(ගයාන් සූරියආරච්චි)

වාලච්චේන, කල්ලිච්චිය පලෙයි රක්ෂිතයේ නිදන් හෑරූ සැකකරුවන් 10 ක්  අත්අඩංගුවට ගත් බව වාකරේ පොලිස් විශේෂ කාර් ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර් ය බළකායට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර කැණිම් සිදුකිරීම සදහා යොදාගත් උපකරණ ද අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර් ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 64 ත් අතර පසුවන තඹුත්තේගම, අනුරාධපුර, පරාක්‍රම සමුද්‍රය, මුරුතලාව, පොළොන්නරුව සහ වැලිකන්ද ප්‍ර දේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

වැඩිදුර විමර් ශන සදහා සැකකරුවන් සහ උපකරණ වාලච්චෙන් පොලිසියට බාර දී තිබෙ.