(අංජුල මහික වීරරත්න)

අයහපත් ආර්ථිකය නිසා තාවකාලිකව නතර වී ඇති පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද  සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

එමෙන්ම  පාසල් උපකරණ  ලබා ගැනීමට නොහැකිව සිටින පාසල් ළමුන් සඳහා උපකරණ ලබදීමේ වැඩපිළිවෙලක් සහ අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින්ගේ  පෝෂණ තත්ත්වය නැංවීමට පළාත් පාලන ආයතන මගින් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ   පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.