මහනුවර දළඳා පෙරහර සධාතුක කරඬුව වැඩම කළ ගම්පහ, නැදුන්ගමුවේ රාජා හස්තියා සිය හිමිකරු වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසට පැමිණෙද්දී මහ සඟ රුවනේ පිරිත් දේශනා මැද පළතුරුවලින් සංග්‍රහ කර පිළිගැනීමේ අවස්ථාවක් යක්කල ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ආයුර්වේද රෝහලේ බෞද්ධ සංගමය ඇතුළු කාර්ය මණ්ඩලය එය සංවිධානය කර තිබිණි.
රාජා හස්තියා මේ වන විට 64 වැනි වියේ පසුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිරන් ජයතු රාජා (ම)
කැලේ ඉන්න ඕනෑ සත්තු අල්ලාගෙන පෙරහැරවල් වලට දෙනවා. නැදුන්ගමුවේ රාජට රජ සැළකිලි වුණාට පෙරහැරවල යන අනිත් අලි ඇත්තු ගොඩක් දුක් විඳිනවා. මිනිස්සු අතර මතයක් ගොඩනැඟී තිබෙනවා පෙරහැරේ යන්න අලි ඇත්තු පින්කරලා තියෙන්න ඕනෑ කියලා. මේවා මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
සඳුන්,මොකද හිතන්නේ මිනිස්සු සතුන්ට ඉන්න තිබෙන කැලේ කපලා ඒවා විනාශ කරන එක ගැන. (නි)
සදුන්, ඕන දෙයක අන්තගාමී වෙන්න හොද නැහැ. කර්මය කියනදේ මිනිස්සුන්ට සතුන්ට, හැමදෙනාටම එකසේ බලපානවා. හැම ප්‍රශ්නයක් දෙස බුද්ධිමත්ව බැලිය යුතුය්.කැලේ ඉන්න ඔක්කොම අලි ටික මෙහෙමට ගෙනවහම එක ලොකු වැරද්දක් තමයි , සහ එහෙම ගෙනල්ල ඒ අලි සංචාරක කර්මාන්තය, සත්තු වත්තට සිමාවෙන් එහා ගෙන යාම සහ ගෙනියන සතුන්ට වගකීමකින් තොරව සැලකීම කණගාටු දායක බව තරයේ අප විස්වාස කරන මුත් මේ සතාගේ කාර්ම ශක්තිය පිලිබදව කිසිදු පැකිලීමක් නොමැත. එය ඔහුගේ කාර්ම ශක්තියි.අන්තගාමී නොවෙමු. සතුන්ට හිමිතැන සහ ආදරය රැකබල ගැනීම කරමු. (බ)
නැදුන්ගමුවේ හස්ති රාජයාට දීර්ඝායුෂ පතමි.(ම)
දීර්ඝායුෂ වේවා !! (නි)
මහා පින්වන්තයෙක් (නි)