යුද්ධය නිම වී වසර හතක් ගත වී ඇතත් වව්නියා දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වු පවුල් 12000 කට නිවාස නොමැති බව වව්නියා දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි.
එකවර සියලු දෙනාට නිවාස ලබා දීමට නොහැකි බවත් එය අවුරුද්දෙන් අවුරුද්ද ක්‍රමයෙන් සිදු කරන බවත් මෙම වසරේ නිවාස 1000 ක් සඳහා මුදල් ප්‍රතිපාදන ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
පුනරුත්තාපන හා නැවත පදිංචිකිරීම් අමාත්‍ය ටී.එම්. ස්වාමිනාදන් ප්‍රකාශ කළේ
“ අපි නිවාස නැති අයට නිවාස ලබා දෙන්න වැඩ පිළිවෙළක් හැදුවා. පත්තරේ අයදුම්පතක් දානවා. නිවාස නැති අයට අයදුම් කරන්න පුළුවන් ” යනුවෙනි.
යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර නිවාස 155000 ක් පමණ විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ ගණනය කිරීමකින් හෙළි වී ඇත. වව්නියාවේ නිත්‍යනගර් මේ අර්බුධයෙන් දැඩි ලෙස බැට කයි.
“ අපිට කන්නත් නෑ, බොන්නත් නෑ, ඉන්නත් නෑ ඒමදිවට අලිත් ගහනවා ”
යැයි නිත්‍යනගර් හී නවදීශ්වරී (33) පැවසුවාය. ඇය පවසන්නේ යුද්ධයෙන් අසරණ වූ තත්වයේම තවමත් ඔවුන් පසුවන බවයි.
ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා ලැබී නොමැති බව ඔවුන්ගේ නිවෙස් දෙස බලන විට පෙනී යයි. මේවන විට ප්‍රවාහන, පානීය ජලය ගැටළු මෙන්ම වල් අලි ගැටළුව ද ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි.විවිධ ආකාරයෙන් රජයට තම දුක කීවද ඒවා සඳහා කිසිඳු පිළියමක් ලැබී නොමැති බව නිත්‍යනගර් වැසියෝ පැවසූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි ආධාර ගසාකෑ, දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් ගසාකෑ අය ලබන ආත්මේ උපදින්න ඕනෑ කොහෙද කියලා හිතාගන්න බැහැ මේවා පෙනෙනකොට (නි)
ලැබුන ආධාර ගසා කාපු උන්ට මේ ආත්මයේදීම ඕව පලදෙයි. (බ)
නුවන් දිස්නිලන්තේද ඉන්නේ? යුද්ධයට පස්සේ මිනිසුන්ට අවැසි හැමදේම ටිකින්ටික ලබාදෙන්න සුදානමින් වැඩ කරගෙන යන අතරේ පෙඩරල්වාදී ගමනකට එම පෙදෙස් වල මිනිස්සු සුදානම් කරන උදවිය ඒවා කඩාකප්පල් කළා. එ් මිනිසුන්ගෙ ඔලුවලට විස පොවපු කෙනා නන්දිකඩාල් කලපුවේ ඉවර වුණා. (නි)
ලැබුන ආධාර ගැන නම් තොරතුරු ගොඩක් තියනවා. සාම කතා කාලේ අරගෙන ගිය ඒවා, එවපු කට්ටිය ගැන රජයත් නිහඬවෙලා. දැන් උපදෙස් දෙන්නත් එනවා. කොපමණ කළත් කෙරුවා කියලා කියන්නේ නැහැ. (නි)
මාධ්‍යවේදීන්ගේ යුතුකම තමයි මේ වගේ දේවල් නිතරම පළකිරීම එතකොට තමයි මිනිසුන්ගේ ඇස් ඇරෙන්නේ (අ)
කිසිම ආණ්ඩුවක් මිනිස්සුන්ට දෙයක් කරනවා කියා කියන්නේ කොහොමද .විශේෂයන් මේ ජනතාව අපට වෛර නොකර අරීද ? කෝ අපේ බෞද්ධ කම . කෝ අපේ මනුස්සකම . බොරුව ඇති. (ර)