මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැතිවරයාව සිටිය දී 2006 වසරේදී ක්ලේමෝ බෝම්බයක් අටවා ඇමැතිවරයා මරා දැමීමට උත්සාහ කළැයි දස වසරක සිරදඬුවමක් ලැබ ජනපති සමාව ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයා අද ජනපතිගෙන් සමාව අයැදීය.

තමාට නිදහස ලැබේයැයි කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකළ බව ද ඔහු කීවේය.

ඉදිරි ජීවිතය යටපත් ලෙස ගත කරමින් රටට වැඩදායී පුරවැදියකු ලෙස ජීවත් වන්යැයි ඔහුට අවවාද කළ ජනපති ඔහුගේ ඉදිරි ජීවිතයට සුබ පැතීය.