(ප්‍රේමතිලක පෙරමුණ කළුතර සිට )

 

කළුතර දිසා මතුගම ගුලවිට පාර
යනවිට තිබෙන ගම්මානෙකි හැඩකාර
කටුමැටි ගෙවල් ඇත ඒවට නැත පාර
ජනපතිතුමනි නැතිවද මේවට තාර
   
   
   
මගෙ පොඩි කෙල්ල පාසල් යයි හැමදාම
යන එනවිටදි කටු ඇනිලා හැඩුවාම
වාවනු නොහැක ඒ බව මම නොකියාම
සනසමි ඇයව දෙන්නම් හෙට රස කෑම