මැයි මාසයේ 7 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු දැනටමත් ඉතා උණුසුම් තත්වයක් ගෙන ඇත.
පක්ෂ නායකයින්ගේ හෝ ඡන්ද අපේක්ෂකයින්ගේ සිනහමුසු මුහුණු රැගත් දැවැන්ත කටවුට් හෝ පෝස්ටර් මෙන්ම සංවිධානාත්මකව එක් රැස්කරගන්නා ආධාරකරුවෝ දහස් ගණනින් රැස්වෙන දැවැන්ත ප්‍රචාරක රැලි වැනි දේශපාලන ප්‍රචාරක සම්ප්‍රදායක් නොමැති එංගලන්තයේ දේශපාලන ප්‍රචාරය මුලික වශයෙන්ම කෙරෙන්නේ මාධ්‍ය මගින් මෙන්ම තැපැල් මාර්ගයෙනි. ආධාරකරුවෝ දොරින් දොරට ගොස් ඡන්ද ප්‍රචාරයේ ද යෙදෙති.
මෙවන් පසුබිමක් යටතේ සිංහල හින්දු අලුත් අවුරුද්ද යොදා ගනිමින් ඡන්ද ප්‍රචාරයක් ගෙනයාමට කොන්සර්වේටිව් සහ කම්කරු පක්ෂ නායකයෝ ක්‍රියා කරති.
මෙවර මැතිවරණදී කොන්සර්වේටිව් පක්ෂයෙන් සිංහල තරුණියක් සහ කම්කරු පක්ෂයෙන් ශ්‍රී ලාංකික දෙමළ තරුණියක් ද වෙන් වෙන් ආසන සඳහා තරග වදිති.
තරග වැද සිටින ප්‍රධාන පක්ෂ දෙක වන පාලන බලය හිමි කොන්සර්වේටිව් සහ විරුද්ධ පක්ෂයේ වැඩි බලයක් හිමි කම්කරු පක්ෂ කරට කර සිටින බව සියලුම නිරීක්ෂණ වාර්තා දක්වා ඇති පසුබිමක එම පක්ෂ දෙකම ඡන්ද දායකයින්ගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා විවිධාකාරයේ උපක්‍රම යොදා ගනිමින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.
මෙහිදී කොන්සර්වේටිව් නායක අගමැති ඩේවිඩ් කැමරන් " සිංහල සහ දෙමළ" අවුරුද්ද වෙනුවෙන් සුබ පතා නිවේදනයක් නිකුත් කළ අතර එහි ලුහුඬු පණිවිඩයක් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ජංගම දුරකථනයන්ට කෙටි පණිවිඩයක් ලෙස යවනු ලැබිය.
මේ අතර කම්කරු පක්ෂ නායකයා වන එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් අවුරුදු සුභපැතුමක් නිකුත් කළේ වීඩියෝ මාර්ගයෙනි. එම සුබපැතුමෙහි ඔහු පවසන්නේ "දෙමළ ජනතාව වෙත" අවුරුදු සුබ පැතුම් ගෙන එන බවයි. " කම්කරු පක්ෂය සැමවිටම දෙමළ ප්‍රජාවගේ මිතුරෙකු" වන බවද එම පණිවිඩයෙන් ඔහු පවසයි. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලන්ඩනයට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව පවසන මිලිබෑන්ඩ්, එම චෝදනා පිළිබඳව "පූර්ණ හා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා " තව දුරටත් බලපෑම් කරන බවත් දෙමළ ජනතාවගේ අරමුණ වෙනුවෙන් තමා සහ කම්කරු පක්ෂය දිගටම කතා කරන බවත් කියයි.
ඔහුගේ මෙම පක්ෂග්‍රාහී ප්‍රකාශය පිළිබඳව බ්‍රිතාන්‍යයේ ජිවත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් සහ සිංහල පිරිස් දැඩි විරෝධතාවයක් දක්වා ඇත.
"මෙහිදී දෙමළ ජනතාව යනුවෙන් ඔහු අදහස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මිස ඉන්දියාවේ අය නොවන බවද මෙය හුදෙක් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගැනීම උදෙසා සිදුකළ උප්පර වැට්ටියක්" බවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න කියයි.
කම්කරු පක්ෂයෙන් මැතිවරණය සඳහා උතුරු ඉල්ඵඩ් ආසනයෙන් ඉදිරිපත්වී ඇති ලී ස්කොට් ද අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් "දෙමළ ජනතාව" වෙත අවුරුදු සුබ පැතුම් ගෙන එන බව පවසා ඇත.
ලී ස්කොට් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන බවට නිතර දෙවේලේ චෝදනා නඟන මන්ත්‍රීවරයෙකි. ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලාංකික දෙමළ ඡන්ද දායකයින් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවද කියවේ.
කම්කරු පක්ෂයේ මෙම ප්‍රතිපත්තිය තරයේ හෙලා දකින බව කියන ඩග්ලස් වික්‍රමරත්න මිට පෙර අවස්ථාවක ලන්ඩන් නගරාධිපති තේරීම සඳහා පැවති මැතිවරණයේදී කම්කරු පක්ෂයෙන් ඉදිරිපත්වූ කෙන් ලිවින්ස්ටන් ද මේ අයුරින්ම දෙමළ ජනතාව වෙත පොරොන්දු දෙමින් ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට කටයුතු කළ ආකාරය සිහිපත් කර දුන්නේය.
එහිදී ලිවින්ස්ටන් පැවසු එක් පොරොන්දුවක් වුයේ දෙමළ කණ්ඩායම් වෙත ඔවුන්ගේ සංස්කෘතික සංදර්ශන පැවැත්වීම සඳහා ලන්ඩන් නගරයේ ලෝ පතල " ට්‍රපල්ගා චතුරශ්‍රය" නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවයි.
එම අවස්ථාවේදී ලන්ඩනයේ වෙසෙන සිංහල සහ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව එම ප්‍රකාශන පිළිබඳව විරෝධය පළකළ අතර කොන්සර්වේටිව් අපේක්ෂකයාවූ බොරිස් ජොන්ස්ටන් දිනවීම සඳහා කටයුතු කළ බවද වික්‍රමරත්න පැවසිය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම මිලිබෑන්ඩ්ගේ ප්‍රකාශය "තනිකර දේශපාලන වාසි තකා සිදුකළ එකක්" බවද එය "තරයේම හෙළ දකින" බවද පවසයි.
එංගලන්තයේ ජීවත්වන දෙමළ ජනතාව බොහෝ දෙනා පුර්ණ කාලිනව දේශපාලනයෙහි නිරත වනවා. ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකේම නියෝජිතයින් සමඟ ගනුදෙනු කරනවා. අප බොහෝ කාලයක සිට මෙම මන්ත්‍රීන් හමුවී මේ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කළා. මට මතකයි අපි වරක් කොටි හිතවාදීන් සමඟ කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ලෙස්ටර් පාර්ලිමේන්තු මන්ත්‍රී කීත් වාස්ගේ නිවසට ගොස් විරෝධතාවයක් පැවැත්වුවා. ඒ අවස්ථාවේදී අපි ඉදිරිපත් කල සංදේශය බාර ගැනීමට ඔහුගේ නිවසේ සිට අප හමුවීම සඳහා පැමිණියේ මන්ත්‍රී වරයාගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික දෙමළ තරුණයෙක්. මේකයි අද එංගලන්තයේ එල්ටීටීඊ හිතවාදීන් ඉන්නා තැන" යනුවෙන්ද ඔහු කියයි.
"අපි කටයුතු කරන්නේ මේ සියලුම දේ පිළිබඳව හොඳින් දැනගෙනයි. අපේ වැඩකටයුතු නවත්වන්නේ නැහැ.මෙවර බ්‍රිතාන්‍ය මැතිවරණයේදීත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සැබෑ තත්ත්වය පිළිබඳව අපි හැම පක්ෂයකම නායකයින් සහ නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කර තියෙනවා. මේවා අපි ආරම්භ කළේ අද ඊයේ නොවේ." අලහප්පෙරුම පවසයි.
උපතින් යුදෙව් ජාතිකයෙකු වන එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් පසුගිය දිනෙක තමන් ආගම් වාදියෙකු නොවන බව පෙන්වීමට යුදෙව් ආගමේ තහනම් සුකර මාංශ ඇතුළත් කෑමක් ආහාරයට ගත් අවස්ථාව පිළිබඳ බ්‍රිතාන්‍ය ජන මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණි. ඡන්දයක් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සමහරුන් සුදානම් බව ඇතැමෙක් කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදයත් බෙදුම්වාදයත් අහසට පොළොව වගෙයි. එහෙම තියෙද්දිත් සමහරු ඒ දෙක එකක් හැටියට සලකලා කතා කරන්නේ ඇත්තටම නොදන්නා නිසාද නැතිනම් හොරට නිදන නිසාද? එහෙම තත්ත්වයක් තියෙද්දී ජාතිවාදය තහනම් කිරීමටය කියා ගෙනෙන ඔය පනතින් සිංහල මිනිසුන්ගේ කටට මුඛවාඩම් දාලා ඔවුන් නිහඬ කිරීමට ගන්න වෑයම නම් මහා විනාශයකින් කෙළවර විය හැකියි. (බ)
ඔය ජාතිවාදය තහනම් කියන්නේ කාටද ?මොන ජාතියටද? ඔය වගේ අමනෝඥ පණතක් සම්මත වුනොත් අවසාන වෙන්නේ සන්නද්ධ අරගලයකින් (බ)
මෙයාලගේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ ඔය කියෙව්වට. වාසියක් නැත්නම් සුළු ජාතියට කෙනෙහිලිකම් කරන එකම තමයි කරන්නේ. විශේෂයෙන්ම විදේශිකයන්ට. ඒ වුණාට එන්නේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්න. කියන්න වචන තියනවා. වැදගත් සභාවකට ගැළපෙන්නේ නැහැ ඒවා (නි)
ඔන්න අපි මල් පුදන සුපිරි බටහිර ප්‍රජාතන්ත්‍රවාදය (බ)
සිංහල දෙමළ අවුරුද්ද කියා කීම නිවැරදි නැහැ. එය සිංහල සහ හින්දු යනුවෙන් කිව යුතුයි. දෙමළ අය අවුරුද්ද සමරන්නේ සිංහල අවුරුද්දට පෙරයි (නදී)
ඕවට ඉතින් අපි බැනල වැඩක් නැහැ. ඕවා ඔය මිනිස්සුන්ගේ ඇගට ලේ උරුමයෙන් ලැබිච්ච දේවල්. කොයි වෙලාවෙත් බලන්නේ කාව හරි දෙකට බෙදන්න තමයි. නොදන්නා දෙමල කියල කියන්න බැහැ. දැනගෙන තමයි කියන්න ඇත්තේ. (නදී)
මිලිබැන්ඩ් වරිගෙ නහගෙන නෙමෙයි අපේ රටේ මිනිස්සුන්ගෙ වරිගෙ නහන්න හදනවා (බ)
මෛත්‍රී රනිල් වගේ නායකයන්ට මුන් ලොකු පොරවල් (බ)
සුද්ද උනත් ඡන්දේ දෙනවනම් අසුචිත් කයි. දැන් කාලේ සුද්දත් බල්ලට ගිහිල්ල. බල්ලෝ දන්නවා නම් එම බලු නම වෙනස් කර ගන්නවා.(බ)
බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් පුවත් පත එහි වෙබ් අඩවියේ 2015 අප්‍රේල් 12 දින පළ කර ඇති සමීක්ෂණ වාර්තාවකට අනුව බ්‍රිතාන්‍යය ලොව අඩුම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතරට සිටී. එවන් රටක දේශපාලකයින් ආගම සම්බන්ධයෙන් ඕනෑම පහත් පෙළේ ක්‍රියාවක් කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීම අරුමයක් නොවෙයි. එඩ් මිලිබෑන්ඩ් ප්‍රසිද්ධියේ උරුමස් කා පෙන්වීමද එවන් ක්‍රියාවකි. (බ)
සඳමාල්, ඉස්සර ඕකට සිංහලවත් දෙමළවත් හින්දුවත් අවුරුද්දක් යයි කීවේ නැහැ. නිකම්ම අවුරුද්ද කියලයි අපේ පැරැන්නන් කිව්වේ. එවක ජනවාරියේ සැමරුවේ ජනේරුව මිස අවුරුද්දක් නොවෙයි. පසුව බෙදා පාලනය කරන බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලයේදී ජනවර්ග අනුව නිවාඩු දින තුලිත කිරීමේ අවශ්‍යතාවයක් නිසා අවුරුද්ද සිංහල හින්දු අවුරුද්ද යයි ඔවුන් එය හැඳින්වූ බවත් පසු කලෙක සමහරුන් එය දෙමල අවුරුද්දක් ලෙස හැඳින්වීමට ගත් බවත් අසා ඇත්තෙමි. එහෙත් සැබෑවටම හින්දු ආගමිකයන් චිත්‍ර වර්ෂම් නමින් සමරන්නේ ඔවුන්ගේ වර්ෂයේ සිව්වන උත්සවය මිස අලුත් අවුරුද්දක් නොවන බවයි මා අසා ඇත්තෙ (බ)
අපේ අයට දැන්වත් තේරෙනවද දන්නේ නෑ ඇයි මේ අය අපේ රට ගැන සහ එල්ටීටීඊ එක ගැන මෙච්චර වද වෙන්නේ කියල. (බ)
අපොයි ඔව් කිංස්ලි 1933 දීත් ඔය කට්ටිය අපේ රටේ ඓතිහාසික අනන්‍යතාවයත් ජන අනුපාතයත් නොතකා ව්‍යවස්ථාදායකය තුළ සිංහලයන් සුළුතරයක් බවට පත් කළෙත් හොඳට දැන ගෙන තමයි. පස්සෙන් පහු 50ත 50 ඉල්ලීමෙහි සිට කොටි ත්‍රස්තවාදය දක්වා පැමිණි විනාශකාරී ගමනත් එදා මුල පුරපු ගමනෙහි විවිධ පියවර තමයි. (බ)
මෙදා පාර ජෝන් කෙරී අපේ රටටයි විසිරුණු දෙමළ ජනතාවටයි අවුරුද්දට සුබ පැතුවත් මිලිබෑන්ඩ් විසිරුණු දෙමළ ජනයාට පමණක් සුබ පැතුවාය කියලා තරහ ගන්ට කාරී නැහැ. මේ කවුරුත් සැබෑ ලෙසම සුබ පතන්නේ විසිරුණු දෙමළ ජනතාවට මිස අපේ රටට නොවන බව නොදන්නේ කව්ද? (බ)
ජෝන් කෙරී කවදාවත් නැතිව මෙදාපාර අවුරුද්දට සුබ පැතුවාම අනතුරක ඉව දැනුණු අපේ කට්ටිය 'එනපොට හොඳ නැතියෝ...කෙල්ල ගෙට ගනියෝ.. ' යනුවෙන් අදහස් දක්වා තිබුණි. ඉන් දිනක් ගත් වීමටත් මත්තෙන් බ්‍රිතාන්‍ය අගමැති ද සුබ පැතුවාම අප කල්පනාවට ගත යුත්තේ අප රට මුහුණපා සිටින අනතුරෙහි බැරෑරුම්කම එදා සිතුවාටත් වඩා බෙහෙවින් වැඩි බවයි. (බ)
ඇසළ, සුද්ද බල්ලට ගිහිල්ල කියන්න හොඳ නෑ. පව් අනේ මොනවා වුණත් ගෙදර දුක සැප බෙදාගනිමින් අපිව ආරක්ෂා කරන සතානේ. අපි අපේ රට පර සතුරු උවදුරින් මුදා ගත්තු අයව වීරත්වයෙන් සැලකුවට මොකද සුද්දන්ගේ වීරයෝ කියන්නේ නැව් වලින් ගිහින් අනුන්ගේ නැව් හරි වෙන රටවල් හරි කොල්ලකාපු උදවියටයි. අර අත්මේස් ගලවලා අපේ ලොකුතුමාට අත දීපු බවලතාලා හෙම එහෙම අයට නයිට් නාම හෙමත් දෙනවාලුනේ.. (බ)
සුමුදු හේවා මහතාට මෙම වෙබ් අඩවියෙන් දෙමළ ලිත් වර්ෂය පිළිබඳ තොරතුරු දැනගත හැකිය. http://en.wikipedia.org/wiki/Puthandu (බ)
එංගලන්තෙට දෙමළ කොටියගේම සරණ පැතීමට තරම් පහත් තත්වයකට වැටීම ගැන අපි කණගාටු වෙමු! (බ)
ගමේ ගොඩේ දේශපාලනය කරන බයියලට අවබෝධය දැනුම බොහොම අඩුයි මේ රට හදන්න නම් අවංකත්වය මුල්තැන දිය යුතුයි දේශපාලනයෙන් විසිවෙච්ච දුෂිතයන් නැවත මේ රටට ඕනි නැහැ ජාතිවාදය ආගම්වාදය පතුරමින් පටු දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන මෙවැනි තක්කඩි මුළුමනිම්ම අතුගා දැමීමට ජනතාව බුද්ධිමත් වෙනු බෙදුම්වාදී දේශපාලනය පිටු දකිනු ! (බ)
ඔයාල මේ මිනිහට දොස් කියන්න මොකද? එයාට වඩා අපේ රටේ සමහර දේශපාලුවෝ සිංහලයන්ට වඩා දෙමළ අය ගැන වදවෙනවනේ. නැවත පදිංචි කිරීම් වලදී දැක්කනේ.(බ)
මෙය මිලිබෑන්ඩ් තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරපු අවස්ථාවක්. මෙයාගේ උපදේශකයන් අතර ඇත්තේ දෙමල වර්ගවාදීන් පමණක් විය යුතුයි. ලංකාවේ මහා කොමසාරිස් කාර්යාලය මෙහි ඇති වැරැද්ද මිලිබෑන්ඩ්ට පෙන්වාදෙන්න කටයුතු කරාවි කියල මම හිතනවා. (බ)
අනුරත් කොටි ඩයස්පෝරාවට වැඩ කරනවද කොහෙද හෝ ගාල. කීයක් ලැබෙනවද දන්නේ නැ. ගමේ ගොඩේ දේශපාලනේ කරන බයියල රටට ආදරෙයි අනුරලට වඩා. අනුරලා තේරුම් ගන්නේ නැත්තේ බෙදුම්වාදය කියන්නේ මොකද්ද කියල. එ්කයි මෙතන ලොකුම ප්‍රශ්නේ. වෙනම පාලනයක් දෙන තැන තමයි බෙදීම අාරම්භ වෙන්නේ.(බ)
කුමරන හරි. හැබැයි අපි බලන්න ඕනේ කගේ කීමටද එහෙම කරන්නේ කාට වුණ පොරොන්දුව ඉටුකරන්නද කියන එක (ම)
සුමුදු හේවා, අපි කොච්චර කිවුවත් සමහරුන්ට රට ගැන කිසිම හැඟීමක් නැහැ. මතකද ඔය මිලිබෑන්ඩ්ලා කොටින්ට හුළං ගහපු හැටි.දැන් වෙනත් විදියකට එයාලගේ න්‍යාය පත්‍රය ගෙනයනවා.අපේ අයගේ ඔලු ගෙඩිවලට මෙය වැටහෙන්නේ කවදාද? (නි)
මෙයාට නසා ගන්න වරිගයක් තියෙනවාද?මෙයා නැට්ටේ ගින්දර තියාගෙන හැම තැනම ගිනි තිය තිය යනවා.මිසක් යහ පාලනය කියමින් සිදු කරන්නේ මෙයාලගේ වැඩ කොටසයි.(ම)
සිංහල හා හින්දු අවුරුදු කියා කීම නිවැරදි නොවේ. හින්දු භක්තිකයින් සියලු දෙනා මෙය සමරන්නේ නැත. දෙමළ වර්ෂය ආරම්භ වන්නේ මෙම දිනයේ බැවින් එය දෙමළ අලුත් අවුරුද්ද වනවා. දෙමළ ලිත් වර්ෂය ආරම්භ වන්නේ ජනවාරි මාසයේ නොව අප්‍රේල් මාසයේය. (බ)
අනුරට ගමේ ගොඩේ අය බයියෝ. අමතක කරන්න එපා ඒ බයියන්ගේ කොල්ලෝ තමයි යුද්දෙට ගිහින් මළෙත්. අත පය නැති කරගත්තෙත්. අනික් සියලුම සුළු ජාතීන් වැඩ කරන්නේ ඒ අයගේ දියුණුව බලාගෙන. සිංහලයාට විතරක් ඕනෙ එකකට ජාතිවාදය (බ)
මේ මිනිහ මුළු යුදෙව් සංහතියටම අපහාස කරලනේ .. තමුන්ගේ ජාතිකත්වය ගැන කිසිම හැඟීමක් නැති බලය කෙසේ හෝ ලබා ගැනීම පරමාර්ථය කරගත් ඇත්තන්ගෙන් කාටවත් සාධාරණයක් ඉටු වෙයිද ..?(බ)
සුද්දා එවන හැම සුබ පැතුමකම පසු පසින් එන්නේ ගලවා ගන්න බැරි මර උගුලක්. අතීතයේ සිට විමසා බලන්න. ගමේ ගොඩේ අහිංසක මිනිස්සු තමයි රට වෙනුවෙන් ඉන්නේ. ඒ අහිංසක මිනිසුන්ට තලා පෙලා කතා කරන අය සුද්දාටම ආවඩා සුද්දා වීරයෙක් යැයි සිතයි. ඒ අය පරගැත්තෝ මිස අන් කවරෙක්ද? (නදී)
අනේ , ඇත්තමයි මට ඔය මිනිහව පේන්න බැහැනේ ..(බ)
අප්පිල ඇත්තන්ගේ ජාති පොජ්ජේ ඇත්තොත් ඒරොප්පේ උන්නානම් මේ උත්තම හුරා අපිලටත් වෙනම රාජ්ජ පොජ්ජක් අරන් දෙන්න දත කනවා මයේ දෙයියෝ ...(බ)
මෙතන සිංහල නම් වලින් පෙනී සිට අදහස් දාන අයත් ඉන්නවාද කියලා සැකයි , මොකද මාතෘකාවට අදාලව නොවේ අදහස් ප්‍රකාශ කරන්නේ . කොහොම නමුත් මෙම ලිපිය පළ කළාට ලංකාදීපයට තුති . මොකද සමහර පුවත්පත් වලට කොන්ද පන තිබුනේ නැ මේ ප්‍රවෘත්තිය පල කරන්න . විජයබාහු , සුමුදු , අතුල ඔබ වැනි අයගේ සේවය වඩාත්ම අවශ්‍ය යුගයක් තමා අපි මේ ඉන්නේ . මේ ලිපිය ඉංග්‍රීසියෙන් පළ වෙද්දී පළ වෙච්ච අදහස් මීට වඩා වෙනස් , ඒ අදහස් සිංහල ට පරිවර්තනය කළා නම් අපි ජාති වාදියෝ කියල හංවඩු ගහවි . ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් අදහස් වෙනස් වෙන්නේ ඇයි කියල ඇහුවොත් උත්තරය තමා ඒ ලිපිය කියවා බලන්න කීමයි . මොකද මම ජාති වාදී ලේබලය ගහ ගන්න කැමති නැ , අද ශ්‍රී ලංකාව ගැන කතා කිරීම ජාති වාදී යි , නමුත් අනෙක් අයට ඒවා කියන්න කරන්න පුළුවන් , කොහොමත් අද හෙටම පාර්ලිමෙන්තුවෙන්ම පනතක් එන්න නේ යන්නේ ජාතිය හා ආගම ගැන කතා කරන්න බැ කියලා . බලමු අපේ අයගේ අදහස් කොහොමද කියලා එතකොට . (බ)
ස්තුතියි රවින්ද්‍රන්. දෙමළ අවුරුද්ද සහ ලිත් වර්ෂය ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට කැමතියි. මූලාශ්‍රයක් කියා එව්වොත් කෘතඥ වෙමි. (බ)
අපි එකිනෙකාගේ ජාතිකත්වයට ගරු කරමින් රටේ අනන්‍යතාවයත් ඉතිහාසයත් පිළිගනිමින් එකමුතුව ජීවත් වෙන්න හිතුවොත් මේ කාටවත් බැහැ අපට කරදර කරන්න. මේ අය දෙමළ ජාතිකයන්ට පක්ෂයි වගේ අපට පෙනුණත් ඇත්ත නම් ඒගොල්ලෝ රටේ ජාතිකත්වය නසා රට දුර්වල කොට තම අරමුණු ඉටු කර ගැනීමට දෙමළ ජාතිකයන්ව බළල් අත් සේ යොදා ගැනීමයි. තම අරමුණු ඉටු කොට ගත් පසුව ඔවුන්ට දෙමළ ජාතියද තවත් දැහැටි දඬුවක් පමණක් ම වනු ඇත. වෙනත් රටවල අත්දැකීම දෙස කල්පනාවෙන් බැලුවත් නුදුරු අතීතයේ ත්‍රස්තවාදයෙන් බැට කෑ සාමාන්‍ය දෙමළ ජාතිකයන් සේම ළමා හමුදාවටන්ට බලෙන් බඳවාගත් දරුවන් ගැන සැලකුවත් ඔබට මෙය පැහැදිලි වනු ඇත. (බ)
සහතික ඇත්ත විජයබාහු, ගොඩේ බයියෝ නිසා තමයි අපේ රට මේ තරමින්වත් රැකිලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනය ඉහළට ඉනිමගක් කරගෙන නාගරික සුප්‍රබුද්ධයන් බවට පත්වුණු පසු ගැමි කමත් ජාතිකත්වයත් අමතක කර විදෙස් බලවේගවල පච ප්‍රචාර වලට රැවටීමටත් බඩ ගැන සිතා රට අමතක කර තීරණ ගැනීමටත් සැදී පැහැදුණු උගත් මෝඩයන්ට වඩා අපේ රටේ ගමේ බයියෝ සිය දහස් ගුණයකින් ඥානවන්ත පරිනත උදවිය හැටියට රට ගැන සිතා තීරණ ගන්නා බවට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වුණත් සාක්ෂි දරනවා. (බ)