නවගත්තේගම - කුරුකැටියාව ප්‍රදේශ යේ රක්ෂිතයක නිධානයක් ගොඩ දැමීමට තැත් කළැයි කියන හත් දෙනකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පාදෙණිය, සිරිපුර, දෙහිඅත්තකණ්ඩිය, මහවැව, නවගත්තේගම, ආඩිගම සහ මහව පදිංචිකරුවන්වේ.
කුරුකැටියාව රක්ෂිත වනාන්තරය තුළ පිහිටි හුදකලා බිම් ප්‍රදේශයක තිබෙන බව කියන නිධානයක් ගොඩ දැමීමට සැකකරුවන් සුදානම් වන බවට නවගත්තේගම පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් සතුව තිබී මල් බුලත් තට්ටුවක් , යකඩ ඉණි ඇතුළු කැණීම් උපකරණද , යාතිකා කටයුතු සදහා ගෙන එන ලද භාණ්ඩ පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් පුත්තලම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා උපයෝගී කරගන්නා 'යාතිකාව' අසා දැනගන්නා ලෙස මා පොලීසියෙන් ඉල්ලා සිටිනවා. මේවා ග්‍රන්ථාරූඪ කර පර්යේෂණ කළයුතු යැයි මට සිතෙනවා (නි)
කොච්චර කිවුවත් අපේ මිනිස්සු අහන්නේ නැහැනේ (නි)