ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයේ ගෞරවය රඳා පවතින්නේ එහි ස්වාධීනත්වය හා ප්‍රඥා සහගත ක්‍රියාකාරීත්වය මත යැයි නව අග විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා අද (9) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවසීය.
එසේම නීතියේ ආධිපත්‍යය දැන් තහවුරුවී තිබෙන බවත්, බලය යනු අත්තනෝමතිකව භාවිතාවන්නක් නොව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සිදුවන්නක් යැයිද හේ කීවේය.
නව අග විනිසුරු ලෙස කේ.ශ්‍රී පවන් මහතා පිළිගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අද (9) කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ රැස්වීම් ශාලාවේ නිල පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහාන් පීරිස් අගවිනිසුරුතුමා ඉවත්කළේ් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තිය අනුවද කියලා පැහැදිලිකර දියහැකිද? (නි)
අහන්නත් සන්තෝෂයි , නිදහස් සුවඳක් දැනෙනවා (නි)
තවම ක්‍රියාත්මක වීමට නියමිත ව තිබෙනවා විතරයි. (ස)
වචනයෙන් විතරක් මදි ක්‍රියාවෙනුත් ඕනේ.(හේ)
හරි පුදුමයි ! පවන් මහතාණනි, ඔය අවංකවමද කියන්නේ? (ස)
කනගාටුව අප අපේක්ෂා කළ වෙනස මෙි පාලකයන්ට හිතාගන්නවත් බැරි විමය.(දිල්)
ඔබට දීර්ගයුෂ ලැබේවා.(හේ)
ස්වාධීන අධිකරණ පද්ධතියක් රටක පැවතීම එම රටේ සංවර්ධනයට 100% ක පිටු බලයක් ලැබෙනවාමයි.සෑම තරාතිරමක පුද්ගලයෙක්ම වැරදි කිරීමට බිය වෙනව. ඒ නීතියෙන් නිසි දඩුවම ලැබෙන බව සෑම පුරවැසියෙක්ම දන්න නිසා.ඉහල තලය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් ඊට පහල සියලුම තලයන් ස්වයංක්‍රීයවම නිවැරදි වන්නේය. (අ)
බලයට ජාතිවාදයට යට නොවුන අධිකරණයක් සඳහා ශ්‍රී පවන් මහතාට ශක්තිය (නදී)
කියන විදියටම මේ හැමදේ වුනොත් හොඳයි .(දිල්)