IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නොදුටු එළිය දෙන්න සිංහයෝ පෙරමුණේ

ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික්  306 බී 1 සිංහාධිපති රංජිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දෘශ්‍යාබාධිතයන් 150 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පා ගමනක් සහ වියළි අහාර ද්‍රව්‍ය බෙදාදීමක් වත්තල දී සිදුවිය.

මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 162ක් ලබා සමත් වූ එකම දෘශ්‍යාබාධිත සිසුවා වූ මහනුවර දොඩන්වල අඳ ගොළු බිහිරි පාසලේ පසිදු හිරන්ත ශිෂ්‍යයාට  ජා-ඇල සිංහ සමාජයේ ආර්. එල්. රාජ් කුමාර් සහ මේරියන් පෙරේරා විසින් මසකට 5000 බැගින් වසර තුනක් සදහා ශිෂ්‍යත්වයක් පිරිනැමීමද එහිදී සිදුවිය.

 



අදහස් (0)

නොදුටු එළිය දෙන්න සිංහයෝ පෙරමුණේ

කුමාරි Thursday, 17 October 2013 05:47 PM

මතු උපදිනා සෑම භවයකම නිරෝගී සම්පුර්ණ මිනිස් අත් භාවයන් ඔබ සැමට ලැබේවා! (නි)

:       0       0

දිනේෂ් Friday, 18 October 2013 10:21 AM

හැමෝගෙම ආශිර්වාදය ලැබෙනවා ඔබට. සදා ජය! ජේසු පිහිටයි! (නි)

:       0       0

චමි Sunday, 20 October 2013 02:13 PM

සිංහ සමාජය ගැන හොඳ සිතුවිල්ලක් ඇති කල ඔබ සැමට ගොඩක් තුති. (නදී)

:       0       0

සුනෙත් Friday, 18 October 2013 07:33 PM

හොඳ වැඩක් හොරෙන් කරනවට වැඩිය හැමෝටම දැනෙන්න කරන්න ඕනෑ. එතකොට අනික් හැමෝටම හොඳ දේ කරන්න ආශාවක් උනන්දුවක් ඇතිවෙනවා. දැන් වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ හොඳ දේට වඩා නරක දේ. ඒ නිසා හොඳ දේ ලංකාදීප පත්තරේ නොමිලයේ දාන එකට පින්. කරන උදාර සේවය රහසින් කරන එකට වඩා හැමෝටම දැනෙන්න කරන්න. ලංකාවේ බොහොමයක් මේවා කරන්නේ ප්‍රතිලාභ බලන්නේ නැතුවයි. ජා-ඇල සිංහ සැමටම නැවතත් තුති. (නි)

:       0       0

සුනෙත් Friday, 18 October 2013 11:12 AM

නිර්මාණශීලී උතුම් සැබෑම සිංහ වැඩක්. ද්‍රවිඩ මහත්මයෙක් සිංහල පුතෙකුට උදව් කරන හැටි බලන්න ලස්සනයි නේද? රාජ් සහ මේරියන් දෙපලට පින්. (නි)

:       0       0

ලසන්ත Monday, 21 October 2013 07:14 PM

මම කැමති මෙම සිංඝ සමාජයට බෙදෙන්න මෙම සත් ක්‍රියාව මම ඉතා අගය කොට සලකනවා (අ)

:       0       0

රතන Friday, 18 October 2013 01:57 PM

මම හිතන් හිටියේ සිංහ සමාජ කියන්නේ පාර්ටි දන කට්ටියක් කියල බලාගෙන ගියාම නියම වැඩක් කරලා තියෙන්නේ (අ)

:       0       0

පැරා Friday, 18 October 2013 03:31 PM

නිර්මාණශීලී උතුම් සැබෑම සිංහ වැඩක්. ද්‍රවිඩ මහත්මයෙක් සිංහල පුතෙකුට උදව් කරන හැටි බලන්න ලස්සනයි නේද? රාජ් සහ මේරියන් දෙපලට පින්. සිංහ පොතකිනි.. ප්‍රසිද්දියට වියදම් කරන සල්ලිත් තවත් අයෙක් වෙත ලබාදුන්නොත් තවත් පින. ප්‍රසිද්දිය නොව අප බලාපොරොත්තු විය උතේ,,..නිහඩ..උදාර සේවයි.. (අ)

:       0       0

චමිල - පානදුර Friday, 18 October 2013 01:14 AM

හොද වැඩක්. පින් සිද්ධ වෙනවා හැමදෙනාටම. (නි)

:       0       0

ඩොන් Friday, 18 October 2013 04:11 PM

යහපත් ක්‍රියාවක් පින්සිදුවේවා (අ)

:       0       0

ජනක Friday, 18 October 2013 02:00 AM

හොද දෙයක් (නි)

:       0       0

අමල් Saturday, 19 October 2013 06:51 AM

මෙම සිංහ සමාජය පසුගියදා විශාල වෛද්‍ය සායනයක් ජාඇල කළා මම දැක්කා. කවදාහරි මෙම සිංහ සමාජය ලංකාවම බබළනවා. ඔවුන්ට දේව ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site