දෙමටගොඩ දී පුද්ගලයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධියට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී තිබේ.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගැනීමට අද පොලිස් කණ්ඩායමක් යවන බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

පොලිසිය නීතිපති උපදෙස් පැතූ අවස්ථාවේ සිටම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකුගේ මතය වූයේ ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත යුතු බවයි.