(දිල්රුක්ෂි ග්‍රේරු)
නිතීවිරෝධි අයුරින් මෙරටට රැගෙන ආ රුපියල් 50,000 ක් වටිනා සිගරට් කාටුන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරාය නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් සමඟ ඔවුන් පැමිණි ත්‍රිරොද රථයද පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් චීන වරාය පොලීසියට බාර දී ඇති අතර ත්‍රීකුණාමලය විශේෂ කාර්ය බළකාය කඳවුරේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.එච්.කේ සංගීත් ඇතුළු නිලධාරින් පිරිසක් මොවුන් අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දී තිබේ.
මෙම සැකකරුවන් කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවද තොරතුරු අනාවරණය වි ඇතැයි බුද්ධි අංශ නිලධාරින් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd