IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


නිධන් හෑරූ 6ක් දැලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත මුගුණුවටවන ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි හය දෙනෙකු හා කැබ් රථයක් සමග හලාවත මුලස්ථාන පොලිසියෙ නිළධාරින් කණ්ඩායමක්  මගින් අද (16) අත් අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රාගම පදිංචි කරුවන් තිදෙනෙකු හා හලාවත, හෙම්මාවතගම හා බිංගිරිය යන ප්‍රදේශ වල පදිංචි කරුවන් තිදෙනෙකු බව කියයි.

මුගුණුවටවන ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක මල්පහන්  සුවද දුම් වලින් යහන් සකසා නිදන් හාරමින් ඇති බවට ලැබුන තොරතුරක් මත හලාවත මුලස්ථාන පොලිසියෙ දුෂණ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරි පිරිසක් අදාල ස්ථානය වටලා එහි රැදි සිටි සැකකරුවන් අත් අඩංගුවට ගත් බව කියයි.

අදාල ස්ථානයෙ අඩි 15 වැඩි ගැඹුරට කැණිම් කර තිබු බවත් බුලත් මල් යහන් සකසා නිදන් හැරිමට කටයුතු කරමින් සිටි බව කියයි.

සැකකරුවන් හය දෙනෙකු සමග එම ස්ථානයෙ කැණිම් වලට යොදා ගැනුන ආයුධ තොගයක් සමග මෙම පිරිසට අයත් කැබ් රථයක්ද පොලිස් භාරයකට ගෙන තිබුනී.

අත් අඩංගුවට ගත් සැකකරුවන් හලාවත අධිකරණයට 16 දින ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර මෙම සැකකරුවන් පිළිබදව මේ වන විට පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබලියු.ඩි.එස්.පත්මකුමාර මහතාගෙ උපදෙස් මත දුෂණ මර්ධන අංශ ස්ථානාධිපති ඒ.ඩි. දිල්රුක් මහතා සමග නිළධාරින් පිරිසක් එක්ව තිබුනී.

 

 



අදහස් (0)

නිධන් හෑරූ 6ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 841 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1265 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site