නාඳුනන පිරිසක් තමා ලුහු බැද එන බව කියමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අද (15) කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළේය.
විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඒ ගැන විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රාජ්‍ය නොවන සංවිධානවලට පුවත්පත් සාකච්ඡා හා මාධ්‍ය වැඩමුළු තහනම් කරමින් කර තිබූ නියෝගයට එරෙහිව පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීම නිසා මෙලෙස නාඳුනන පුද්ගලයන් තමා පසුපස පන්නන්නේදැයි සැක සහිත බව ජයසූරිය පවසයි.
‘අධිකරණයේ වැඩ කටයුතු අවසන් කර 11.30ට විතර එද්දි මගේ පස්සෙන් යතුරු පැදියක් ආවා. ඒ යතුරු පැදියේ දෙදෙනෙක් හිටියා. මං කොටුවේ පැය භාගයක් විතර නතර කර සිට නැවත යද්දි නැවතත් ඔවුන් මගේ පස්සෙන් ආවා. මං මල්පාරට දැම්මා. ඒ පාරෙත් ඔවුන් ආවා. ඉන් පස්සේ ඔවුන් ත්‍රීවීලර් එකක් ළඟ නවත්වලා ඒ අයත් එක්ක කතා කරමින් හිටියා. ඒකෙත් දෙන්නෙක් වගේ ඉන්නවා දැක්කා. ඒ වාහනවල අංක මං ලියා ගත්තා. ඉන් පස්සේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
රජ්‍ය නොවන සංවිධානවලට මාධ්‍ය සාකච්ඡා වැඩමුළු පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා. පහුගිය සිකුරාදා පැවැත්වුණු ශ්‍රී ලංකා නීතීඥ සංගම් රැස්වීමක දි ඊට එරෙහිව පුවත් පත් නිවේදනයක් සම්මත කර ගත්තා. ඉන් පසු එය මාධ්‍ය වල පළ කළා. මං හිතන්නේ මෙහෙම වෙන්න ආසන්නම සිද්ධිය තමයි එය.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ හැමතැනම චණ්ඩිකම් වැහිවැහැලා (නි)
අපි ගැන මොන කතාද? (නදී)
සභාපතිතුමා ඇමරිකන් ආධාර යටතේ පොජෙක්ට් එකක් බාරගත්තනේ ඒකේ මූලික වැඩ ආරම්භ කරල. (නදී)
මේ දවස් වල නළුවෝ ගොඩයි. ටෙලි නාට්‍ය රැල්ලක් යනවා. හොදම නළුවා තෝරන්නේ ඇමෙරිකන් එම්බසි එකෙන්. කාට ලැබෙයිද සුපිරි නළුවා කිරුල ? එකෙකුට එකෙක් පරාද නැහැ. (නදී)
මෙම ප්‍රශ්නය දිහා බලන අය ලියන දිහා බැලුවම ලංකාවේ අනාගතය ගැන දුක හිතෙනවා (නදී)
ඔබතුමා ප්‍රවේශමෙන්! (නි)
ප්‍රවේශමෙන්! (නි)
ඔය කියන පාරවල් වල නිවෙස් ඉදිරිපිට සි.සි.ටී.වී කැමරා සවිකරලා ඇති අනිවාර්යෙන්ම. කොහොම හරි සොයාගන්න ජිනීවා ගැම්මට රගපාන නළුවො කවුරුද කියලා. ඩයස්පෝරාවෙ සල්ලි වලට රට පාවා දෙන්න ඉඩ තියන්න එපා. අල්ලලා දඩුවම් දෙන්න මොන තනතුර දැරුවත්. මේ රට පාවදීලා මුදල් හම්බ කරන්න දෙන්න එපා. (නදී)
අමෙරිකාවටයි එංගලන්තෙටයි රටට වින කරනවා කිය කියා බැන්නට ඒ රටවල් එක්ක තානාපති සම්බන්දකම් තියාගෙන ඉන්න එකයි ලොකුම විහිලුව. (නදී)
කවදාහරි තමාටම මේ දේවල් වලට මුහුණ දෙන්න වෙනතුරු අපේ රටේ මිනිසුන්ට කිසිම දෙයක සැබෑ තත්ත්වය තේරෙන්නේ නැහැ. රටේ මිනිසුන් උකසට තබා කරන මේ කිසිවක් නොදැන කරන ප්‍රකාශ දුටුවිට රටේ අනාගතය ගැන හිතාගන්න පුළුවන්. (නි)
අපිට බොහෝ දේවල් හිතාගන්න පුලුවන් (නි)
මැතිවරණයක් ළඟ එනකොට කොහොමත් මේ වගේ දේවල් කරන්න හිතෙනවා. (නදී)
අපොයි මම හිතුවේ මේ සභාපති තුමාට තර්ජනයක් එල්ල වුණා කිව්වම කට්ටිය පොර කකා කොමෙන්ට්ස් දාවි කියලා. අනේ එ්ත් කී දෙනාද මේ පුවත බලලවත් තියෙන්නේ. දුක හිතෙනවා නේද ඩෙන්සිල් මහත්තයෝ. බලන්නකෝ මේ මුණු ටික දිහා. කොච්චර ලස්සනද අහිංසකද පිවිතුරුද කියලා. මටත් දුක හිතෙනවා. ලංකාවේ අනාගතේ ගැන නෙමෙයි, ඩෙන්සිල් මහත්තය ගැන.(නදී)
අපි ගැන කවර කතාද? (නි)