(ගයාන් සූරියආරච්චි)

නෙදුන්කේනි කිරිසුඩ්ඩාන් ප්‍රදේශයේ නිවෙසක නිදාගෙන සිටි පුද්ගලයකුට කිසියම් පුද්ගලයකු හෝ කිහිබදෙනකු ආයුධයකින් හිසට පහරදී ඝාතනය කර ඇති බව නෙදුන්කේනි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 47 හැවිරිදි කිරිසුඩ්ඩාන් හි පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා බිරියගෙන් වෙන් වී එම නිවසේ තනිවම ජීවත් වී ඇති අතර ඊයේ (02) සවස නිවසේ නිදාගෙන සිටිය දී  හිසට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

නෙදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.