ශ්රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිසා සමුළුවේ දී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බැන වදිමින් හූ කී පිරිසකට එරෙහිව කතා කළ නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දුන් බවට සැක පිට අධිකරණයට ඉදිරිපත් වූ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ නීතීඥයෙක් ඇතුළු පස් දෙනෙක් කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් සුදත් විජේවික්‍රම මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ රුපියල් 2500ක මුදල් ඇප මත මුදා හරිනු ලැබූහ.
කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන් වන අබ්දුල් සත්තාර, සංජීව විතාරණ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක රණසිංහ, නීතීඥ අරුණ දිසානායක සහ එම් කේ පුෂ්පකුමාර ඔවුහුය.
සැකකරුවෝ ශ්‍රීලනිප පාක්ෂිකයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ හිතවත් උදිත ,හු කීම හරි කියන අයගෙන් මම අහන්නේ ගෞරවාන්විත විදියට ගෙදර ගිය කෙනාද මහජන දේපොළ හොරාකාපු ජනතාව එලවපු ,ජරාජීර්ණ උන අයටද කියන කරණය නැවත සිතා බැලිය වටිනවා නේද ,1977 බලයට අපු අය තමා ඔය සෙල්ලම පුරුදු කළේ පසුව තේරුම් ගත්තා මෙය වැරදිබව ,අදත් ඒ අය දේශපාලන කුණු බක්කියේ (බ)
චතුරි, හිටපු ජනාධිපතිට කත් ඇදීම කෙසේ වෙතත් මම නම් එතුමාව හැබැහින් දැකලවත් නැහැ. අඩුම තරමින් දකුණු පළාතට මගේ කිසිදු නෑකමක් හෝ නැහැ. එහෙත් එතුමා රටට කළ මෙහෙවර දන්නා නිසාත් විදේශ බලපෑම් හමුවේ රටේ ස්වාධීනත්වයත් ස්වෛරී භාවයත් සුරැකීමට එතුමාගේ නායකත්වය තවදුරටත් අවශ්‍ය බව දන්නා නිසාත් රට ගැන සිතා මා දන්නා ඇත්ත නොබියව කියමි. එපමණකි. (බ)
හූ කියලා නැවතුණු එක නම් ඇති තමයි විජයබාහු. මෙයා අපේ රටට කළ දේ මුස්ලිම් රටකදී එරටට කළා නම් මොකද වෙන්නේ ? කොයි කවුරුත් හිතේ හැටියට නොබියව අපට තලන්නේ සිංහල බෞද්ධ අපි එහෙම නොකරන බව දන්නා නිසාම තමයි. (බ)
ලක්ෂ්මන්, බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති 17 අවුරුදු සාපය ඔබට මතක තිබීම අගය කොට සලකමි. තරුණයෙක් වීම දෙපාර්ශවයකින්ම දඬුවම් ලැබීමට හේතු වුණු ඒ අඳුරු යුගය අපට උරුම කරලා දුන්නු දෙගොල්ලෝ ම දැන් එක පතේ කනකොට මොනවද අපට නොහිතෙන්නේ? (බ)
ඇසළ, හු කියපු අයට දුන් දඬුවම පේනවා නේද? (නි)
වනචාරී මිනිස්සුද වයඹ ඉන්නේ ? (බ)
චතුරි, මහින්ද යි එයාගේ පවුලයි රට විනාශ කළාය කියලා ඔයා අදහස් කළේ ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගෙන ලෝකය ආර්ථික අවපාතයක ගිලෙද්දීත් අඛණ්ඩ ආර්ථික වර්ධනයක් ද පවත්වා ගත්නිසාද? ඒ කාලේ ඔයා ඇමරිකාවේ හිටියනම් එහෙ බුරුතු පිටින් රැකියාවලින් දොට්ට දාපු හැටිත් ඔයා දන්නවා ඇති නේද? ඒත් ඒකාලේ අපේ රටේ එහෙම වුණේ නෑ. (බ)
මැඩම් ළගට දන ගාගෙන බඩ ගාගෙන කබරයෝනම් යනවා ඇති කුණු රසට..වෙනනම් අපි දන්නා කවුරුත් එහෙම ගිහින් නැහැ නිමල් මහත්තයෝ..ඔය හුව පටන් ගත්ත විතරයි...වපුරන දේ අනුව තමයි එයා අස්වැන්න නෙලන්නේ..ඔබ තුමා කලබල නොවී ඉන්න.....(බ)
ඔබ දකින සහෝදරයන් සමග මගේ සම්බන්දයක් නැහැ ,නමුත් ඔබ අදහස්කරන සහෝදරයන් යන අය අදත් එදාට වැඩිය හොදින් ඉන්නවා (නදී)
තාමත් මේ රට කාබාසිනියා කරන්න වලිකන අය ඉන්නවනේ ! (නි)
වරුණ ,රණවිරුවා ගැන අපගේ ගෞරවය තියෙනවා නමුත් එය ඉතිහාසයට එක්වී අවසන් (නදී)
පිවිතුරු , ඔබ කියන වැපිරීම හා කැපීම අයත් කෘතිය කුමක්ද ? (නි)
දේශපාලනයට ඇතුළත්වෙන සැමදෙනාම අපහාස බලාපොරොත්තුවීමට සූදානම් වී සිටිය යුතුවෙයි. එයයි දේශපාලනයේ හැටි. (නි)
නිමල් මහත්තයෝ,ඒ කෘතිය රටම දන්නවා ඔබතුමා නොදන්නවා වුණාට. (නි)
සහෝදරයා ගල් ,මුල්, නින්දා,ප්‍රශංසා,මැඩම්ට හොදට පුරුදු බව මතක් කරන්න කැමතියි ,ඔය විදිහට හු කියපු අයත් අවසානයේ මැඩම් ළඟට ගීයා දන ගහ ගෙන ,බඩගා ගෙන,ගැහැනියකට හු කියන්න ලජ්ජා නැත්ද ,ඕක පිරිමිකමටත් නිගාවක් (බ)
නිමල්, මම ඔයා විතරයි නියම පිරිමියෙක් හැටියට මෙතන දැක්කේ (නි)
නිමල් බරටම කඩේයනවා නේද ? අපි නම් එහෙම බඩගාගෙන ගිය කෙනෙක් ගැන දන්නේ නෑ. හුවට ගැණු පිරිමි බේදයක් නෑ නේ ලොක්කා. (බ)
ඔය ගැන කම්පාවෙන්න එපා. අපේ රටේ හුඟදෙනෙක් ,සළකන්නේ හොරුන්ට දූෂිතයන්ට තමයි (නි)
මහින්දට මල් මාලා. චන්ද්‍රිකාට හු හඩ. සැබෑ වෙනස (බ)
ලංකාවේ චිත්‍රපටියක් හදල තියනවලු "වානර රාජ්ජිය " කියල . මේවගේ මිනිස්සු තවමත් ඉන්න හින්ද වෙන්න ඇති (බ)
පිවිතුරු යහපාල තමුන්ගේ කටින්ද ? (නදී)
සමහරුන්ට නම් තාම ඒ කාලේ කාපු කෑම වල රස මතක්වෙනවා වගෙයි (නි)
අපි දන්නා කවුරුත් එහෙම ගිහින් නැහැ නිමල් මහත්තයෝ.ඔය හුව පටන්ගත්තා විතරයි.වපුරන දේ අනුව තමයි එයා අස්වැන්න නෙළන්නේ.ඔබතුමා කලබල නොවී ඉන්න. (නි)
හූ කියලා නැවතුණා ඇති (නි)
මතවාදී දේශපාලනයක් කරන්න බැරි ගහගන්න , බැනගන්න , මරාගෙන හරි බලය ලබාගන්න පොරකන පුදුමාකාර සත්තු ජාතියක්නේ මේ ලංකාවට බෝවෙලා තියෙන්නේ (බ)
සුමුදු හේවා, "චතුරි "ඒ කාලේ පොඩි ළමයෙක් (නි)
හු කියන එක වැරදියි කියලා අපි පිළිගන්නවා. ඒ වුණාට එහෙම වෙන්න හේතුව, ජනතාව එයාව ඉල්ලන්නේ නැතුව බලෙන් වැඩ කරන්න එන නිසා. ජනතාව එයාට කැමති නැති බව දැනගෙන මෙලෙස වැඩ කිරීමෙන් එයාට තිබෙන පොඩි ගෞරවය හරි නැතිකර ගන්න හදන්නේ. එය බලයට ලෝබකම නෙමෙයිද? (නි)
ඔය ටෝකියෝ වලට වෙලා ඉන්න කෙනා ජපානයටත් ලැජ්ජාවක්. විශ්වාස කරන්න අසීරුයි. කාන්තාවන්ට හු කියන්නේ නරින්ටත් අන්ත අය. (නි)
නිමල් හරි. (නි)
සහෝදරයා,අපි ඕනෑ වෙලාවක ජනතාව වෙනුවෙන් කඩේයන්න සුදානම්. නමුත් ගැහැනියකට හු කියන්න තරම් පහත් තත්වයකට වැටිලා නැහැ. නමුත් ගැහැණිය දේවත්වයෙන් පිදියයුතු තැනැත්තියක් බව ඔබ නොදන්නා බැව් මට තේරෙනවා (නි)
අනේ අබේරත්න, සාධු සාධු !!!! (නි)
ටෝකියෝ ගිහිල්ලත් අඳුරේ ජීවත්වෙන මිනිස්සු ගැන අපිට දුකයි. පවට පින දෙන්න බැහැ කියන්නේ ඕවට තමයි. "බලන් කඩතුරා හැර දෑසේ ....." (නි)
බවලතෙකුට මෙහෙම දෙයක් කළ එකට නම් හිතට අමාරුයි තමයි නිමල්. ඒත් ඉතින් මොනවා කරන්නද? තමන් විසින්ම වැපිරූ අස්වැන්නනේ නෙළාගෙන ඇත්තේ! (නි)
අබේරත්නගේ කතාව නම් ඇත්ත. (නි)
හූ කියන්නත් බැරිද අපිට? (නි)
නිමල් රාජපක්ෂ,බොළඳ කතා කියන්න එපා.දේශපාලනේදී ඕවට මුහුණ දෙන්න ඕනෑ. "කුණු කුම්බලාවෝ කෑවා නම් දුක් විඳපන් බළලෝ" කියන කතාව අහලා නැද්ද.ටෝකියෝ අබේගේ කතාවට මගේ ප්‍රණාමය! (නි)
මවු පදවිය පිදියයුතු බව ඇත්තයි. ඒත් හැමෝම ගැන එකම මිම්මෙන් මනින්න බැහැ (නි)
සුමුදු, අපේ රට බේරාගත්තේ අපේ සොල්දාදුවෝ. රට බිල්ලට තියලා තමන්ගේ වාසි බලාගෙන කත්අදින්න එපා. ඔයා වගේ අයට මහින්ද නැතුව බැහැ. (නි)
මේ වගේ වැඩ ගැළපෙනවද නීතිඥ වෘත්තියකට? (නි)
ටෝකියෝ අබේලාට ඕනෑ අපේ ළමයි පාරට දාන්නද? ඔය කඩේ යන අය නිකමටවත් යුද්ධය වෙනුවෙන් මැරුන කොල්ලෙක් ගැන කතාකරනවද? (නි)
අපිට නම් මතකයි එයාගේ හැටී. (නි)
17 අවුරුදු ශාපයෙන් රට බේරාගත්තේ කවුද කියලා මිනිසුන්ට අමතකයි වගේ (නි)
මහින්දගේ හොර අල්ලන්න කලින් මහ බැංකුවේ ප්‍රශ්නය විසඳලා ඉන්නකො.අපි බඩගාගෙන එන්නම් එතකොට. (නි)
මහින්ද රට ගැන කතා කරන. කොට පපුවට අත තියාගෙන හරිම ආදරෙන් කැක්කුමෙන් කියවන්නේ. ඒ වුනාට. කොහොමද පවුලේ අය එකතු වෙලා රටට කරපු විනාසය. මහින්දට කඩේ යන අය මේවා දන්නේ නැතිද. චුට්ටක් ඉන්නකෝ. (නදී)
හිටපු ජනාධිපතිකම කෙසේවෙතත් වයසේ හැටියට කතාකළා සහ වැඩකළා නම් කවුරුවත් හු කියන්නේ නැහැ. (නි)
අනේ චතුරි, සොල්දාදුවෝ අපේ රට බේරාගත්තේ කොහොමද කියලා දන්නෙම නැතුව ඇති. මහින්ද මහත්තයා බලයට එන්න කලින් සොල්දාදුවෝ ඉන්නේ නැතුව ඇති. ත්‍රිවිධ හමුදාවකුත් තියෙන්න නැතුව ඇති. කොබ්බැකඩුව ලකී අල්ගම වගේ හමුදා නායකයොත් ඉන්න නැතුව ඇති. නිකන් මෝඩකතා කියන්න එපා කුහකකමට (නි)
පිවිතුරු ,කෙලින් උත්තර දෙන්න රටම දන්නා බව මම පිළිගන්නවා ,නමුත් ඔබ නොදන්නවා නම් මම කියා දෙන්නම් ,බයිබලයේ ,නවගිවිසුමේ , මෙය හොදින් කියවන්න (බ)
හූ කියන්න හොඳට පුළුවන් අයගේ පෙනහළු ඉතා නිරෝගියි කියන එක තමයි වෛද්‍ය මතය. ඒ අනුව බැලුවහම ඉදිරියෙන්ම ඉන්නේ විශ්ව විද්‍යාල සිසුන්. 60 දශකයේදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය දුම්රියෙන් යද්දී සරම් ඔලුවේ බැඳගෙන මුහුණු වසාගෙන රේල් පාර දෙපැත්තේ විරෝධතා දක්වපු ශිෂ්‍යයොත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට අන්ද කෝෂ භෞත චිකිත්සාව දීපු ශිෂ්‍යයොත් පේරාදෙණිය විශ්ව විද්‍යාලේ ඉඳල තියෙනවා. ඒ වුනත් මහජන නියෝජිතයන් හැටියට තෝරාගත් අය මීට වඩා සංවරයෙන් සහ බුද්ධියෙන් වැඩ කරනවානම් ශ්‍රී ලංකාව ඓශ්චර්යමත් රටක්වීම මොනම විදේශීය බලවේගයකටවත් නවත්වන්න බැහැ. (නදී)
නිමල් රාජපක්ෂ මෙයා ළඟ හරිම සහෝදර කමක් තියෙන්නේ. ඔවෙනි සහෝදරයෝ හිටියා 1988-1989 කාලෙත්(නදී)
අශිලාචාර පුද්ගලයින් කිහිප දෙනෙක් හූ තියපු පළියට ඒවා අනුමත කරන එම පන්තියට අයත් පුද්ගලයෝ, සමාජයේ හරි ලොකු තැනක් තියෙන හරියට චන්ද්‍රිකා මහත්මියටත් වඩා ඉහළින් ඉන්නවා වගේ හිතාගෙන අදහස් දාන උදවිය තමාගේ තත්වය, එතුමිය සතු සමාජයේ පිළිගැනීම සමඟ සංසන්දනය කරන්න. එවැනි දෙයකට තමන්ට තිබෙන සුදුසුකම ගැන තම තමන්ම ස්වයං විවේචනයක් කරගත්තොත් හොඳයි. එතකොට තමාට සමාජයේ අයිති තැන කොහෙද කියලා දැනගන්න පුළුවන් වේවි. (නි)
නිශාඩ් ප්‍රිනා, හූ කීම හොඳයි කියල කියනවා නෙවෙයි. ඒත් සමාජයට පොදුවේ අහිතකර ක්‍රියාවන්හි යෙදෙන අයව ඒවායින් වළක්වන නීතියට මෙහායින් ඇති ප්‍රජාරක්ෂක ක්‍රියා පිළිවෙත් හැම මානව සමාජයකම හැම කාලයකම පවතිනවා. පිළිගත් සමාජ අචාරධර්ම වලට ඉතාමත්ම පටහැනිව සමාජ පිළිලයක් බවට පත් පවුලක් ගමක වෙතොත් අනභිමුඛයේ දොස් කියනු වෙනුවට ගෙදරට අසුචි වලින් ගසා එළවා දැමීමේ සිරිතක් පැරැන්නන් අතර තිබුණු බව අසා ඇත්තෙමි. සම්මතයට පටහැනි ඇඳුමින් සැරසෙන්නන්ට සමච්චල් කොට අධෛර්යයට පත් කිරීමේ සිරිත මෑතක් වන තෙක් ගම්වල තිබුණි. රටටම ද්‍රෝහී වුණු කෙනෙකු වෙනුවෙන් මේ සිරිත මොවුන් මේ ක්‍රියාත්මක කර ඇත්තේ කෙතරම් අහිංසක විදියකටදැයි දොස් පැවරීමට පෙරාතුව මඳක් සිතා බලන්න. මුස්ලිමුන් තස්ලිමා නස්රින්ගේ ගේ හිස ඉල්ලුවත් අපේ අය ඇයට කිසිදු ශාරීරික පීඩාවක් හෝ සිදු කොට නැහැ නොවේද? (බ)
සොල්දාදුවගෙන් තමයි ඉහළට. යන්නේ. මෙය. මම කෙටියෙන් අදහස් කෙරුවේ. ඔය වගේ අයත් සමග ද අපේ වටිනා කාලය යොදලා අදහස් හුවමාරු කරන්නේ (බ)
මංකිව්වේ එක මිම්මෙන් මනින්න බැරිය කියලා නෙවෙයි සිංහලයෙක් වීම ගැන ලජ්ජා වෙන්න තමන්ගේ පුතාට උගන්වපු අම්මෙක් උතුම් කොට සලකන්න අපට බැරිය කියලයි. මේ කතාව කවුරුත් දන්නා හෙයින්ද ඇය මෙය ආඩම්බරයෙන් ප්‍රසිද්ධියේ පැවැසුවක් හෙයින්ද එහි සැඟවීමට දෙයක් ද නැත්තේමය! (බ)
එපමණක් නොවෙයි නිශාඩ් ප්‍රිනා, මෙතුමිය කෙතරම් නම් හිටපු ජනපතිතුමාට ප්‍රසිද්ධියේ අපහාස කොට තිබෙනවාද? අපි මර බියෙන් තොරව ජිවත් වන්නේ එතුමා නිසා නොවේදැයි සිතන ජනතාවට චන්ද්‍රිකා මහත්මියගේ කතා වලින් කෙතරම් නම් චිත්ත පීඩාවක් ඇති වනු ඇත්ද? (බ)
හූ කිව්ව අයට ඇප ලැබුණට මොකද හූව කාපු කෙනා ඡන්දේ ඉල්ලුවොත් ඇප වත් ලැබේවිද දන්නේ නැහැ! (බ)