හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය අප්‍රේල් 23 වැනිදා අල්ලස් කොමිසමට එද්දී එහි උද්ඝෝෂණ නොකරන ලෙස උසාවි නියෝගයක් තිබියදී ඔහුට සහාය දැක්වීමට එහි ගිය මන්ත්‍රීන් ඇතුළු 17 දෙනකුට නොතීසි ලැබුණු පසු උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (17) නියෝග කළේය.
උසාවියට අපහාස කළැයි හිමිවරු 9 දෙනෙක් ද චෝදනා ලබා සිටිති.
ජනාධිපති කොමිසමේ පොලිස් නිලධරයකුගේ රාජකාරියට බාධා කළැයි මේ නඩුවෙන්ද චෝදනා ලබා සිටින බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාරට ජනවාරි 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජයන්ත කැටගොඩ, මධුමාධව අරවින්ද, රොජර් සෙනෙවිරත්න, උදය ගම්මන්පිල, විජිත ලොකුබණ්ඩාර ඇතුළු තවත් 8 දෙනකුට එසේ නොතීසි නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ නුගත් යැයි කියන අය ලවා මේ අයට නීතිය කියලා දෙන්න වෙලා වගෙයි (නි)
පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න බැරි දේවල් මේ "නළු බට්ටෝ" උසාවි ඉදිරියේ "වීදි නාට්‍යකාරයෝ " හැටියට රඟපාන්න ඇවිල්ල වගෙයි.....(බ)
ජනතා නියෝජිතයනට නීතිය ක්‍රියාත්මක කරන්න එපැයි ජනතාව කියන්නේ නෑනේ (ම)
කට්ටියටම හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ ලොකුකම යන්න. (නි)