කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨාධිපතිනිය වූ යශෝධරා කදිරගාමර් තම්බි මහත්මියට පිහියෙන් ඇන බරපතල තුවල කළැයි කියන නීතී ශිෂ්‍ය දොස්තර ශිවඤානසුන්දරම් සුරේන්ද්‍රජිත් ලබන 16 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
සැකකරුට ඇප ඉල්ලූ නමුත් මහේස්ත්‍රාත් එය ප්‍රතික්ෂේප කළේය.
ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබයි. වෛද්‍ය වාර්තාවෙන් කියැවෙනුයේ ඔහු හොඳ මානසික තත්ත්වයකින් සිටින බවයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී මානසික පීඩනයක් ඇතිවී තමාට හානිකර ගැනීමට හෝ අන් අයට හානි කිරීමට හෝ පෙළෙඹීමට ඉඩ ඇතැයි එහි සඳහන් වේ.
නීති පීඨාධිපතිනිය තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද අදිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති වෘත්තියි දොස්තර වෘතියයි දෙකම ඉගෙනගන්න ගිහින් මොලේ කොලොප්පම් කරගෙනද කොහෙද. (අ)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ළමයින් ගැන මීට වඩා හිතන්න ඕනෑ. ගොඩක් අය මොකක් හරි උගන්නලා යනවා. (හැමෝම නෙමෙයි) තමන්ට දෙයියන්ට වගේ සලකන්නේ නැත්නම් පළිගන්නවා. නමුත් දියුණු රටවල විශ්ව විද්‍යාලවල එහෙම නැහැ. ගුරුවරුන්ට ලොකු වගකීමක් තිබෙනවා. ඔවුන් තමන්ගේ වැඩේ ගැන කැපවීමක් තිබෙනවා. යාලුවෝ වගේ තමයි හැසිරෙන්නේ. නම කියලා තමයි කතා කරන්නෙත්. නමුත් ලංකාවේ මෙම සංස්කෘතියේ ලොකු අවුලක් තියෙන එක මේ සිද්ධියෙන් වත් තේරුම් ගන්න. (දී)
මේක දෙමල ප්‍රශ්නයක් නොවේ කැලුම්. මනස පොඩ්ඩක් උසස් විදියට හිතන්න පුරුදු වෙන්න. දෙමල හෝ සිංහල හෝ මුස්ලිම් වුනත් සිදුවී ඇති දෙය වටහා ගන්න (දී)
පශ්චාත් උපාදි හැදෑරීමේදී මේ වාගේ දේ වලට අපේ සිසුන් අනන්ත මුහුණ පානවා. පශ්චාත් උපාදි පැවරුම මගෙත් ප්‍රතික්ෂේප කළා මගේ ඇදුරු තුමා. හේතුව විදියට කීවේ මම එයත් එක්ක හරියට සන්නිවේදනය කලේ නැහැ කියල. මට අවුරුද්දක් පරක්කු උනා මේ නිසා. (ත)
සරසවි අදුරු මීට වඩා ළමියින් ගැන හිතන්න ඕනා. පැවරුමක් කරන එක ලෙහෙසියි වැඩක් නෙමේ. පරක්කුවට හෙතු බලලා ඒක බාරගන්න තිබුනා.(නදී)
ඇයි මේ අයට ඉවසන්න බැරි වුණේ? දැන් ඉතින් විඳවනවා මේවා කරලා. (ත)
ඔය කෙලුම් කියන එකා මහා ජාත්හිවාදියෙක්වගෙ,සරෝජ් කියපුදේ හරි මේක දෙමල ප්‍රශ්නයක් කිව්වට,මේකම අපිටත් හෙට එන්න පුළුවන්,මේ මිනිහ එච්චර දුරට හිතල නෑ. (අ)
මේක දෙමල දෙමල ප්‍රශ්නයක්. අපිට මොකටද කා කොටා ගන්නේ? (නි)
කොහේද අර මානව හිත වාදී වාමාංශික මහලු පප්පලා ටික. උඹල කියන්නෙම රටේ සිංහල මහ ජාතිය තමයි දෙමල අයට හිරිහැර කරන්නෙ කියලා. බලා පල්ලා උඹලා මහ අසාධාරණ විධියට රටේ සිංහල මහ ජාතියට බැන්නට ලංකාවෙ දෙමල අය කොච්චර ඉහල තනතුරු වල ඉන්නවද කියලා.(නදී)