ශ්රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජයග‍්‍රහණය කරවීම සඳහා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
පක්‍ෂයේ විනය නොරකින හා පක්‍ෂයේ නීති රීතිවලට පටහැනිව ක‍්‍රියා කරන අයට එරෙහිව විනය නීති තදින් ක‍්‍රියාත්මක කිරීමට ද තීන්දුවක් ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවේදීය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් හානි ඇතිවුවත් එයින් සංචාරක ව්‍යාපාරයට වාසි සලසා ගත හැකි බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘නිදහස් පක්ෂය යළි නැගිටුවනවා‘
අයිරාංගනී Friday, 01 July 2016 09:08 AM
දවල් හීන දකින්න එපා (නි)
විජේ Friday, 01 July 2016 09:23 AM
ඔය වැඩේට හොරු ටික ඉඩදෙයිද? (නි)
සුගත් Friday, 01 July 2016 02:05 AM
දන්නේ නැතිකමටයි අහන්නේ. නිදහස් පක්ෂය නඟාහිටුවන්න හදන මේ මහත්තයා යූඑන්පී එකේ ඉඳලා නේද කරණමක් ගැහුවේ? (නි)
ටෙරන්ස් Friday, 01 July 2016 02:46 AM
නඟාසිටුවන්න ශ්‍රීලනිපයක් දැන් ඉතුරුවෙලා තියෙනවද කියන එකයි සැක (නි)
උපාලි Friday, 01 July 2016 04:53 AM
පක්ෂයේ විනය ගැනයි ප්‍රති සංවිධානය ගැනයි කතා කල යුතු නිසි බලධාරීන් වෙනුවට මේ ගොල්ල කතා කරන කොට අපට හිතෙනවා තනතුරේ ස්ථිර වෙන්න චාන්ස් එකක්වත් ලැබෙයි කියල හිතාගෙන කියන දේවල්ද කියල.(ම)
මොහොමඩ් Friday, 01 July 2016 05:24 AM
ඇයි මෙච්චර කල් නිදාගෙනද හිටියේ මෙයාලා (ම)
අතුල Thursday, 30 June 2016 03:13 PM
අනේ අම්මපා! මෙයාල හිතාගෙන ඉන්නේ මෙරටේ මිනිස්සු සේරම මැරිලා ඉපදිලා කියලා. මෙයාලට අමතක වුණාට ඒ දවස් වල රනිල් ගැන කළ වර්ණනා අපිට මතකයි. (නි)
ප්‍රසන්න Thursday, 30 June 2016 04:57 PM
බොහොම හොඳයි (නි)
සුසන්ත Thursday, 30 June 2016 06:28 PM
කොහෙන් හිනාවෙන්නද මන්දා මේවට! (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 30 June 2016 07:54 PM
මොකද්ද ඕකේ නැගිටුවන්න තියෙන්නේ? ඒක වැටිලා නැහැ. ඒකනේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා රට හදන්න ජාතික රජයක් පිහිටෙවුවේ. ඒක බලාඉන්න බැරි අය රජය පෙරළන්න ගිහින් වැටුන නිසාද "නිදහස් පක්ෂය යළි නැගිටුවනවා" කියන්න උත්සාහ ගන්නේ? (නි)
දිල්රුවන් Thursday, 30 June 2016 10:51 PM
අනේ මහත්තයෝ, තවත් කයිවාරු කතා කියන්නේ නැතුව ඉන්න. (නි)
කවි මෙල්බර්න් Thursday, 30 June 2016 10:57 PM
නැගිටුවන්න එහෙම එකක් දැන් තිබෙනවද?