IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘නීතිඥ ගාස්තුත් රජයෙන්‘

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඒකමතිකව සම්මතවූ මානව හිමිකම් යෝජනාව අනුව ශ්‍රී ලංකා රජය ඇතිකරන දේශීය යාන්ත්‍රණය යටතේ යුද අපරාධ චෝදනා එල්ලවන පුද්ගලයන්ගේ නීතිඥ ගාස්තු රජයෙන් ගෙවීමට යයි.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා හමුදා නිලධරයන් පිරිසකට එම ප්‍රතිඥාව දුන්නේය. ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් හමුදාව සමග සාකච්ඡා කිරීමේ බලය ජනපති හා අගමැති විසින් ඇමැති රණවකට පවරා ඇත. හමුදා නිලධරයනට හා සෙසු නිලධරයනට එල්ලවන චෝදනාවලදී ඔවුන් වෙනුවෙන් රජය කරන දේ රණවක ඇමැති අවස්ථා කිහිපයකදීම හමුදාවට පැහැදිලි කර දී ඇත.

ඇමැතිවරයා ඔවුන්ට අවධාරණය කර ඇත්තේ දේශීය යාන්ත්‍රණය හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් නොවන බවයි. එම යාන්ත්‍රණය ලොවට පිළිගත හැකි තත්ත්වයට පත් කිරීම සඳහා විදේශ විශේෂඥයන්ගේ සහාය ලබාගන්නා බව පමණක් ඔහු කියා ඇත.

මේ අතර විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසා ඇත්තේ සත්‍ය ගවේෂණ කොමිසම හමුවේ කරන පාපොච්චාරණවලට දඬුවම් නොකරන බවයි. සත්‍ය ගවේෂණ කොමිසම ආගමික නායකයන් වැනි කාරුණික පිරිස්වලින් සමන්විත වන බවත් සමාව දීමේ අයිතිය ඔවුනට පැවරෙන බවත් ඇමැති කියයි.

 



අදහස් (0)

‘නීතිඥ ගාස්තුත් රජයෙන්‘

ජේ.පී.සුනිල් Sunday, 11 October 2015 09:34 AM

හමුදාවට කරන අපහාසයක් (බ)

:       0       0

සංජිව Monday, 12 October 2015 03:27 AM

ගාස්තු රජයෙන් කියන්නේ මහජනතාවගේ සල්ලිනේ .අපේ සල්ලි වලින් අපිම නාගන්නවා (ම)

:       0       0

චන්න බුවනක Sunday, 11 October 2015 05:57 PM

මොනවාද වෙන්න යන්නේ කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

විජිත Sunday, 11 October 2015 07:12 PM

ඒකත් ඉතින් නරක නැහැ. ඔහොම යමුකෝ. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 11 October 2015 07:13 PM

ලංකාවේ ජීවත්වන සමහරු ගැන කණගාටුත් හිතෙනවා (නි)

:       0       0

නාලක Sunday, 11 October 2015 08:28 PM

දැන්නම් අපිට හැමදේම ගැන තියෙන්නේ පුදුම කළකිරීමක් (නි)

:       0       0

කරුණාරත්න Sunday, 11 October 2015 08:29 PM

සියල්ල සාධාරණව ඉටුවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site