(ටී.කේ.ජී.කපිල )
විදෙස් රටක නිෂ්පාදනය කරන ලද දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු අද (24) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 5,313,000 ක් වටිනා දුම්වැටි 96,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 483 ක් ඔවුන්ගේ ගමන්මලුවල සඟවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් පිරිස හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි අඹුසැමියෝ වෙති.
ඔවුන් ගෙනා දුම්වැටි අතර ඩුබායිහි නිෂ්පාදිත දුම්වැටි සහ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි ද තිබූ බව රේගු නිලධාරීහු පැවසූහ.
මොවුන් නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් භාණ්ඩ රැගෙන එන්නන් බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතර බඩු ගෙන එන්නේන්ම් මේ සැරේ වැරදුනේ කොහොමද? මොකද නොදන්නවාද සිගරට් ලංකාවට ගෙන යාම තහනම් බව.
අම්මෝ ලොකු වීරකමක් කරලා. මේවා විතර වෙන්න ඇති හොර බඩු විදියට එනවා ඇත්තේ ?