ඇවන්ට්ගාඩ් ආරක්ෂක සේවා සමාගම හා කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. රටට වැරදි කර ඇති බව ඔප්පු කිරීමේ හැකියාව තිබියදීත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට ප‍්‍රමාණවත් සාධක නැතැයි කියමින් කටයුතු කිරීම හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් යවා ඇති තවත් පරීක්‍ෂණ වාර්තා රැසක් පිළිබඳව ගතයුතු පියවර නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව නඩු පවරන බව පුරවැසි බලය සංවිධාන එකමුතුව පවසයි.
ඇවන්ගාඞ් ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධව එහි සභාපති නිශ්ශංක සේනාධිපතිටත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් කිහිපදෙනෙකුටත් එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ නියෝජ්‍ය සොලිසිටර්වරයෙකු වාර්තාවක් ලබා දී තිබියදීත්, එය නොතකා නීතිපතිවරයා ක‍්‍රියා කර තිබෙන බව ද එහි සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා කීවේය.
සමන් රත්නප‍්‍රිය මහතා මේ බව පැවසුවේ මරදාන, ඩීන්ස් පාරේ පිහිටි සාමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පුරවැසි බලය සම කැඳවුම්කරුවන් වන ගැමුණු විජේරත්න, ජෝශප් ස්ටාලින්, චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායක, වමේ කේන්ද්‍රය සම කැඳවුම්කරු චමීර පෙරේරා, රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු ද මෙහි දී අදහස් දැක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ අදහසක් (නි)
මේක කරන්න බැරි වෙන්නේ නැහැ. අවශ්‍ය උනන්දුව සහ කැපවීමයි. අපි වචනයකින් හරි උදවු කරමු. (නි)
දැන් මෙතුමාට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් වේවිද? (නි)
නිතිය අනුව කරුණු විසදිය යුතු වේ. ඉහලින්ම හෝ මගහැරීමක් සිදුව ඇත්නම් එයද නීතියෙන්ම විසදිය යුතු වේ.(ම)
අපි බලමුකෝ වෙන දේ... (නි)
හොඳ වැඩක් (ම)
මහා බැංකුව කොල්ල කාපු අය ටත් නඩු දන්නා ඕන (ම)
නීති පතිට නඩු දාන්න පුළුවන්ද?(හේ)
වරදක් කර ඇත්නම් දඬුවම් විඳින්න සූදානම් වෙන්න (නි)
මේක ඉතාම හොඳ වැඩක්. නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා කඩිනමින් කටයුතු කළයුතුයි. (නි)
මහා බැංකුව කොල්ල කාපු එකත් දැම්ම නම් ? (බ)
අපි බලාපොරොත්තුවෙන්නේ සාධාරණය! (නි)
කරන්න පුළුවන් දෙයක්ද?(හේ)
නිතියේ ආධිපත්‍යය සැමටම එක බව දැන්වත් පෙනෙනවා නේද? (නි)
නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක කරන්න (නි)
මේක නම් පුදුමාකාර ලෝකයක්... (නි)
බොහෝ දෙනා රටට ආදරය කරනවාට වඩා පළිගැනීම මුල්කරගෙන කටයුතු කරන බව පෙනෙන්න තිබේ. (නි)
පුරවැසියන් ඡන්දය දී නිවෙස් වලට වී නොසිට මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදීම ප්‍රජතන්තරවාදයේ මල් ඵල ගැන්වීමකි. ජයවේවා! (නි)
හොඳ වැඩක්. එක් කෙනෙකුට විතරක් හිමි රටක් නෙමෙයිනේ මේක. රටට ආදරය කරන පිරිසක් සිටීම සතුටක්. ජයවේවා! (නි)
ඉතාම හොඳ අදහසක්. (නි)