවො හවුල්කරගන්න එපායැ....
ප්‍රියන්ති අල්විස් Wednesday, 30 May 2012 01:00 PM
ඔය කරන තරමක් දූෂණ අපරාධ කරන්නේම පිරිමි තමයි. පිරිමි නැත්නම් මේ රට ගොඩක් හොඳයි
විජය Tuesday, 29 May 2012 11:48 PM
නිදන් හොරැ අපේ රටේ ඉන්නවා... ?? නෑ.. වෙන්න බැහැ...
ජයන්ත Wednesday, 30 May 2012 01:09 PM
ප්‍රියන්ති අල්විස් මිස්, ඔයාට පිරිමි ඇලජික් වුණාට ඔයාගේ නමේ අගය තියෙන අල්විස් කෑල්ලත් පිරිමි කෑල්ලක්නේ
ඇටකිච්චා Wednesday, 30 May 2012 01:49 PM
නෑ නෑ.ඕක හරියන්නේ නෑ. අපි ඕක ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට භාර දෙමු
ප්‍රියන්ත Wednesday, 30 May 2012 01:29 AM
කුමාර තාම තොත්ත බබෙක් වගේයි, තාම සූප්පුවෙන්ද කිරි බොන්නේ...
ඇටකිච්චා Wednesday, 30 May 2012 01:20 PM
මම එහෙම කිවුවේ ඒ ගොල්ලොත් පුරා වස්තු නිසා තමන්ගේ කට්ටිය ආරක්ෂා කර ගන්න ඕනි නිසයි
රම්සි Wednesday, 30 May 2012 02:04 PM
මම නම් කියන්නේ ඕකට බහිරවයෙකුත් සෙට් කර ගන්න කියලා
තිලෝෂණ Wednesday, 30 May 2012 05:39 AM
අනේ බොරැවට එකක් දාන්න එපා...
සරත් Wednesday, 30 May 2012 02:18 PM
දැන් නම් ගන්න දෙයක් ඉතිරි වෙලා නෑ. කටුගේ තියෙන එකකවත් රැකගන්න බැරි වෙවි. ඒකේ අනිත් ඒවා ගැන මොන කථාද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 03:08 PM
අචිනි, ඔයාට සැක ඇතිවීම සාධාරණයි. මොකද පොලිසිය මොන වැඩේ කළත් මිනිස්සු බලන්නේ වැරදි ඇහින්.ඒක නිසා.නමුත් අපි මේ සමාජයේ මේ තරම් හරි හොර හතුරන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්නේ හමුදාව හා පොලිසියේ මහත්වරු නිසා බව ඔයා අමතක කරන්න එපා..පොලිසියේ මහත්වරු හොඳ වැඩක් කරන්න යනකොට ඒ නිසා අපි අශිර්වාද කරමු. අපේ සහයෝගයත් ඒ අයට ලබා දෙමු.හමුදාවේ සහ පොලිසියේ ඉන්නෙත් මගේ ගොඩක් යාළුවෝ මිත්‍රයෝ තමයි.ඒ වගේමයි ජන මාධ්‍ය මිත්‍රයනුත්. ඉතිං මේ හැමෝම අපිට අවශ්‍යයි..
ප්‍රියන්ති අල්විස් Wednesday, 30 May 2012 03:10 PM
අපෝ.. පිරිමි හරිම ජරා ජාතිය..හරිම චපලයි.. කිසිම විදිහකින් කිසිම පිරිමියෙක් විශ්වාස කරන්නේ නැහැ මම නම්..
කිරිමාටින් Wednesday, 30 May 2012 09:19 AM
නරින්ට කුකුල්ලු භාර දුන්න වගෙයි......විහිඵවක් නේ මේක....
වීරසේකර Tuesday, 29 May 2012 04:45 PM
ඕවා අල්ලන්න ගිහින් නිකං බොරුවට දුර පළාත් වලට මාරු වීමුයි මරණ තර්ජනයි විතරයි ලැබෙන්නේ
ප්‍රියන්ත Wednesday, 30 May 2012 09:56 AM
කුමාර අරය හොඳ බබෙක් එයා මොනවත්ම දන්නේ නෑ...
මුසයින් Wednesday, 30 May 2012 10:42 AM
නීතියෙන්ම නරින්ට කුකුල්ලු ටික දෙන්ඩයි යන්නෙ........... ඕන්
ප්‍රියන්ත Tuesday, 29 May 2012 04:21 PM
මේක ප්‍රසිද්ද රහසක්නේ.....තව මොනව අල්ලන්නද ? හොරු කවුද කියල අපි දන්නවා....
සමන්ත Tuesday, 29 May 2012 05:02 PM
ඉතින් ඊට පස්සේ පොලීසිය වටේ ඉන්න අය අල්ලන්නේ කවුද? බහිරවයටත් බැරිවෙයි නිදන් රකින්න.
කරෝලිස් Tuesday, 29 May 2012 04:27 PM
හොරැ අල්ලන්න තවත් නිධන් ඉතිරිවෙලා තියෙනවාද??
ජොලි බොයි Tuesday, 29 May 2012 05:13 PM
ඔය ඉතිං ඉල්ලගෙන කන්නයි හදන්නෙ....
අචිනි Tuesday, 29 May 2012 05:14 PM
බොරැ කතා ඕව කරන්නෙ කවුද කියල පොලිසිය දන්නේ නැති වුනාට රටම දන්නවා....
මර්වින් Tuesday, 29 May 2012 04:37 PM
නියමයි... ජයවේවා!
රොහාන් සෙනෙවිරත්න Tuesday, 29 May 2012 04:56 PM
නඩුත් හාමුදුරුවන්ගේ,බඩුත් හාමුදුරුවන්ගේ....
ෆිරෝ Tuesday, 29 May 2012 05:41 PM
පොලිසි වල ලොක්කොත් මේකට සම්බන්ධ වෙද්දි කොහොමද හොරු අල්ලන්නේ?
රෝහන Tuesday, 29 May 2012 05:53 PM
මෙන්න මේ ප්‍රියන්ත කියන යෝදයව අල්ලගත්තනම් ඇති අපරාදෙ මෙච්චර වියදම් කරන්නෙ. එයා දන්ව කයන්නෙ කවුද කියලා
බබී Tuesday, 29 May 2012 05:56 PM
ඔන්න වැඩ පටන් ගත්තා
රජිත් මංජුල, Tuesday, 29 May 2012 05:34 PM
මම මේකේ නිදාන කතාව කියන්නද ? පොට්ට ආච්චිට කණවැල අල්ලන පොට්ට සීය වගේ.
කිවී Tuesday, 29 May 2012 05:45 PM
අරගොල්ලො හාරනවා.........මේ ගොල්ලො අල්ලනවා.............මරේ මරු.....
සම්පත් කුමාර Tuesday, 29 May 2012 06:36 PM
ළගදව අපිට ආයෙත් මේ පුවත සම්බන්ධයෙන්ම ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙයි....
එස්.කේ. Wednesday, 30 May 2012 12:07 PM
පොලීසියෙ අය හොරු අල්ලන්න දන්නෑ අනේ.....
හනුමා Tuesday, 29 May 2012 07:25 PM
බහිරවයට සෙල් ෆෝන් 1ක් දුන්නනම් ඔත්තුව දෙයි නියමෙට....
රේනු Tuesday, 29 May 2012 06:52 PM
අපෝ ප්‍රමාද වැඩියි , දැන් දළදා වහන්සේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ...
විභූති Tuesday, 29 May 2012 07:35 PM
ඉතින් ඊට පස්‍සේ නඩුත් හාමුදුරුවන්ගේ ,බඩුත් හාමුදුරුවන්ගේ...
ප්‍රේම් Tuesday, 29 May 2012 07:01 PM
හොරගෙ අම්මගෙන් පේන අහන්නද හදන්නෙ
ප්‍රයන්ත Tuesday, 29 May 2012 08:05 PM
රොහාන් කියන්නේ බබෙක්...මම හිතන්නේ...
අලිබබා Tuesday, 29 May 2012 08:51 PM
ඔය නිධන් හොරුන් සමිබන්ධව ඉහල පෙලේ දේශපාලඥයන් ඉන්නවා. ඒවගේම පාතාලේ උදවිය ඉන්නවා.පොලිස් නිලධාරීන් හමුදානිලධාරීන් ඉන්නවා. එතකොට මෙක අල්ලන්න පත්කරන්න ඕනා බලතල තියෙන ජාත්‍යන්තර මටිටමේ නිලධාරි මඩුල්ලක්. නැත්නමි වැටලීම කෙසේ වෙතත් වටලන්න යන අයට වෙනමම ආරක්ෂාවක් සපයන්නවෙයි.
කුමාර මෙන්ඩිස් Tuesday, 29 May 2012 10:37 PM
ප්‍රියන්ත විතරක් නෙමේ හොරු කවුද කියල රටම දන්නවා.රෝහන දන්නේ නැති වුනාට.