IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නීති ශිෂ්‍ය දොස්තර යළි රිමාන්ඩ්

කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨාධිපතිනිය වූ යශෝධරා කදිරගාමර් තම්බි මහත්මියට පිහියෙන් ඇන බරපතල තුවල කළැයි කියන නීතී ශිෂ්‍ය දොස්තර ශිවඤානසුන්දරම් සුරේන්ද්‍රජිත් ලබන 16 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.

සැකකරුට ඇප ඉල්ලූ නමුත් මහේස්ත්‍රාත් එය ප්‍රතික්ෂේප ක‍ළේය.

ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබයි. වෛද්‍ය වාර්තාවෙන් කියැවෙනුයේ ඔහු හොඳ මානසික තත්ත්වයකින් සිටින බවයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී මානසික පීඩනයක් ඇතිවී තමාට හානිකර ගැනීමට හෝ අන් අයට හානි කිරීමට හෝ පෙළෙඹීමට ඉඩ ඇතැයි එහි සඳහන් වේ.

නීති පීඨාධිපතිනිය තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද අදිකරණයේදී කියැවිණි.

 

 

 



අදහස් (0)

නීති ශිෂ්‍ය දොස්තර යළි රිමාන්ඩ්

පෙරේරා Tuesday, 02 July 2013 09:22 PM

නීති වෘත්තියි දොස්තර වෘතියයි දෙකම ඉගෙනගන්න ගිහින් මොලේ කොලොප්පම් කරගෙනද කොහෙද. (අ)

:       0       0

රවී Tuesday, 02 July 2013 01:52 PM

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ළමයින් ගැන මීට වඩා හිතන්න ඕනෑ. ගොඩක් අය මොකක් හරි උගන්නලා යනවා. (හැමෝම නෙමෙයි) තමන්ට දෙයියන්ට වගේ සලකන්නේ නැත්නම් පළිගන්නවා. නමුත් දියුණු රටවල විශ්ව විද්‍යාලවල එහෙම නැහැ. ගුරුවරුන්ට ලොකු වගකීමක් තිබෙනවා. ඔවුන් තම‍න්ගේ වැඩේ ගැන කැපවීමක් තිබෙනවා. යාලුවෝ වගේ තමයි හැසිරෙන්නේ. නම කියලා තමයි කතා කරන්නෙත්. නමුත් ලංකාවේ මෙම සංස්කෘතියේ ලොකු අවුලක් තියෙන එක මේ සිද්ධියෙන් වත් තේරුම් ගන්න. (දී)

:       0       0

සරෝජ් Tuesday, 02 July 2013 01:56 PM

මේක දෙමල ප්‍රශ්නයක් නොවේ කැලුම්. මනස පොඩ්ඩක් උසස් විදියට හිතන්න පුරුදු වෙන්න. දෙමල හෝ සිංහල හෝ මුස්ලිම් වුනත් සිදුවී ඇති දෙය වටහා ගන්න (දී)

:       0       0

කැලුම් Tuesday, 02 July 2013 02:25 PM

පශ්චාත් උපාදි හැදෑරීමේදී මේ වාගේ දේ වලට අපේ සිසුන් අනන්ත මුහුණ පානවා. පශ්චාත් උපාදි පැවරුම මගෙත් ප්‍රතික්ෂේප කළා මගේ ඇදුරු තුමා. හේතුව විදියට කීවේ මම එයත් එක්ක හරියට සන්නිවේදනය කලේ නැහැ කියල. මට අවුරුද්දක් පරක්කු උනා මේ නිසා. (ත)

:       0       0

ශානිකා Tuesday, 02 July 2013 03:30 PM

සරසවි අදුරු මීට වඩා ළමියින් ගැන හිතන්න ඕනා. පැවරුමක් කරන එක ලෙහෙසියි වැඩක් නෙමේ. පරක්කුවට හෙතු බලලා ඒක බාරගන්න තිබුනා.(නදී)

:       0       0

නෙතුමි Tuesday, 02 July 2013 12:18 PM

ඇයි මේ අයට ඉවසන්න බැරි වුණේ? දැන් ඉතින් විඳවනවා මේවා කරලා. (ත)

:       0       0

විමල් Wednesday, 03 July 2013 03:53 AM

ඔය කෙලුම් කියන එකා මහා ජාත්හිවාදියෙක්වගෙ,සරෝජ් කියපුදේ හරි මේක දෙමල ප්‍රශ්නයක් කිව්වට,මේකම අපිටත් හෙට එන්න පුළුවන්,මේ මිනිහ එච්චර දුරට හිතල නෑ. (අ)

:       0       0

කැලුම්. Tuesday, 02 July 2013 12:40 PM

මේක දෙමල දෙමල ප්‍රශ්නයක්. අපිට මොකටද කා කොටා ගන්නේ? (නි)

:       0       0

චන්දිමා Tuesday, 02 July 2013 01:15 PM

කොහේද අර මානව හිත වාදී වාමාංශික මහලු පප්පලා ටික. උඹල කියන්නෙම රටේ සිංහල මහ ජාතිය තමයි දෙමල අයට හිරිහැර කරන්නෙ කියලා. බලා පල්ලා උඹලා මහ අසාධාරණ විධියට රටේ සිංහල මහ ජාතියට බැන්නට ලංකාවෙ දෙමල අය කොච්චර ඉහල තනතුරු වල ඉන්නවද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site