පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යය නායක සමුළුව පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන සුවිශේෂිත අමුත්තන් හැකි පමණින් රිජ්වේ ආර්යා ළමා රෝහලට කැඳවා ශ්‍රී ලංකාවේ ළමා පරපුරට නොමිලේ සලසන නිදහස් සෞඛ්‍ය පිළිබඳ ලොවට ප්‍රකාශ කිරීමට අවස්ථාවක් කර ගන්නා බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා පවසයි.
‘ළමා රෝහලින් ජාතියේ දරුවන්ගේ සෞඛ්‍යය නඟාලීමට නොමිලේ සලසා දෙන සේවාවට හා සමාන සේවා සැපයීමේ රෝහල් ලෝකයේ ඉතාම දුලබ බවත් දළ වශයෙන් 4,000,000 ක් පමණ වන ලාංකික දරු පරපුරේ තෘතීයික ළමා රෝග වලට ප්‍රතිකාර කිරීම අඩු වියදමින් වැඩි සේවාවක් සැපැයීමේ දුලබ උදාහරණයක් ලෙස ළමා රෝහල සැළැකිය හැකියි.දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන විවිධ ජාතීන්ට අයත් දරුවන්ට කිසිදු බේදයකින් තොරව සේවා සැපයීම උසස් මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන බලවත් උදාහරණයකි.‘
මෙම අවස්ථාවේදී එම සත්‍ය ලොවට හඩ නඟා කීම ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබද නැගෙන චෝදනා වලට බලවත් ප්‍රති උත්තරයකි.ලොව සියලුම මාධ්‍යයන්ගේ අවධානය යොමු වන අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු දෙනාගේ යුතුකමක් බව ඒ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
608
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහස් සුව සේවාව බලන්න
ලක්ෂ්මන් Monday, 21 October 2013 06:05 PM
ඉතාමත් අනගි වැඩක්.ශ්‍රී ලංකා නාමය සැමදා දිනේවා! (නි)
රංජිත් සිල්වා Monday, 21 October 2013 02:17 PM
මෙවැනි උතුම් අදහස් ඇත‍්තේ මිනිසුන්ට නොව දෙවියන්ටය. ඔබ සැම දෙවිවරුය. (ස)
පෙරේරා Monday, 21 October 2013 03:54 PM
ඉතා හොඳ අදහසක් .ඒ සඳහා ඔබතුමාට ශක්තිය ලැබේවා පතමි. (ස)