පුරවැසි සංවිධාන එකමුතුව හා පුරවැසි බලය වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද (09) වැනි දා කොළඹ පැවැත්විණි.
ඇවන්ගාඩ් සමාගම හා කුමාරන් පද්මනාදන් සම්බන්ධයෙන් නිතිපතිවරයා දුන් නිර්දේශ ගැන අප්‍රසාදය පළ කරන බව ඔවුන්ගේ ප්‍රකාශක සමන් රත්නප්‍රිය මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඔබ සමඟයි (නි)
අප්‍රසාදය පමණක් ප්‍රමාණවද්ද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
නීතිය කියන්නේ ඇත්තටම නෙමෙයිනේ. හොදම උදාහරණය අපේ රටේ ගොයම් කොළයට මුවාවෙලා වෙඩිතියන්නෙ කොහොමද කියලා නඩුවක් පරාද කිරීමේ සත්‍ය ප්‍රසිද්ධ ආදර්ශය. කවුරුත් දන්වවා කමත් බසින් ගොයම් කොළය කියන්නෙ කුමක්ද කියලා. මේවත් ඒ වගේ තමයි. හැමදේටම පිළිගත් ශාක්ෂි අවශ්‍යයි. (නි)
රට වෙනුවෙන් කටයුතු කරන්න තිබෙන ඉහළ තනතුරකට පත්වෙන අය නීතියට අනුව කටයුතු කළයුතුයි නේද? ඔවුන්ව හා ඔවුන්ගේ රාජකාරි අධීක්ෂණය කරන්න කවුරුත් නැද්ද? (නි)
තිලක් ඩුබායි පුදුම දේශපාලන වෛරයකින් පෙළෙන කෙනෙක් වගේ. චානක ලොස්ඇන්ජලිස් වගේම. (අ)
අප්‍රසාදය පළකරනවා පමණද?
අනේ මන්දා! අපිට නම් තේරෙන්නෙ නැහැ දැන් මොකක්ද කරන්න ඕනෑ කියලා (නි)
කුමරන් පද්මනාදන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අද කාලේ පොඩි දරුවෙක් වුණත් දන්නවා (නි)
මම නම් කියන්නේ අපි කුමරන් පද්මනාදන්ගේ පැත්තෙනුත් සාධාරණව සිතිය යුතුයි කියලා (නි)
අපි ඉවසලා බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට (නි)
නීතිපති මේ ගැන දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
අවසානයේ මේ සියලු දේ ජනතාවගේ කරපිටින් (අ)
දැන් පත්කර ඇති ඇමති මණ්ඩලයත් සමඟ බලනවිට මට නම් නීතිපති සම්බන්ධයෙන් අප්‍රසාදයට පත්විය හැකි තරමේ කරුණු පෙනෙන්නේ නැහැ (නි)
විමුක්ති.මොකෝ ලෝකයේ තියෙන කෝටි ප්‍රකෝටි මුදල් ටිකයි,පෙට්රෝල් සෙඩ් ටිකයි,ඉඩම් සහ නිවාස ටිකයි ගසා කන්නද? (අ)
කුමරාන් පද්මන් වැරදි නම් සෝමවංශ අමරසින්හත් වැරදියි , දෙවිදියකට වුණත දෙන්නම් කළේ එකම ජාතියේ දේවල් , ඒ වගේම අගමැති ඇතුළු මේ ආණ්ඩුවේ ගොඩක් දෙනාත් අද ඉන්න ඕනේ හිරේ හෝ එල්ලුම් ගස් ගිහින් 1988-89 භෂණ කාලේ දේවල් මහින්ද ත් වේ නම් පොලිසියක් දාගෙන් විමර්ශනය කළා නම් , මේ එන් ජි ඔ වල රට සල්ලි වලින් සුර සැප විදින රැල යුද්දේ කාලේ කොහෙද හිටියේ ? (අ)
මේ උදවිය අපරාද නිතිය ගැන හරියට ඉගෙන ගන්න ඕනේ , මොනතරම් මිනිමරුවෙක් වුණත් සාක්කි නැති නම් , තමා වරද පිළි ගත්තේ නැතිනම් එල්ලුම් ගස් යවන්න බැහැ , කාලය ගත විද්‍යාත්මක සාක්ෂි ගොඩ නගා නඩුව ඇදගෙන යන්න පුළුවන් , සමහර විට චුදිත වැරදි කරන්න පුලවන් , කෝ හිරුනිකා නෝනා දුමින්දව එල්ලුම් ගස් නැග්ගුවද ? රත්මලානේ ඇගලුම් කළමනාකරු දරු දෙන්න හා බිරිද පුල්ස්ස මරුවා ( ලෝකෙම දන්නවා ) , නමුත් තාම ඔප්පු කරන්න බැරිව ගියා .(අ)
හොද වෙලාවට ජනේරල්ගේ මාස්ටර් සැලසුම් නිසා මිනීමර ප්‍රභාකරන්ව එලොව යවන්න පුළුවන් වුණෙ.(අ)
මේ ගොල්ලන් දැන් නීති පතිටත් නීති දානවවගේ. තමන්ගේ තරම දැනගත්තොත් හොදයි (අ)
මමත් මේ බලාගෙන ඉන්නේ ඊළඟ පියවර මොකක්ද කියලා තමයි (නි)
අර ඡන්දය කාලේ මහා සද්දෙට කෑගහපු සංවිධාන එහෙම දැන් මොකුත් නැහැනේ! (නි)
මොන දේ කළත් කමක් නැහැ. අනවශ්‍ය ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)
අප්‍රසාදය පළකරලා පමණක් මදිනේ මහත්තයෝ (නි)
හැබැයි කලබල වුණාම කොරොස් කටෙත් අත දාන්න බැහැ කියලා කියනවා (නි)
හරි හරි. අපි බලමුකෝ එයාලා මොකක්ද කරන්න යන්නේ කියලා (නි)
මමත් කියන්නේ මේකට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ කියලයි (නි)
අප්‍රසාදය විතරක් පළකරලා මදිනේ ඉතින් (නි)
මට නම් මේ වෙන දේවල් දැකලා නිකම් පිස්සු වගේ (නි)
මුලින්ම මේ සංවිධානයේ ඉන්න පුරවැසියෝ කවුද කියලා බලමු අපි (නි)
ජනතාව යහපාලනට මනාපය දුන්නේ නීත්‍යානුකූලව ජනතාව අකමැති දේ කරන්න නෙමෙයි. ඇමති මණ්ඩලය 20න් එහාට වැඩිකිරීම ජන සම්මුතියට ,ජන මතයට පයින් ගැසීමක්. මොකද මනාපය ඉල්ලුවේ 20 ට අඩුකරනවා කියලනේ. (නි)
නීතිපති හොඳ කෙනෙක්.මට හිතෙන්නේ මෙතන වෙන මොකක්දෝ දෙයක් තියෙනවා. (නි)
දැන් දැන් සිද්ධවෙන දේවල් ගැන මගේ හිතටත් දැනෙන්නේ අප්‍රසාදයක් (නි)
මේ අදහස් වලට මාද එකඟය (නි)
මෙයාලා කොහෙද 1988-89 කාලේ හිටියේ? යුද්ධ කාලේ මෙයාලා මොනවාද කළේ? දන්නා කෙනෙක් දාන්නකෝ ඉතිහාසය. අපි එදත් කිව්වා අදත් කියනවා කේපී වගේ උදවිය ගැන නීතිප්‍රකාර කටයුතු කරන්න බැහැ. මොකද එයාලා දැන් හොද මාර්ගයට ඇවිල්ලා නිසා. ප්‍රභාකරන්ට අවි ආයුධ බිම තියලා සාම සාකච්ඡා වලට එන්න කිව්වේ අල්ලලා හිරේ දාන්න නොවේ, සම්මුතියක් හරහා ප්‍රශ්න විසඳා ගැනීමට. නමුත් එතුමා විශ්වාස කළේ ආයුධ. ඔහු හිතුවා මහින්ද එක්කත් අනෙක් අය එක්ක වගේ සෙල්ලම් කරන්න පුළුවන් කියලා සහ ජාත්‍යන්තරෙන් ඇවිල්ලා බේරාගනීවි කියලා. (නි)
ඔබතුමාලා අමාරුවෙන් පත්කරගත්ත ආණ්ඩුවනේ. දැන් මොකද කරන්නේ? (නි)
මේ වෙන දේවල් ගැන අපේත් වැඩි ප්‍රසාදයක් නැහැ මහත්තයෝ (නි)
ඇමති මණ්ඩලය නම් වැඩිකළාට කමක් නැහැ. කොහොමහරි කරලා පඩි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පසුව අඩුකරන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාව වෙන්කරන්න නම් දෙන්න එපා. බඩු මිල වැඩිවුණාට ලංකාවේ උදවිය සාගින්නේ මැරිලා නැහැ ඉතියෝපියාවේ වගේ (නි)
මහානාම, ඔය ප්‍රභාට එතුමා කියලා කවුද ඇමති කෙනෙකුට කියවිලා ඕගොල්ලෝ මහා කලබගෑනියක් කළා නේද? (නි)
මහානාම, නොදන්නා දේ ගැන කතානොකර හිටියා නම් හොඳයි.88/89 ඒවාට දඬුවම් කරන්න ගියොත් කොතනින් කෙළවරවෙයිද දන්නේ නැහැ. (නි)
කොහොමත් අපිට ඉවසීමෙන් බලාඉන්න වෙනවා (නි)
අනේ මන්දා දැන් රට යන අත ගැන මට නම් කිසිම දෙයක් හිතාගන්න බැහැ (නි)
මේ තිලක් ඩුබායි කියන කෙනා පුළුවන්නම් කියනවද කරන රැකියාව ඩුබායි වල? මම මේ අඅදහස් නිතර කියවනවා. මේ තිලක් දන්නා දේවලුයි නොදන්නා දේවලුයි කියනවා මෝඩ විදියට. (නි)
අපේ සමහරු කුමරන් පද්මනාදන් සහ කේපී දෙක පටළවාගෙන වගෙයි (නි)
නීතිපති එයාගේ රාජකාරිය කරපුදෙන්. අනෙක් අය තම තමන්ගේ වැඩ කරගෙන යන්න. ඔයාල නීතිපතිට වැඩිය දෙයක් දන්න නිසාද මෙහෙම කියන්නේ? එහෙනම් තැන තැන කියවන්නේ නැතුව දන්නා දේ සාක්ෂිත් එක්ක පැමිණිල්ලක් දාන්න. (නි)