IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


'නාද්' හරහා ලාංකීකයෝ බොලිවුඩයට

20160406India_6ජනප්‍රිය බොලිවුඩ් සිනමාපට ද්විත්වයක් වන 'දේව්දාස්' හා 'හම් දිල් දේ චූකේ සනම්' චිත්‍රපට සඳහා ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත් සංගීත අධ්‍යක්‍ෂ ඉස්මයිල් දර්බාර් අධ්‍යක්ෂණය කරන 'නාද්' චිත්‍රපටය සඳහා ශ්‍රී ලංකාවේ කෞෂි එන්ටර්ටේන්මන්ට්ස් පුද්ගලික සමාගම සහ මුම්බායිහි ඉස්මයිල් දර්බාර් චිත්‍රපට සමාගම අතර ගිවිසුමක් ඉන්දියාවේ මුම්බායිහිදී පසුගියදා අත්සන් තැබීය. බොලිවුඩ් සිනමාව තුළ ප්‍රදර්ශනය වන පළමු පෙළේ චිත්‍රපටයක් වන 'නාද්' හි අධ්‍යක්‍ෂ මෙන්ම, සංගීත අධ්‍යක්‍ෂණය සිදු කරනු ලබන්නේ ඉස්මයිල් දර්බාර්ය.

අවුරුදු පහළොවක පමණ කාලයක් භාරතයේ ගත කළ කාලය තුළ ලද සිය අත්දැකීම් ඇසුරින් කෞෂල්‍යා වික්‍රමසිංහගේ පර්යේෂණාත්මක කථාවක් මත, සමන් වීරමන් විසින් මූලික කථා පිටපත සකස් කර ඉන්දියාවේ ප්‍රවීණ තිර රචකයෙකු විසින් ලියූ මෙම තිර පිටපතේ කථාසාරය වන්නේ, සංගීත උපාධිධාරියෙකු වන 'විශ්ව' නම් ශ්‍රී ලාංකික තරුණයා පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබීමෙන් අනතුරුව බරණැස විශ්වවිද්‍යාලයට යන අතර, එහිදී උපාධියට අමතරව සිතාර් වාදනය පිළිබඳව වැඩිදුර හැදෑරීමේ උනන්දුවක් දක්වන විශ්වට බරණැස ඉතාමත් පැරණි සංගීත උස්තාද්වරයෙකු යටතේ පුහුණුව ලැබීමේ දුර්ලභ අවස්ථාවක් උදා වේ. එහිදී අනපේක්ෂිත ලෙස ඔහුට මුණගැසෙන එම උස්තාද්වරයාගේ එකම දියණිය වන 'ශබ්නම්' සහ 'විශ්ව' අතර ඇති කරගන්නා ආදර කතාව වටා මෙම චිත්‍රපටය නිර්මාණය වේ. එය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හටගන්නා තවත් එක් සුන්දර හා අපූරු සංස්කෘතික බැඳීමක් ලෙස හැඳින්විය හැක.

කෞෂල්‍යා වික්‍රමසිංහ සභාපතීත්වය දරණ 'කෞෂි' එන්ටර්ටේන්මන්ට්ස් පුද්ගලික සමාගම හා මුම්බායිහි ඉස්මයිල් දර්බාර් චිත්‍රපට සමාගම එක්ව ඉදිරිපත් කරනු ලබන මෙම චිත්‍රපටය, ප්‍රථම ඉන්දු - ශ්‍රී ලංකා සම නිෂ්පාදනයයි. ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ රමණීය පසුතල තුළ රූගත කෙරෙන මෙම විත්‍රපටයේ රඟන බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් සමග ලංකාවේ නළු නිළියන්ටද රංගනයෙන් දායක වීමේ අවස්ථාව උදාවී ඇත.

'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සමන් වීරමන් මෙහි නිෂ්පාදක උපදේශක වශයෙන් කි‍්‍රයාකරන අතර, 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ චත්‍ර වීරමන් හා සම අධ්‍යක්‍ෂ භාරත හෙට්ටිආරච්චි මෙහි නිෂ්පාදන සැලසුම්කරුවන් මෙන්ම ප්‍රධාන විශේෂ දෘෂ්ටි ප්‍රයෝග අධීක්ෂකයන් ලෙස කටයුතු කරයි. 'විජය කුවේණි' හා 'ඇහැලේපොළ කුමාරිහාමි' යන චිත්‍රපට නිෂ්පාදනය කළ ගයාන් රණධීර මෙහි නිෂ්පාදක විධායක ලෙස කටයුතු කරන අතර, කපිල අපරැක්ක හා ලංකා ධර්මවික්‍රම සහාය නිෂ්පාදකවරු ලෙස කටයුතු කරති. 'අනිත්‍යා' චිත්‍රපටයේ සම නිෂ්පාදක වන චින්තක රණවීර රේඛීය නිෂ්පාදක මෙන්ම, මෙම චිත්‍රපටයේ මාධ්‍ය හා ප්‍රචාරක උපදේශක ලෙස කටයුතු කරන අතර, ප්‍රශීත් මධුශංක රත්නසේකර මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි

බුද්ධික සේනාධීර

 

20160406India_1 20160406India_2 20160406India_3 20160406India_4 20160406India_5



අදහස් (0)

'නාද්' හරහා ලාංකීකයෝ බොලිවුඩයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site