ශ්රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජයග‍්‍රහණය කරවීම සඳහා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
පක්‍ෂයේ විනය නොරකින හා පක්‍ෂයේ නීති රීතිවලට පටහැනිව ක‍්‍රියා කරන අයට එරෙහිව විනය නීති තදින් ක‍්‍රියාත්මක කිරීමට ද තීන්දුවක් ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවේදීය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් හානි ඇතිවුවත් එයින් සංචාරක ව්‍යාපාරයට වාසි සලසා ගත හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීන දකින්න එපා (නි)
ඔය වැඩේට හොරු ටික ඉඩදෙයිද? (නි)
දන්නේ නැතිකමටයි අහන්නේ. නිදහස් පක්ෂය නඟාහිටුවන්න හදන මේ මහත්තයා යූඑන්පී එකේ ඉඳලා නේද කරණමක් ගැහුවේ? (නි)
නඟාසිටුවන්න ශ්‍රීලනිපයක් දැන් ඉතුරුවෙලා තියෙනවද කියන එකයි සැක (නි)
පක්ෂයේ විනය ගැනයි ප්‍රති සංවිධානය ගැනයි කතා කල යුතු නිසි බලධාරීන් වෙනුවට මේ ගොල්ල කතා කරන කොට අපට හිතෙනවා තනතුරේ ස්ථිර වෙන්න චාන්ස් එකක්වත් ලැබෙයි කියල හිතාගෙන කියන දේවල්ද කියල.(ම)
ඇයි මෙච්චර කල් නිදාගෙනද හිටියේ මෙයාලා (ම)
අනේ අම්මපා! මෙයාල හිතාගෙන ඉන්නේ මෙරටේ මිනිස්සු සේරම මැරිලා ඉපදිලා කියලා. මෙයාලට අමතක වුණාට ඒ දවස් වල රනිල් ගැන කළ වර්ණනා අපිට මතකයි. (නි)
බොහොම හොඳයි (නි)
කොහෙන් හිනාවෙන්නද මන්දා මේවට! (නි)
මොකද්ද ඕකේ නැගිටුවන්න තියෙන්නේ? ඒක වැටිලා නැහැ. ඒකනේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා රට හදන්න ජාතික රජයක් පිහිටෙවුවේ. ඒක බලාඉන්න බැරි අය රජය පෙරළන්න ගිහින් වැටුන නිසාද "නිදහස් පක්ෂය යළි නැගිටුවනවා" කියන්න උත්සාහ ගන්නේ? (නි)
අනේ මහත්තයෝ, තවත් කයිවාරු කතා කියන්නේ නැතුව ඉන්න. (නි)
නැගිටුවන්න එහෙම එකක් දැන් තිබෙනවද?