( තිළිණි ද සිල්වා )
වහාම ක්‍රියාත්මක වන පිරිදි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි
නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ චක්රලේඛයකින් මෙම තනතුර අහෝසි කර ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 31 වැනිදා මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
එහි අදාළ තනතුර පිහිටවූ 2019 හි අංක 28 චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බවත්, නීතිපතිවරයාට සම්බන්ධීකරණ නිලධාරියෙක් නොමැති බවත් එම චක්‍රලේඛයේ සදහන්ව ඇත.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නීතිපතිධූර කාලය තුළ ඔහුට පැවරී තිබෙන ව්‍යවස්ථාපිත බලය අනුව සමබන්ධීකරණ නිලධාරි තනතුරක් ඇති කළ අතර එම ධූරයට රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පසුගිය දෙවසරකට ආසන්න කාලයක් කටයුතු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දප්පුල, අප්පුල වෙද්දිම අපි නම් දැනගත්තා..
නිෂාරා, ඔය කතා කරපු 1 නඩුවක් කියන්නකෝ... ආසයි ඒකෙ ලිපිලේඛන කියවලා බලන්න.
අපිනං දැනගත්තා.චක්‍ර ලේඛය නැතුවත්
අනේ ඒ සිරියාවන්ත මිස්
ඒක මොන විකාරයක්ද
දිපු තානාපතිකමත් අරගනෙ
ඒ තනතුර තිබුනා නම් සාමාන්‍ය ජනතාවට ප්රවෳත්ති වලින් මොනවා හරි දැනගන්න තිබුනා. ඒකත් නැතිකලා.
විකාර තමයි..!
අනේ ඒ සිරියාවන්ත මුණ ආයේ කවද දකින්නද
විශ්‍රාම යනකොට බොහෝ දේවල් නැතිවෙන එක සාමාන්‍ය දෙයක්.
මේවා නිකන් අනවශ්‍ය වියදම්
නීතිපති දෙපාර්තමේන්තුව ගන්න තීරණවලින් අපහසුතාවයට පත්වෙන අයගේ වැරැදි ප්‍රචාර වලට පිළිතුරුත් අධිකරණ තීන්දු ගැනත් අපි ලබාගත් දැනුම විශාලයි. මේ තීරණය ගැන නැවත සලකා බලනවා නම්...
හිටපු නීතිපතිගේ උද්දච්ච සහ පක්ෂපාතී තීන්දු එළියට දුන්නේ නීතිපතිටත් උඩින් වගේ... අහෝ නැවත කවදා දකින්නද?
දැන් ඉතින් ආයෙත් මිනි පෙට්ටි පොලිෂ් කරන්න යන්න.
ලංකාවේ තනතුරු කාලෙන් කාලෙට වෙනස් නොවී ස්ථාවර ක්‍රමයක් නැනේ