නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සලකන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා අම්බලන්ගොඩ රන්දොඹේ ඉපැදී රන්දොඹේ මෙතෝදිස්ත පාසලින් (දම්නද විද්‍යාලය) මූලික අධ්‍යාපනය ලැබීය. එතුමන්ගේ 130 වැනි ජන්ම දින ගුණානුස්මරණය වෙනුවෙන් විදුහල්පති නලින්ද මහතා ගුරුවරුන්ගේද සහයෙන් අනුස්මරණ පෙරහරක් පැවැත්විය.
පාසලේ සිට මේ පෙරහර සංඝරාජ විහාරයට පැමිණියේය. විහාරාධිපති කොස්ගොඩ සුභූති නාහිමියෝ කන්නන්ගර මැතිතුමාට පිං අනුමෝදන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නන්ගර මැතිතුමා ගැන කතා කරන කොට නිදහස් අධ්‍යාපනය ගැන විතරක් කතාකරලා නවතින්න එපා. රටපුරා මධ්‍ය මහා විද්‍යාල ඇතිකරපු නිසා ගමේ ස්වභාෂා සහ කනිෂ්ඨ පාසල් වල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ දුවාදරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් "නිදහස්" අධ්‍යාපනය ලබන්න පුළුවන් වුනා. (හේ)
එදා කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ගෙනාවේ නැත්තම් අපේ දුප්පත් ළමයින්ට වෙන්නේ මොනවද?(හේ)
මමත් අද විදේශ රටක හොදින් ජීවත්වෙනවා මෙතුමාට පින්සිද්ධ වෙන්න.මම ඉගෙනගත්තේ මතුගම කන්නන්ගර සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලවලත්,එමෙන්ම නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණ තවත් පාසල් දෙකකිනුත්ය (නි)
ඉතා හොඳ වැඩක් (නි)
මෙතුමා බිහිකළ නිදහස් අධ්‍යාපනය අමිල වූ දෙයකි. එම හේතුවෙන් මමද අද හොඳ රැකියාවක නිරත වෙමි. මෙතුමා අමරණීයයි. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දැනෙන්නේ සමහර රටවල අධ්‍යාපනය සඳහා අයකරන මුදල් ප්‍රමාණය දුටුවිටයි. සමහර පාසල් වල මාසික ගාස්තු මගේ මුළු අධ්‍යාපන කාලයටම වැයකළ මුදලට වඩා වැඩි මුදලක්. මෙතුමාට මගේ හද පිරි කෘතඥතාවය පුද කරමි. (නි)
නිදහස් අධ්‍යාපනයේ පියා වර්තමානයේ හිටියා නම් එතුමාගේ පිහිටෙන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන වර්තමානයේ කට්ටිය නිදහස් අධ්‍යාපනයට කරන විනාශය දැක්කා නම් එතුමාට මොනවා හිතෙයිද? (නි)
මතුගම මධ්‍ය මහා විද්‍යාලයේත් අපි ඊයේ හාමුදුරුවරු 130කට සාංඝික දානයක් දුන්නා (නි)
කන්නන්ගර උතුමා අද හිටියා නම්...? තමන් දුප්පත් සිසුන්ට උසස් අධ්‍යාපන වරම සමව ලබාගන්න හඳුන්වා දුන් වටිනා සංකල්පය මේ දේශපාලකයින් විකුණාගෙන කන හැටි දැකලා එතුමා මොනවා කරයිද? සේවයක් වශයෙන් හඳුන්වාදුන් සංකල්පය දැන් අයිතිවාසිකමක් කරගෙන. (නි)