කොටදෙණියාව දැරිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද (1) නිදහස් කළ පාසල් සිසුවා සහ එක්දරු පියා මීට සුළු මොහොතකට පෙර ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
කොටදෙණියාව පොලිසියේ දින කිහිපයක් රඳවාගත්මේ දෙදෙනාට පොලිසියෙන් පහර දී ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියෙ පුරුද්ද මොකක් හරි උනාම ඒ පැත්තෙ ඉන්න අහිංසකයෙක් අල්ලගෙන ගහන එක. ඒකට ආවඩන අපේ මිනිස්සුත් ඉන්නවනෙ. (ස)
ප්‍රහ්න කිරීම සාමාන්‍ය දෙයක් නමුත් ඒවා ප්‍රසිද්ධ කිරීම වැරදි ඔප්පු වෙන තුරු.......(ම)
පොඩි මිනිසුන්ට පමණක් ඇයි මේ කෙණෙහිලි? (නි)
ඔහුට සාධාරණය ඉටුවේවා! (නි)
පොලිසිය මීටවැඩිය වගකීමෙන් වැඩ කළයුතුයි (නි)
පවු අර අහිංසක ළමයා! (නි)
ඔහුට ඉක්මන් මානසික සුවය ලැබේවා! (නි)
පොලිසියට මේක කළු පැල්ලමක් (නි)
දැන් ඉතින් ඒ සිසුවාගේ මානසික මට්ටම කෙලෙස ඇද්ද? (නි)
රටවැසියන් වන අපි සැම ඔබ සමඟයි (නි)
ලංකාවේ පොලීසියට මේක විතරක් නෙමෙයි, කළු පල්ලම් කොච්චර තියනවද? මේ අහිංසකයන්ට සාධාරණයක් ඉටුකිරීමට වගකිවයුතු ඉහළ නිලධාරීන් ඉදිරිපත් වියයුතුයි යන්න මගේ හැඟීමයි. මෙවැනි සිද්ධි සිදු නොවීමට මෙන්ම ලංකාවේ පොලිසියේ ගෞරවය රැකගැනීමටද වගබලා ගැනීම කාගේත් යුතුකමක් (නි)
මම නම් කියන්නේ අපේ පොලිසියට දොස් කියන්න එපා. (නි)
අප රටේ තිබෙන පොලිස් සංදර්ශනයි, මාධ්‍ය සංදර්ශනයි, දේශපාලකයින්ගේ පුහු සංදර්ශනයි වලට ඉක්මනින්ම තිත තැබිය යුතුයි.රට යහමාර්ගයට ගන්න නම් නිවරදි වියයුතු ප්‍රධානම තැන් තුන තමයි ඔය.ජනතාවගේ ඉවසීම පාලනය කරන්න නම් ඉහත ආයතනයන් නිවැරදි වියයුතුය.අවංක වියයුතුයි. සෘජු විය යුතුයි (නි)
නීති ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරීන්ට මේක තව එක මනුස්සයෙක් හිරේයාමක් හෝ නිදහස්වීමක් පමණයි. එහෙත් වරදක් නොකරන මිනිසෙකුට මේක මුළු ජීවිතයම වෙනස්වන සන්ධිස්ථානයක්. (නි)
පොලිසිය හිතුමතේට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ පහරදීම් නතර නොකළහොත් මහජනයාගෙන් දුටු දුටු තැන පහරකෑම් වලට පොලිසිය පත්වන දිනය වැඩි ඇතක නොවනු ඇත. හේතුව මිනිසුන්ගේ ඉවසීමේ සීමාව, අප්‍රසාදය බොහෝදුරට පමණ වඩා ඉක්මවා ගොස් ඇත. (නි)
මේ අයට දුටු තැන ගහමු (බ)
මට එහෙම ඔහොම වුනානම් ඇත්තටම එහෙම දෙයක් කරන්න හිතෙනවා. (බ)
මට මෙහෙම කලානම් උගේ පරම්පරාවම ඉවරයි(ම)
මොන පාලකයා අාවත් මේවා වෙනස් කරන්න බෑ (බ)
අපරාධ කරුවන් ඇල්ලීමට මීට වඩා දියුණු ක්‍රම තියෙද්දී වධ දීම ප්‍රමුඛ කොට සලකන්නේ අැයි ? කරුණු රැස් කිරීම සඳහා අහුවෙන අහුවෙන හැම කෙනෙක් ටම වදහිංසා කිරිම අසාධාරනයි. වෙනත් විද්‍යාත්මක සාක්ෂි වලින් කරුණු සනාථ වෙන්නට පෙර අපරාධකරු නිදැල්ලේ සිටිද්දී අහිංසකයන් ට මෙසේ වධ විදින්ට සිදුවීම පොලිසියේ අකාර්යක්ෂකම..හුඟක් දක්ෂ නිලධාරීන් ඉන්නවා .. නමුත් මේ අපරාධය සම්බන්ද පොලිස් ස්ථානාධිපති නම් අදක්ෂයි (බ)
මේ ළමයව මුලින්ම ගෙනිච්ච කියන්නේ පොලිසියකට නෙමේ. අන්න එක ලොකු ප්‍රශ්ණයක්. සැක කරුවෙක් අත් අඩංගුවට ගත්තම පොලිසියට නැතුව ගෙනියන වෙන අමුතු තැන් වල කාමර තියෙනවද? ඒ කොහොමද එහෙම වෙන්නේ. (බ)
ලංකාවේ පොලිසිය අද කාලේ හැටියට දියුණු වෙලා නෑ. මටත් එක තේරුණේ මගේ ක්‍රෙඩිට් කාඩ් එක නැතිවෙලා පැමිණිල්ලක් දාන්න ගියාම. පැමිණිල්ල ලියා ගත්ත නිලධාරියාගේ දැනුම මදි ඒ වගේ පැමිණිල්ලක් ලියා ගන්නවත්. පොඩි කාලේ මගේ පා පැදිය උස්සල ඒ පැමිණිල්ල දාන්න ගියාම ඒගොල්ලෝ ලියා ගත්තේ වත් නෑ. ලිව්වොත් විභාග කරන්න වෙනවා කියල ලියන්න එපා කිව්වා. පොලිසියට පැමිණිල්ලක් දාන්න ගියාම මුලින්ම කියන්නේ "ඔයාල පැමිණිල්ල ලිව්වොත් අපි සැක අයව ගහල ප්‍රශ්න කරනවා කියල. එතකොට අපිට බනින්න එපා". කියල. මන් වැඩ කරපු තැනක හොරකමක් වෙලා එතන වැඩ කරන පියන් ට බූට් සපත්තු වලිනුය් පී.වී.සී බට වලිනුය් ගහල ගහල එව්වා. අල්ලපු හොරෙකුත් නෑ. ලංකාවේ පොලිසිය ගැන විස්වාසයක නෑ වැඩිය කාටවත්. නොකරම බැරි පැමිණිල්ලක් මිසක් කව්රුවත් පොලිසි යන් නෑ. පොලිසියට උදව් කරන්නෙත් නෑ. මේක අපරාද කාරයන්ට ලොකු වාසියක්. පොලිසියි සමාජයෙන් ඇත් වෙලා. (අ)
අපේ රටේ පොලිසියත් අනිත් රාජ්‍ය ආයතන වගේම තමයි. කිසිම කොලිටි එකක් නැහැ. (ම)
තමන්ගේ තරු පටි රැක ගන්න, පුතේ නුබට ජය.! (ර)
පවු ලංකාවේ පොලිසියට මුකුත් කියන්න එපා.. මට මතක් වෙන්නේ කාලෙකට කලින් ඉරාජ් අයියා හදපු පොලිසිය ගැන කියවෙන සිංදුව "පොලිසිය... ලංකාවේ හොඳ පොලිසිය... ජනතාවගෙ හිත දිනාගත්ත... ලෝකෙ හොඳම පොලිසිය... අපෙ ලංකාවෙ පොලිසිය..." (බ)
ඔන්න කොල්ලෝ උඹට හැදෙන්න හරි නැති වෙන්න හරි හොද අත් දැකීමක් ජීවිතේට ලැබිල තියෙනවා..උඹට මේ අත් දැකීම විදින්න වුනේ පාසල් ළමයෙකුට නොගැලපෙන උඹේ කල් ක්‍රියාව ගමේ මිනිස්සුන්ට හිසරදයක් වුණු නිසා..මම හිතන්නේ මේක උඹේ ජීවිතේට නරකකට වෙච්ච දෙයක් නෙමෙයි උඹව යහමගට ගන්න දෙවියෝ දීපු පොඩි දඩුවමක් විතරයි කියල...සමහර විට මේ දේ නොවුනානම් උඹ මෙතුවක් ආ ගමන ඉදිරියටම ගියානම් ඉදිරියේදී ලොකු සමාජ පිළිලයක් වෙලා ජිවිතේ අකාලයේ විනාශ කර ගන්න ඉඩ තිබුන...හොදින් හෝ නරකින් දැන් උඹට හිතන්න අවස්ථාවක් ලැබිල තියෙන්නේ..ඉදිරියේදී මේ සිදු වුනු දේ පාඩමකට අරගෙන ජිවිතේ ජය ගන්න උත්සහ කරපන්..නරක සමාජ ඇසුරින් මිදියන්..කවද හරි උඹ සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙච්චදාක ජීවිතය ජයගත් දාක ඒ අහිංසක සේයා නංගිව සිහි කරලා සසර වසන තුරු එහෙම විපතක් ඒ දැරිවිට ආයේ සිද්ධ වෙන්න එපා කියල පතල හැමදාම ඒකිට පින් දීපන්..ඒකී ජිවිතේ දුන්නේ සමහර විට උඹේ ජිවිතේ ගලවගන්න වෙන්න ඇති..(බ)
ලංකාවේ පොලිසිය ගැන දැන් කිසි පැහැදිමක් නෑ මේ වාගේ සිදුවිම් කියක් වුණාද අහිංසකයන් තමා අහුවෙන්නේ (ම)
පාසල් යන ළමයෙකුට ගහන්න පොලිසියට පුළුවන්ද? (නි)
පෙර කළ පවට පුතා නුඹ පව් ගෙවන කල... මිනිසුන් සිටී නුඹ දෙපළගේ පපුතුලෙ සද.. පැමිණෙනු ඇත දිනක නව හිරු නැඟෙන විට.... ඉවසපන් පුතුනේ ඒ දින සළකනු ඇත නුඹට මෙසේ කළ අයට..... (නි)
මේ පාසල් දරුවාගේ මානසික අවපාතය යලි සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ සමාජ අනුකම්පාව නොව නිතිය ක්‍රියාත්මක ආයතන වඩා හොඳ ක්‍රමවේදයක් මගින් අපරාධකරුවන් සොයායාමයි සිදුවූ වරද නිවැරදි කර ගැනීම පොලිසියේ වගකීමයි.(අ)
මේ නිලධාරීන් සේවයෙන් පහ කළ යුතුය (බ)
ලංකාවේ පොලිසීය හැසිරෙන්නේ වෙනම ලෝකයකින් ආපු මිනිස්සුන් පිරිසක් විදයට. (බ)
අනේ අපේ පොලිසිය! (නි)
පිවිතුරු යහපාලට හුඟාක් දෙනෙක් බැන්නාට බලන්න එයා කොච්චර සංවේදී මිනිසෙක්ද කියලා. යහපාල මහත්තයෝ මෙතුවක් කල් මම ඔබ ගැන සිතා සිටිය හැටි වැරදියි. ඔබෙගේ අගනා ඔවදන් පිළිපැද්දොත් අර ළමයාට ගොඩ යා ගත හැකියි. ඔබට බුදු සරණයි! (ර)
මේ දරුවට උන අසාදාරණේ ගැන හදපු සින්දුවක් ද දැන් අන්තර්ජාලයෙන් ප්‍රචාරය වෙනවා අමු සිංහලෙන් සින්දුව හදලා තිබුනත් කියලා තියෙන්නේ සහතික ඇත්ත.. (ර)
අපරාධකරු හඳුනාගෙන අවසාන නම් දැන් අසාධාරණයක් වූවනට අදාල දෙපාර්තමේන්තු වලින් වන්දි ගෙවන්න. (නි)
දැන් බලමුකෝ අපි මානව හිමිකම් කොමිසමට මොකක්ද කොරන්න පුළුවන් කියල ..පොලිසියට දඬුවම් දෙයි මේන් කියල . (ස)
මේ අහිංසකයාට සිදුවුණ අසාධාරණයට වන්දි මුදලක් ලබාදුන්නොත් නේද හොඳ? (නි)
ජීවිතේ එක වතාවයි පොලිසියට ගියේ යුක්තිය සොයා... ඒත් වැඩක් නැහැ, එයාලා අපි මෝඩයින් ලෙසයි හිතන්නේ. (නි)
පොලිසියේ කෙනෙකුටත් මෙහෙම වුණා නම් තේරෙයි මේකේ බරපතළකම (නි)
ළමයාගේ චරිතය කෑවේ මාධ්‍යයෙන් (බ)
පිවිතුරු යහපාල නුඹ නම් මහා පුදුම මනුස්සයෙක්. නුඹගේ මොලයේ සිදුවෙන ඒ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය හේතුකොටගෙන පාසල් දරුවා පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණ, දරුවා ගැන තැබූ සටහන එසේ වී නම්, නුඹ විසින් මෙම තිරයට ලියන සමහර අදහස් ගැන නුඹව ගල්ගසා මරා දැමිය යුතු යැයි පාඨකයින් තීරණය කළ යුතුව තිබුණි. නමුත් එසේ සිදු නොවුනි. මන්ද නුඹ නොදැන කරන හෙයින් නුඹට අනුකම්පා කළ යුතු යැයි ඔවුන් සිතන බැවිනි. අසාධාරණය, වහල් මනසකට සම්පතක් හෝ පාඩමක් යැයි සිතන නුඹ වැන්නන් හට හැර, මෙලොව වෙසෙන තවත් අයෙකුට එවැනි අසාධාරණයක් සිදු නොවේවා යැයි මම ප්‍රාර්ථනා කරමි!! (බ)