විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියා රැකියා ලාභීන්ගේ මුදල් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පළ කළ මාධ්‍ය වේදිනියකට ද , පරීක්ෂණ පවත්වන පොලිසියට ද තර්ජනය කළ බව කියන නීතීඥවරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
එම වංචා සිද්ධියේ සැකකාරිය ශ්‍රී ලංකාවෙන් පැන ගොස් ඇත. ඇය අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් ජාත්‍යන්තර වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අතර අවංක මනුස්ස කම තිබෙන නීති වේදීන් අතලොස්සක් සිටිනවා. ඒ දිවුරුම් පෙත්සම්, චරිත සහතික ආදිය ලියන අයයි. (නදී)
බණ්ඩාර සරත්ගේ අදහස 100%ක්ම් අගයමි. මෙය සාමාන්‍ය කෙනෙක් අතින් වුනානම් කොහොමද? (නදී)
මනුස්සකම හදුනන් නැති, මුදලට නොකරන දෙයක් නැති, වැඩියෙන් කුට්ටිය ලැබෙන පැත්ත කෙසේ හෝ නිවැරදි පාර්ශවය කියා කියන්න කප්පරක් කෙප්ප කෙලින මෙයාලව කුමටද. (නදී)
බණ්ඩාර සරත් සමඟ මමත් එකඟයි. අපි තේරුම්ගත යුතුව තියෙන්නේ, සෑම නිල ඇඳුමක් තුළම හොරෙක් මෙන්ම මහත්මයෙක්ද සිටිය හැකිබවයි. නීතිඥයින් සම්බන්ධයෙන් පමණක් නොව ලෝකයේ ඕනෑම වෘත්තියක් සම්බන්ධයෙන් ඇත්ත එකයි. (නි)
ඇත්තටම ඒක හොදයි.(හේ)
සමහර මාධ්‍යවේදීන්ට කිසිම සාමාන්‍ය දැනීමක් ලෝකය ගැන දැනුවත් වීමක් නැති බව අපි දන්නවා. සමහරු ලියන ලිපි වලින්ම තේරෙනවා. (ස)
කළු කබාය මෙවැනි අයට ගැලපෙන්නේ නැහැ (නදී)
නිර්භීත නියෝගයක් උසාවියෙන් කර තියෙන්නේ. බහුතර කළු කෝට් කාරයන් කළු කෝට් කාරියන් සිතන්නේ නිතිය තමන් අත කියා හෝ නිතිය තමන්ට ඕන විදියට සාදා ගත හැකිය කියා. මුදල් මතම තම ජීවිතය ගෙන යන මෙම අය අතර අවංක මනුස්ස කම තිබෙන නීති වේදීන් අතලොස්සක් සිටිනවා (නදී)