
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය කැම්බල්පිටිය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂය පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල් ද සිල්වා සහ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වූ විශේෂ විධායක සභාවේදී මෙම තීරණය ගත් බව ද එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම රැළියේ කටයුතුවලට සියලු සංවිධායකයන්ගේ සහයෝගය ගැනීම සහ ජනතාව සහභාගි කරවීම සහ වර්තමාන දේශපාලන තත්වය සහ දුෂණ වංචාව පිළිබඳව සහ විදුලි අර්බුදය සහ ගල් අඟුරු වංචාව පිළිබඳව අදහස් දැක්වූ අතර ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු වන විජේදාස රාජපක්ෂ සහ මහින්ද අමරවීර යන මහත්වරු පැවසූ බවත් ප්‍රකාශකයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා ලාල් කාන්තගේ නිවස පිළිබඳව අදහස් දක්වමින් වැව් තාවුළුවල ඉදිකිරීම් ඉවත් කිරීම කෙසේ වෙතත් තමන්ගේ නිවස හදාගෙන ඇති බවත් අනුරාධපුරයේ කැමති කෙනෙක් ලක්ෂ ගානකට නිවසක් මිලදී ගෙන ඇති බවත් පැවසූ බව කී එම ප්‍රකාශකයා ඔහු වම බැලුවහම දකුණ පේන ඇමති කෙනෙක් වන අතර තමන් සමඟ මාදිවෙල නිවාස්කීරණයේ සිටි ලාල් කාන්ත අවුරුදු එකහමාරකින් තට්ටු තුනේ ගෙවක් හදන්නේ කෙසේද යන ගැටලුව මතු වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd