IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව තහවුරු වූ පසු ජපන් ණය ආධාර යටතේ ක්‍රියාත්මක වී දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය අදහස් කරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද (04) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා තවදුරටත් සහාය දැක්වීමට ජපානය බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.

මෙරට සියලුම ණය හිමියන් සමඟ විනිවිදභාවයකින් සහ සංසන්දනාත්මක ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹීම ඉතා වැදගත් බවද ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව සහ නිල ණය හිමියන්ගේ කමිටුව ණය ප්‍රතිවිරුව ගත කිරීමේ අවබෝධතා ගිවිසුමට ඉතාමත් ඉක්මනින් අත්සන් තබනු ඇතැයි ජපානය බලාපොරොත්තු වන බව කමිකාව මහත්මිය පැවැසුවාය.

 



අදහස් (2)

නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්

ලසන්ත Sunday, 05 May 2024 06:45 AM

ලංකාවේ යමක් කරනවා නම් මැතිවරණ ආසන්න කාලයේ කලොත් වැඩක් නැහැ. මොකද ඊළඟට එන ආණ්ඩුව ඒක ගැන බලන්නේ නැහැ. මතකනේ සැහැල්ලු දුම්රිය මාර්ගයට කලේ මොකක්ද කියලා මේ රට හැමදාම රිවස් ගියරයේ යන්නේ පුද්ගලික අපේක්ෂා මත ක්‍රියාත්මක දේශපාලන පක්ෂ නිසා තමයි. එක්කෝ එහෙම පක්ෂවල ලියාපදිංචි අවලංගු කරන්න ඕනෑ. නැත්නම් රටේ සංවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සැකසීම කරන්න ඕනෑ. එහෙම නැතුව හැමදාම ලෝකයා රවටමින් හිඟමනේ යාම නොපමාව නතර කරන්න ඕනෑ...

:       0       0

රෝයි ෆෙඩ්රික්ස් Monday, 06 May 2024 03:23 PM

අනේ හාමිනේ අර නින්දට අධිපති මනුස්සයා ගැන අහලා තියෙනවා නේද? ඔව් ඔව් හරියට හරි උන්නැහේ තමයි. අර ජපන් ආණ්ඩුවෙන් අත මාරුවක් ඉල්ලුවේ. අනේ මගේ සුදු නෝනනේ ඒක ඒ මනුස්සයාට දීලා දානවාද? නැත්නම් උන්නැහේට නින්ද යන එකක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 228 0

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 80 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


බාර් පර්මිට් ගත්ත අයට සජිත්ගෙන් රතු එළියක්
2024 මැයි මස 18 444 1

මැතිවරණ කාල සීමාවක සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේ


ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට
2024 මැයි මස 18 433 2

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ර


අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක්
2024 මැයි මස 18 424 0

ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක ම


ජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි
2024 මැයි මස 18 1344 1

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 781 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2330 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1994 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site