‘පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන නීති සම්මත කරන ආයතනය. එහි මන්ත්‍රීන් නීතිවලට ගරු කිරීමට බැඳී සිටිනවා. ‘ යැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාට අවවාද කරමින් පැවසීය.
ඔහු සැකකරුවකු වන නඩුවකට නොපැමිණීම නිසා වරෙන්තු ලැබ සිටියදී නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඔහුට දැඩි සේ අවවාද කළේය.
ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නීතීඥවරයා දැන්වූයේ තෙවරප්පෙරුමට මහතාට හෘද සැත්කමක් කළ නිසා අධිකරණයේ පෙනී නොසිටි බවයි.
එහෙත් සැකකරු අවස්ථා කිහිපයකදීම අධිකරණ නියෝග කඩ කර ඇතැයි කී මහේස්ත්‍රාත් සෑම මසකම දෙවැනි සහ හතරවැනි සතියේ උසාවි රෙජිස්ටාර් ඉදිරියේ පෙනී සිටින ලෙස තෙවරප්පෙරුම මහතාට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අවවාදයක් දීලා තියෙන්නේ (නි)
අපේ රටේ සමහර දේශපාලකයන්ට නම් තියෙන්නේ කැලෑ නීතිය (නි)
මේක ඉතින් නීතිය ගැන ප්‍රශ්නයකට වැඩිය නුසුදුස්සන් රටේ තියන ඉහළ තැන්වලට පත්කරපු ඡන්දදායකයන්ගේ වරද. නැවත නැවත එකම වරදකරන ඡන්දාදයකයන්ට සතියට තුන්වරක් නීතිය ඉදිරියේ වර්තාකරන්න දඬුවම දුන්නා නම් හරි. (නි)
ඇත්තටම දේශපාලකතුමන්ලාට මීට වඩා ටිකක් උගත්කමක් තිබුනා නම් මීටවඩා රටට වැඩක් ගන්න තිබුනා (නි)
මෙතුමන්ලා හදන්න ඕනෑ පක්ෂ නායකත්වය විසිනුයි (නි)
දැන් ඡන්දය ඉල්ලනවිට රජයේ පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් සමඟ සිංහල භාෂාවට විශිෂ්ට සම්මාන සාමාර්ථයක් ලබාතිබීම ඉහළම සුදුසුකම ලෙස ගැසට් පත්‍රයට එකතු කළයුතුයි. (නි)
මේ වගේ උත්තමයින් පත්කළ ඡන්දදායකයින්ට මඩු වලිගෙන් තළන්න ඕනෑ. (නි)
එයාලගේ නීතියට ගරුකිරීම ගැන අපි නොදන්නවද? (නි)
බොහොම හොඳ කතාවක් (නි)
මේ යුගයේ අසන්නට ලැබුන ඉතා වටිනා ප්‍රකාශයකි. නීතිගරුක ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තු යැවීම දේශපාලන පක්ෂ වලත්, ජනතාවගෙත් වගකීමය. එය ඉටු නොවීම අද රටේ පවතින සියලුම ප්‍රශ්නවලට හේතු වී ඇති බව සිතන්නට පුළුවන. (නි)
උගත් ,නීතිගරුක, ගෞරවනීය පුද්ගලයන්ට අපේක්ෂකත්වය දෙන්නත් , එවැනි ය පාර්ලිමේන්තුවට යවන්නත් ක්‍රමයක් හැදුවා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.(හේ)
දැන් සැමට නීතිය එකවීම හොඳයි (නි)
අපේ රටේ දේශපාලකයන්ට මොන නීතිද? (නි)