
(විමුක්ති එස් රුද්‍රිගු)
බුද්ධාගමට අපහාසාත්මක වන අයුරින් අන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකිරීම සහ එම ප්‍රකාශ විකාශය කිරීමට අදාළව ගොනුකර තිබූ නඩුවෙන් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සහ 'එස්.එල් ව්ලොග්' යූ ටියුබ් චැනලයේ හිමිකරු බෘෘනෝ දිවාකර නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (19) නියෝග කළේය.
නඩුකාරය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා ලිඛිතව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙන බවත් ඒ හේතුවෙන් නීතිපති උපදෙස්මත විත්තිකරුවන් දෙදෙනාව අදාළ නඩුකරයෙන් නිදහස් කරන බවත් නියෝගය නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේ තීරණය පිළිබඳ නැවත සළකා බලන ලෙස පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය. කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ නඩුව පවත්වාගෙන යා නොහැකි බවට නීතිපතිවරයා පැහැදිලිව උපදෙස් ලබා දී තිබෙන බවත් නීතිපති උපදෙස් සළකා බැලීමක් සිදුකළ නොහැකි බවත්ය. එසේම උපදෙස් සම්බන්ධයෙන් අධිකරණය ගන්නා ක්‍රියාමාර්ගය දින 14 ක් ඇතුළත ලිඛිතව නීතිපතිවරයා වෙත දන්වන ලෙසද ලිපියේ සඳහන් වන බව කොටුව මහේස්ත්‍රාත්වරයා පැවැසුවේය.
කොළඹ ප්‍රසිද්ධ පාසලක පැවැති 'මෝඩාභිමානය' නම් ප්‍රහසන වැඩසටහනකදී බුදුදහමට, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය නැමැත්තියට චෝදනා එල්ල වූවාය. එසේම 'එස්.එල්. ව්ලොග්' නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ එම වීඩියෝව ප්‍රචාරය කරමින් ප්‍රචාරයට අනුබලදීම සම්බන්ධයෙන් , එහි හිමිකරු වන බෲනෝ දිවාකර නැමැත්තාට චෝදනා එල්ල විය.
නතාශා එදිරිසූරිය රටින් පිටවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පසුගිය වසරේ මැයි 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට පත්වුණු අතර බෘෘනෝ දිවාකරව පැය 8 ක් එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය වසරේ මැයි 31 වැනිදා අත් අඩංගුවට ගනු ලැබුවේය.
අනතුරුව පසුගිය වසරේ ජූනි 21 වැනිදා බෘෘනෝ දිවාකර ඇප මත නිදහස් වූ අතර නතාෂා එදිරිසූරිය පසුගිය වසරේ ජූලි 05 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූවේය.
විත්තිකරුවන් දෙදෙනාම අද (19) අධිකරණයේ පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්...!
නිර්මල බුදු දහම කියන්නේ දර්ශනයක්. එය ඕනෑම ආගමක් අදහන අයෙකුට අනුගමනය කළහැකි දර්ශනයක්... නමුත් අපේ රටේ ඉන්න සිංහල බෞද්ධ යයි කියාගන්නා සමහරක් හිතන්නේ ඩෑෂ් බෝඩ් එකේ බුදු පිළිමයක් සවිකර ගැනීම... කහ සිවුරක් දුටු තැන වැඳ වැටීම, පලතුරු ලොරි ගණන් ගෙනැවිත් සිමෙන්ති කුටිවලට පිදීම වගේ ගොන් ආතල් ගැනීම තමයි බුදුදහම පිළිපැදීම යනුවෙන් අදහස් කරන්නේ කියලා. මේ වගේ මෝඩයෝ බොරු රඟපෑම් කළාට ඔවුන්ගේ ඇතුලේ ඉන්නේ දේවදත්තලා... මේ මිනිස්සු දෙන්නාව හිරේ දැමීමට මුල්වූ අයත් මේ මෝඩ ගනයේ අය තමයි. ගරු අධිකරණය ගැන නොවෙයි මා මෙහිදී කතා කළේ ඉන් පිටත ඉන්න මෝඩයින් ගැනයි...
එතකොට අපේ හාමුදුරුවෝ...!
නතාෂා සහ බෘෘනෝ ලද ජයකට වඩා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ ප්‍රධාන බොදු විරෝධී කල්ලිවල ජයග්‍රහණයකි.
මින් ඉදිරියටවත් තමන්ගේ වාචාලකම නවත්වා ගන්න...
මුල ඉඳලාම මෙතැන නඩුවක් දාන්න තරම් දෙයක් තිබ්බේ නැහැ. රනිල් පොහොට්ටු ආණ්ඩුව කරේ නිකන් බයියෝ ටිකක් ටික කාලෙකට චූන් කරන එක විතරයි.
සුමනේ කියන එක තමයි ඇත්ත. ඩෑෂ්බෝඩ් ආගම්කාරයෝ ඒකට අන්ලයික් දාලා, නිර්මල බුදදහමට කාටවත් අපහාස කරන්න බැරි බව මේ උන්නැහැලාට නොතේරීමයි ප්‍රශ්නය. ආගම රකින්න රජය මැදිහත් වෙන්නේ ආගම කියන්නේ භෞතික දෙයක් කියලා හිතලාද?
සත්‍යපාල ජවිපෙට බය තරම කියතොත් රටේ හැම සාධාරණ කාරනයකදීම ජවිපෙ පේනවා, රටේ විනිසුරු තුමන්ලාත් ජවිපෙ වෙලා වගේ ඔබ කියන විදියට...!
ප්‍රමාණවත් සාක්ෂි නෑලු. අර වීඩියෝ වල තිබ්බේ මොනවද දන්නේ නෑ. කමක් නෑ... ගොන්කම්වලට පාඩමක් ඉගෙන ගත්තු නිසා... ගොන් ශෝ දාන එක නවත්තපල්ලා.
බුදු රජුන් දෙසූ බණ පද තාම නොසැලී තියෙනවා ඒ මග යන උවැසි උවැසියන් සංසාරේ ජය ගන්නවා නතාෂා සහ බෲනෝ හිනැහි හිනැහී ඉන්නවා එන්.ජී. ඕ .කාසි මලු ඔවුන් වෙනුවෙන් හැළෙනවා
මෙයාලා නිකන් හිරේ තියාගත්තට මොකද කරන්නෙ?
ලංකාවේ මිනිස්සුන්ට වැටෙන නඩු වල හැටි.....හිනාත් යනවා....
නතාෂාට සෞදි විදියට දඬුවම් ලබා දෙන්න ඕනෑ. නීතිපති දෙපාර්තමේන්තුව මුලික කරගනිමින්.
කතා කරන්න එක කටත් විතරක් දීලා තියෙන්නේ ඇයි කියල, කවුරු කවුරුත් හිතා ගත්තා නං හොඳයි.
ඒ දවස්වල රාජපක්ෂ- රනිල්ව පතුරු ගැහුව්ව චැනල් එකක් නේ එකට පලිය ගන්න තමයි ඕක කරේ. පව් අන්තිමට නඩුවත් පරාදයි. මම නම් ඔය වොග් එක බලනවා. හරි නම් ලංකාවේ ඕන කෙනෙක්ට ඕනැම ආගමක් විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ මොකද මේක සවුදි අරාබිය නෙමෙයි නේ. අපිට රටේ නායකයා වුණත් විවේචනය කරන්න අයිතියක් තියෙනවා.
ඔය විදියටම තමයි මල්වානේ නඩුව ඇතුළු නඩු කීපයක් අහක ගියේ. හරි පුදුමයි. නඩු දාන්නෙත් නීතිපති විශාල මුදලක් වියදම් වුනාට පස්සේ තමයි කියන්නේ අනේ ප්‍රමාණවත් සාක්ෂි නැහැයි කියලා. මේක දැන් ඒක රටාවක් වෙලා.
මුන් NGO කාරයෝ මුන්ට වියදම් කරන්නේ NGO වලින්. මුන් දෙදෙනා නිදහස් උනේ ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා මිස වැරද්දක් නොකළ නිසා නොවෙයි. මුන් මුස්ලිම් ආගමට විරුද්දව ප්‍රකාශ කලා නම් මුන් සවර්ගස්ථ කරලා බොහොම කල්.
වාචාල කමයි ,ගොන් පාට් දාන එකයි මීට පස්සේ නතර කරන්න.ප්‍රසිද්ධ වෙන්න කියලා ආගමික න්‍යායන් ..ඉගැන්වීම් ..ඒවට බෙදුණු ඉතිහාස කතා අරගෙන නිකන් ගොන් ආතල් දෙන්න එපා.ඒවාට වෙන මාතෘකා අල්ලගන්න .මුන්ගේ ගොන් පාට් අපි දැක්කා යූ ටියුබ් චැනල් එකේ.කාලකන්නි
විමසිල්ලෙන් ඉවසීමෙන් බලා ඉන්න මෙවුන්ට වෙන දේ. වල්වැදුන නීතියට වඩා සොබාදහමේ නීතිය බලවත්.
සුමනේ, තමුන් ආගම සහ සංස්කෘතිය පටල ගත්ත මෝඩයෙක්. අන් සංස්කෘතීන්ට අපහාස කරන එක අසිකකිතකමක්.
චී. අයි ඩි යට ජයවේවා ! හාමුදුරුවෝ හිරේ ගියා .ගෑනි ගෙදර ගියා . සාක්කි නැතිව . දෙයියෝ සාක්කි .
සුමෙනෙයි, පිනා ලංකාවේද ඉන්නේ? මේ වගේ ගොන් කමෙන්ට් දාන්නේ.