පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකු හමුවීමට නීතීඥවරයකුට අවසර නොදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඒ සම්බන්ධව නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
කොළඹ වේළුවන පාරේ පදිංචි නීතීඥ අංජන දිනේෂ් මහතා ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්යක්ෂ ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාපාල නීතිය ගැන අබ ඇටයක්වත් දන්නේ නැති කෙනෙක් වගෙයි පෙනෙන්නේ. (ර)
පුලුවන් නම් කියන්න නීතිඥයෙකුට මොකක්ද පොලිසිය ඇතුළේ කරන්න තියන රාජකාරිය? පගාව නොගන්න පොලිස් නිලධාරීන් සමඟ අමනාප වුණා කියලා නීතිඥයින්ට,පොලිස් නිලධාරීන්ට කරන්න පුළුවන් කෙරුවාවක් නැහැ. අන්න ඒක මතක තියාගන්න. පොලිසිය තියෙන්නේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරන්න මිස, නීතිඥයින්ට ඕනෑ විදිහට නීතිය හසුරවන්න නෙමෙයි. (නි)
හොඳ වැඩක්. පොලිසියට වුණත් ඕනෑ ඕනෑ විදිහට වැඩ කරන්න දුන්නොත් මේ රටේ මිනිසුන්ට පිහිටක් නැතිවෙනවා. (නි)
ලෝයර් කෙනෙක්ට වැරදිකරුවෙක් වෙනුවෙන් පොලිසියට යන්න අයිතිය තියෙනවා. ඒක අයිතිවාසිකමක්. කරුණාපාල ඉන්නේ වන්නියේද? මිනිහෙක් පොලිසියට ගියාම නැති වැරදි පටවනවා. (බ)
කරුණාපාල, දන්නා දෙයක් ගැන කතා කළා නම් හරි වටිනවා. (නි)
ලෝයර් කෙනෙකුට නෙමේ, ඕනෑම අලුගුත්තෙරුවෙකුට පොලිසිය ඇතුලට යන්න පුළුවන්. එක මිනිස් අයිතිවාසිකමක්. ඔය කතාව පොලිසිය අසල ගැවසෙන සුනඛයින් පවා දන්නා කාරණයක්. නමුත්, ලොයර්ලට ඕන විදිහට ,උසාවියේ කරන්න ඕනා කාර්යය පොලිසිය ඇතුලේ කරන්න නීතිය දන්නා කෙලින් වැඩ කරන පොලිස් නිලධාරීන් ඉඩ ලබාදෙන්නේ නැහැ. මොකද, ඇතුළේ ඉන්න කෙනාට වැඩිය එළියේ ඉඳගෙන නීති කතාකරන්න එන ලොයර්ලා ගැන පොලිසියේ මහත්තුරුෙනට හොඳ අවබෝධයක් තිබෙන නිසා. (බ)
මේ දෙපිරිසම නිතිය ගැන මනා අවබෝධයක් ඇති අය නිසා මමනම් කියන්නේ මේ දොගොල්ලෝම නිතිය හරි හැටි හසුරුවන්න නොදන්නවයි කියලයි.(ම)