
( ටී.කේ.ජී.කපිල )
රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද(30 )අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය ඩුබායි හි ගෘහ සේවයේ නිරත වී සිටි , දැරණියගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 23,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් රැගෙන විත් තිබුණි .අ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ඇය අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගෙනෙන අය නොව ගෙන්වන අය අත්අඩංගුවට ගන්න...