(අංජුල මහික වීරරත්න)

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතු බවද පවසන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජේසු තුමන්  මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා බවද ලංකාවෙි වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජයේ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරය බවද ජනාධිපතිවරයා පැවසීය.