ඇරිවා යනු ලෝකයේ න්‍යෂ්ඨික ශක්තිය නිපදවන ලෝකයේ ප්‍රමුඛ පෙලේ ප්‍රංශ සමාගමකි. න්‍යෂ්ඨික ශක්තියෙන් විදුලිය නිපදවන ලෝකයේ ප්‍රමුඛයෙකි. යුරේනියම් ආකර ආශ්‍රිත්‍රව කර්මාන්ත ශාලා පිහිටා ඇති මෙම සමාගම නයිජෙර් හි විශාල වැඩ බිමක් ස්ථාපිත කර ඇත්තේය.එයට අනුබද්ධ නයිඡේර් හි පිහිටි ආර්ලිට් වැඩ බිමට ආසන්න ස්ථානයකදී 2010 සැප්තැම්බර් මස 16 වෙනිදා එහි සේවය කරන ප්‍රංශ ජාතික නිලධරයෝ සිව් දෙනෙක් පැහැර ගනු ලැබූහ. මධ්‍යම අප්‍රිකාව ප්‍රධාන කොට ක්‍රියාත්මක උතුරු අප්‍රිකානු අල්කයිඩා සංවිධානය හෙවත් අක්මී විසින් මෙම පැහැර ගැනීම සිදු කැරිණි. නයිජර්හිදී පැහැර ගත් ඔවුහු කාන්තාර හරහා කිලො මීටර 1500 දුරක මාලි රටේ ඊසාන දිශාවේ ස්ථානයක අත් අඩංගුවේ තබා ගනු ලැබූහ.
මේ වන විටත් ඔවුන්ව විනාශ කිරීම සදහා ප්‍රංශ හමුදාව මාලි රටේ සටන් බිමේ සිටිති. කෙසේ නමුදු වසර තුනකට ආසන්නව ඔවුන් ගැන තොරතුරු සොයමින් සිටීමට ප්‍රංශයට සිදුවිය. මධ්‍යම අප්‍රිකාවේ ඉහත තස්ත්‍රවාදි කන්ඩායම විසින් යුරෝපා ජාතිකයින් පැහැර ගනිති. එවැනි බොහෝ අවස්ථා වලදී කප්පම් ලෙස ඉල්ලන්නේ කෝටි ප්‍රකෝටි ගනනින් මුදල්ය. සමහර විශේෂ අවස්ථාවලදි ඉහත සමාගම් මුදල් ලබාදී ප්‍රණ ඇපකරුවන් බේරාගත් අවස්ථාද ඇත්තේය. මෙසේ හෙයින් මුදල් ලබා දීමෙන් ප්‍රාණ ඇප කරුවන් බේරා ගැනීමට ප්‍රංශ ජනාධිපති දැඩි ලෙස විරුද්ධය. මෙවැනි පරිසරයක ප්‍රංශ රහස් ඔත්තු ජාලයේ දස්කම් හේතු කොට ඉහත ප්‍රණ ඇපකරුවන් පණපිටින් බේරා ගැනීමට හැකි වුයේය. එසේ නිදහස ලැඛෙන ප්‍රණ ඇපකරුවෝ ප්‍රථමයෙන් ප්‍රංශ රහස් ඔත්තු සේවා රැකවරනයේ විශේෂ පොලිස් ආරක්ෂාව සමග විශේෂ වෛද්‍ය කන්ඩායමක පරීක්ෂනයකට භාජනය කෙරේ.ඉන්පසු අඩුම තරමින් දින තුනකට පමන පසු තම අඹු දරුවන් හා ඥාතීන් ළඟට පැමිනීමට අවකාශය ලැබේ.
එලෙස නිදහස ලැබු ප්‍රංශ ජාතික පියෙර් ලෙ ග්‍රොන්ඩ්,මාර්ක් පෙරෙට්, ටෙරි ඩොල් හා ඩැනියෙල් ලැරීබ් දින එක්දහස් එකසිය තිස් නමයකට පසු පසුගිය 29 වෙනිදා නිදහස ලදහ. මාලි රටේ උතුරු දිග ඊසාන දිශාවෙන් නිදහස් කරගත් ඔවුන් එතැනින් දකුණු දිශාවේ පිහිටි කිඩාල් නගරයටත් ඉන්පසු නයිජීරීයන් ගුවන් හමුදාහෙලිකොෆ්ටර් යානාවකින් නයිජීරියා නියාමේ ගුවන් තොටුපොලට රැගෙන එනු ලැබූහ. නිදහස ලැබු ඔවුන් භාරගෙන රැගෙන ඒමට ප්‍රංශ විදේශ ඇමති මිතොරොන් රජයේ හිටපු අගමැති ලෝරන්ට් පැබියුස් හා ආරක්ෂක ඇමති ජෝන් ඊව් ලෙඩේරන් නයිජෙර්හි අගනුවර නියාමේ බලා විශේෂ ගුවන් යානයකින් පැමිනියාහ. නිදහස ලැබු ඔවුන් ප්‍රංශ රජයට භාර දීමට නයිජෙර් ජනාධිපති මහොමොඩු ඉසෝෆුද පැමින සිටියේය. ඔවුන්ව බේරා ගැනිම සදහා විශේෂ වැඩ කොටසක් ඉටුකලේ නයිජෙර් ජනාධිපතිය. ඔහුට ප්‍රංශ රහස් ඔත්තු විශාරද සහායද ලැබුනේය. එසේ නිදහස ලැබු ඔවුන් පසුගිය 30 වැනි බදාදා පැරීසියට ආසන්නව පිහිටි විලාකුබ්ලේ හමුදා ගුවන් තොටුපොළේදි ඔවුහු මව්බිම සිප ගත්හ. ඔවුන් පිළිගැනීමට ප්‍රංශ ජනාධිපති ප්‍රංශ හොලන්ඩ් ද පැමින සිටියේය. දෙමාපියන්, අඹුදරුවන්, ඥාතීන්, අතරට එක්වු ඔවුන් සියල්ලෝ කඳුළු කැට සමග සතුට බෙදා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළවැනි ලෝක යුද්ධය ආරම්භ වුණ විට ඉතිහාසඥයන්ගේ මත වලට අනුව 'බාසෙල්' ප්‍රංශ උතුරු දේශ සීමාවේ සිට පැමිණි ජර්මන් හමුදාව ප්‍රංශ හමුදාව මර්දනය කළේ "තිරිඟු කපා බිම හෙළන්නක් මෙනි". නමුත් පළමු ලෝක යුද්ධය අවසානයේ 1919 දී 'ක්ලේමන්සෝ' අගමැතිවරයා ප්‍රංශය ලෝක බලවතකුගේ තත්වයට පත් කළා. (නි)
පිටිගල මිලානෝ ඉතිහාසයත් වෙනස් කරනවා. ප්‍රතිචාර දැමිමට පෙර අන්තර් ජලයෙන්වත් සොයා බලා දමන්න . අඩු කලේ දිය නිතරම සෙලවේ. වැඩියෙන් පොත පත හෝ අන්තර් ජාලය කියවා දැනුම ලබාගෙන අඩුවෙන් කතා කරන්න. (ස)
මේ වසර 3 ටම මෙයාලට අකරතැබ්බ එහෙම වෙලා නැද්ද දන්නේ නැහැ (නි)
ප්‍රංශයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
පිටිගල වගේමයි අදහස්. ප්‍රංශය කියන්නේ හැම දෙයකින්ම ඉදිරියෙන් ඉන්න රටක් (නි)
ප්‍රංශයේ බහුතරය රෝමානු කතෝලික වුවත්, ඉතාලිය සහ එංගලන්තය මෙන් නොව, ප්‍රංශය රාජ්‍ය පාලනයේදී ආගම ඉන් පරිබාහිරව තබා ගන්නා රටකි.2003 දී ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරන විට එයට විරුද්ධව ඩොමිනික් විල්පින් ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සභාවේදී විශාල හඬක් නැගුවා. මෙවන් රටක පුරවැසියන් අල්-කයිඩා ත්‍රස්තයන් අල්ලා ගත්තේ ඇයිද යන්න මට ගැටලුවකි. (නි)
ඔය දින 1139 කට, අපි දින 8030 ක්, අරාබි කාන්තාරේ රස්නේ සීතලේ කව්ද අපි මා ගැන බලන්නේ. බලයි .(නදී)
පිටිගලලා දන්න ප්‍රංශය.(නදී)
පිටිගල මිලානෝ, ඒකට හේතුව තමයි ත්‍රස්තයන්ට රටක්, ජාතියක් ,ආගමක් ,මනුස්සකමක් නැති වීම. අවුරුදු තිහක් අපේ රටෙත් මේ ත්‍රස්තවාදීන් කරපු කියපු දේ ගැන ඔබ නොදැක හිටියේ විදෙස්ගතව සිටි නිසාද ? (නි)