
(අමිල චින්තක ගමගේ)
ජන අරගල සන්ධානයේ ජනපති ධූර අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කරන බව මහජන පුස්තකාලයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (29) නිවේදනය කළේය.
ලහිරු වීරසේකර එම නිවේදනය ඉදිරිපත් කළේය. එම නිවේදනය භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.
කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරණ නුවන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධිය ලබා ගත්තේය.
2022 ගාලු මෝදර අරගලය ඇතුළු ජන අරගල ගණනාවකට ඔහු නායකත්වය ලබා දුන්නේය.නුවන් ජන අරගල සංධානයේ විධායක කමිටු සාමාජිකයෙකුද වෙයි.
COMMENTS
පිස්සු නැත්නම් ශෝක් නිදහස ගත්තාට පස්සේ මුලින්ම නා.මා පෙරේරා ජන අරගල කලේ ගල් ඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරද්දී මැලේරියාව හදලා මිනිස්සු මරන්න යනවා කියලා ඊළඟට ජනතාවට රජයෙන්ම කන්න බොන්න දෙන්න කියලා අරගල කළා... තවත් කාලයක් පුද්ගලික දේපළ රාජසන්තක කරන්න ඕනෑ කියලා අරගල කළා.. කෙනෙක් වත් සංවර්ධනය වේගවත් කරන්න කියලා අරගල කළේ නැහැ.. කුඩුකාරයෝ මර්දනය කරන්න කියලා අරගල කළේ නැහැ.
නාටකයේ දෙවැනි කොටස ඇරඹුනා. හොඳ ප්‍රහසනයක්.
ජනතා බදු මුදලින් මාසයකට එක හිටපු ජනාධිපති කෙනෙකුට විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වශයෙන් ලක්ශ 7 ක් පමණ වැයවේ. අරගලයෙන් කරේ එක අවුරුදු 5ක් ඇතුලත ඒ වගේ දෙදෙනෙකු නිර්මාණය කිරීම පමණයි. එම වැරද්දට වගකිව යුතු වන්නේ මොවුන්ද, රටේ අහිංසක ජනතාවද?
මේ අය කළේ අන් කිසිවක් නොව, ගෝඨා වෙනුවට රනිල් දමා තම ඉතියෝපියාව ඩිස්ටෝපියාව ලෙස වෙනස් කර ගැනීමයි...!