ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර නීතියේ ආධිපත්‍ය පිළිබඳ ශක්‍යතාවය වැඩි දියුණු කරගැනීමට සහාය දීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (29) කොළඹ විදේශ අමාත්‍යංශයේදී අත්සන් කැරිණි.
විදේශ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා හා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කේෂාප් ගිවිසුම අත්සන් කළ අතර ගිවිසුම අනුව ඇමරිකා ඩොලර් බිලියන 2.6 ක් (රුපියල් බිලියන 363.38) මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම සිදුවේ.
නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලිස් දෙපාර්තමේන්තුට අවශ්‍ය තාක්ෂණික දැනුම වැඩි කරගැනීමේ අවස්ථාව මින් සැලසෙන බව එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට ඔබින අය නිකන් ලිං මැඩියෝ පමණි (බ)
සුදත්, මම මගේ රටට ආදරය කරන අම්මා අප්පා හඳුනන හොඳ සිංහලයෙක්. මම අම්මේ කිව්වෙත් එක්කෙනෙකුට පමණයි. තාත්තේ කිව්වෙත් එක්කෙනෙකුට පමණයි. ඇස් ඇත්නම් බලන්න. අද මේ රජය බලයට ගෙනාවේ කවුද? රට පිළිබඳව කැක්කුමක් නැත්නම් ඔහු මේ රටේ ඉපදුනත් විජාතික මනසින් යුත් අයෙක් (නි)
නොදන්නා දෙයක් දන්නා කෙනෙකුගෙන් අහගන්න එක වැරැද්දක් නෙමෙයි. සමහරු සුද්දෝ සුද්දෝ කිය කියා බනිනවා. නමුත් ලෙඩක් වුණ වෙලාවට දුවන්නේ සුද්දෝ ළඟට. ගෙවල් තියෙන්නේ පුරවැසිකම් තියෙන්නේ සුද්දන්ගේ රටේ.නිශාන්ත කියන කතාව හරියට හරි. (නි)
ඔවුන් ගැන අපි මොනවා කියන්නද? (නි)
අපේ රටේ ඇමරිකාවට බනින දේශපාලුවන්ගේ ළමයි,සහෝදර සහෝදරියන්, පවුලේ හැමෝම එහි පුරවැසියන්.අපි නොදන්නා ජාත්‍යාලේ.සමහරුන්ට ගෙවල් පවා තිබෙනවා .ඔක්කොම මාධ්‍ය සංදර්ශන විතරයි.හොරු අල්ලලා දඬුවම් කරන්න තව ශතවර්ෂ 2500 ඉන්න වෙයි වගේ. (නි)
කළු සුද්දොයි ,හොර සුද්දොයි ලංකාව වැනසීමට කඩි මුඩියේ වැඩ !! දස ගුණයක් වේගයෙන් ඉදිරියේදී ලංකාව විනාශ කිරීමට (බ)
සල්ලි වලට විකුනනවද සේරම ? (ම)
හුරේ....! (බ)
අපේ රටේ නීතිය සුරකින්න කලින් එයලගේ නීතිය ආරක්ෂා කරගන්න වෙයි (බ)
නියම රටෙන් නීති උපදෙස් දෙන්න හදන්නේ . මානව හිමිකම් වලදී එයා ලට එක නීතියක් අපිට තව නීතියක්. (ම)
පිස්සුද මන්දා. කළු ජාතිකයින්ට නිකරුණේ වෙඩිතබා ඝාතනය කරන, පාසැල්වලට පැන ළමුන් ඝාතනය කරන විකෘති මනසින් යුත් තරුණ පරපුරක් නිසා අපරාධ වැඩි ඒ වගේම අවි භාවිතයට සීමා මායිම් නැති ඇමරිකාව වගේ රටක උදව් ගන්නේ අපේ නීතිය හොඳ නැතිවද?. නීතිය නොව වැරදි නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලනී කරණය වීමයි. එම බාධක ඉවත් කළොත් අපේ නීතිය ලෝකයටම ආදර්ශයක් වේවි. නීතියක් නැති රටක නීතිය අපට මොනවටද? (බ)
ජය වේවා. ලංකාවේ තියෙන ඇමරිකන් එම්බසියටවත් ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ මෙතන කියවන අය. (ර)
ඔක්කොටම කලින් නීතිපති ඇතුළු හොරු රැල එලවන්න ක්‍රමයක් යෙදුවොත් නරකද? නැත්නම් ළඟදීම මිනිසුන් නීතිපති දෙපාර්තමේන්තුව වටලා හොරුන්ට ගුටිබැට දෙන දිනය ළගදීම සිදුවෙයි (බ)
රෝද පුටුවල ඉන්න ලෙඩුන්ටත් වෙඩි තියන පොලිසියක් ඉන්න ඇමෙරිකාවේ නීතිය රකින්නේ කවුද ? (ම)
ඇමැරිකාවෙන් අපිට උදව් ලැබෙන එක ගොඩක් වාසි දායකයි.(හේ)
සම්පත් කියන්නේ තමන්ට ඇමරිකාවට යන්න බැරිවුන නිසා ඇමරිකාවත් එක්ක ඇරියස් එකකින් ඉන්න කෙනෙක් වගේ... ඇමරිකාව තම ලෝකයේ ඉහලම පහසුකම් ඇති විෂ්වවිද්‍යාල, දියුණුම ආරක්ෂක අංශය කියලා සලකන එෆ්බීඅයි එක තියෙන රටක්... ලංකාවේ මිනිස්සු එනව ඇමරිකාවට චරිත සහතික දෙන්න... අනේ අනිච්චං (හේ)
මෙතැන ඇමරිකාවේ නීතියක් නෑයි කියන හාදයට හෙට වීසා දුන්නොත් ඇමරිකාවට පනින හැටි බලන්න තිබ්බා...(හේ)
මේ අය ගැන මොන කතාද ? (බ)