සිංහරාජ වනාන්තරයේ වෙසෙන, ශ්‍රී ලංකාවට ආවේණික හා ආවේණික නොවන කෘමීන් එකතු කළ නෙදර්ලන්ත මහාචාර්යවරයාට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ශානක කලංසුරිය මහතා අද (27) පහළොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කෙළේය. දඩ මුදල ගෙවන තුරු විත්තිකරු රිමාන්ඩ් බාරයට පත් කෙළේය. දඩය නොගෙවන්නේ නම් මාස 6 සිර දඬුවමක් නියම කෙළේය. මෙලෙස දඬුවම් නියම වූයේ සංචාරක වීසා මත අප්‍රේල් 5 වැනි දින ලංකාවට පැමිණි නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර පදිංචිකරුවකුවූ විජ්නාඩ් රෙයෙලොන් බරෙන්ඩ් හෙයිට්මන් (58) නමැත්තාටය. විත්තිකරුවට එරෙහිව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානී ආර්.ඒ.ජී.බී. සමරනායක මහතා විසින් චෝදනා 25ක් ගෙනු කැර තිබිණි.එම චෝදනා 25ටම විත්තිකරු වරද පිළිගත්තේය. අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තකරුට තරයේ අවවාදකරමින් ශ්‍රී ලංකාව වැනි රටවලට පැමිණ මෙවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස අවවාද කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිතුරනි, අපි ඈන කොටාගෙන වැඩක් නෑ ,දැන් කරන්න ඕනි මීන් මතු මෙවැනි දෙයක් නොවෙන්න ඒ ගැන දැනුවත් වෙලා කටයුතු කරන එක නේද ....
අපෝ දඩයක් විතර? හරි, අපි නෙදර්ලන්තයේ ගිහින් මේවගේ වැඩක් කළා නම් මේවගේ සාමාන්‍ය විදියට දඩයක් ( මොහු බේරගන්න නෙදර්ලන්ත තානාපති කාර්යාලය බොහොම හොදට ඉදිරිපත්වේවි - අපේ තානාපති කාර්යාල මොන විදියට අපට සැලකුවත්)විතරක් නියම කරාවිද? ඇත්තට මෙයට වඩා එය බරපතල වේවි.රටක ජාන හොරකම් කරනවා කියන්නේ රටම හොරකම් කරනවා වගේ වැඩක් නේ.අපි ඔවුනට මෙහෙම සලකන්නේ ඔවුන් ලොකු රටවල් නිසාද? අපි ශ්‍රී ලංකික ජාතියක් විදියට ශක්තිමත්ව නැගී සිටියුතු කාලය එලබ තිබෙන බව අප තේරුම් ගත යුතුය. අපට අවශ්‍ය වන්නේ රටම ජාතියක් විදියට නැගී සිටීමයි.එය ඉටු කිරීමට ශ්‍රී ලංකික ජාතිය ගොඩනැංවීමට මානසික විප්ලවයක් කලයුතුය. මා මෙසේ මෙම අදහස ප්‍රකාශ කලේ අපට විදේශික ජාතින් දක්වන කෙනහිලි කම් පිළිබද මින් පෙර ඇතිවූ කනස්සල්ල නිසාවෙනි.
තමන්ගේ තරම දැනගෙන කතා කරන්න. මේ රටවල් තමයි අපේ රටට උදව් කරන්නේ.
නෙදර්ලන්ත ජාතිකයාට පහළොස් ලක්ෂ පනස් දහසක දඩය මාසයක පඩ්ය.
ගමේගේ, මොනවද මේ කියන්නේ. ඔයාට උදව් කරන්න කියලා ඇවිත් ගෙදර තියෙන් හාල් මුට්ටිය උස්සන් ගියාමත් ඔයා ඕකද කියන්නේ. අපිට තියෙන ලොකුම සම්පතක් තමයි සිංහරාජය. අපේ ඔලමොට්ටල දන්නැති වුනාට දියුණු රටවල අය එය හොදට දන්නවා.
අපිව පරගැති මානසිකත්වයෙන් බැඳලා දාපු අධ්‍යාපන ක්‍රමය නිසා තමයි ගමගේ ඔය විදිහට හිතන්නේ. රූපසිංහ ඔබ හරි .
@ගමගේ, මිනිහෙක් වුනාම පිටකොන්දක් තියෙන්න ඕන. ඔබවැනි අය අප රටේ සිටීම රටට බරක්. මොවුන් කරන උවව්වක් නැ... සමහර විට ඔබ රස්සාව කරන්නේ නෙදර්ලන්ත ආයතනයක වෙන්න පුළුවන්..
ගමගේ මේ රටවල් වලින් අපට උදවු කරනවා කියල, ඕනදෙයක් කරල යනකම් බලන් ඉදලා හරියනවද ?
ඉතා හොදයි ගමගේ, මම ඔබ සමග එකගයි. අපේ ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් මෙය දන්නේ නැහැ. මී හරක් වගේ නිකන් කෑ ගහනවා.
සුරකිමු අප ලංකා