නීති විද්‍යාල පිවිසුම් විභාගයට පෙනී සිටින සිසුන් සඳහා හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතා විසින් පැනවුණ අවුරුදු 30 වයස් සීමාව ඉවත් කරන්නැයි යහපාලනය සඳහා වූ නීතීඥ එකමුතුව රජයෙන් හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලයි.
එහි සභාපති නීතීඥ නීත් උදේශ මහතා කියනුයේ එම තීන්දුව නිසා ගමේ දරුවන්ට නීතිය ඉගෙන ගැනීමට තිබූ අවස්ථාවක් අහිමි වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතළිස් ඇඳිරියට කලින් කරමුද? (නි)
ඉතා හොඳයි (නි)
ඉතාම හොඳ යෝජනාවක් (නි)
ඉගෙනුමට වයස් බේදයක් නොමැති දියුණු රටවල මෙන් අපේ රටෙත් වයස් බේදයක් නොවිය යුතුය (නි)
ගමේ ළමයින්ට නම් හොදක් කරන්න ඕනි එකම විභාගය එකම භාෂාවකින් තිබ්බොත් තම හොදයි (අ)
මමත් එකගයි. දැනගන්නයි අහන්නෙ, නීති විදුහලට විතරද මේ වයස් සීමාව ? (ර)
උසස් අධ්‍යාපනයට වයස් සීමාවන් දැමීම යුතු නැහැ.උසස් අධ්‍යාපනය ලැබීම තුළින් ජනතාව බුද්ධිමත් පිරිසක් බවට පත්වෙනව.බටහිර රටවල් උසස් අධ්‍යාපනයට තහංචි දාල නැහැ.රැකියාවලින් විශ්‍රාම ගත් අය නීති අධ්‍යාපනය පමණක් නොව වෙනත් වෘත්තීය අධ්‍යාපන කටයුතුවල නිරත වෙනව.ශ්‍රී ලංකාව ඒ අතින් ඉතාමත් පහත තැනක ඉන්නෙ.උසස් අධ්‍යාපනයේ නිරතවීමට කැමැති අයට ඉඩදීම කල යුතුමයි. (අ)
අද තියෙන්නෙ නීතිඥ හිගයක් මිනිසසුන්ගේ අයිති වාසිකම් ආරක්ෂා කරදි එක ලොකුවට බලපාව.තරුණද මහලුද කියල නෑ සුදුස්සට අවස්ථාව දෙන්න ඹ්නි.හුගක් අද්දැකීම් තියන පරිපාලන වගේ අංශ වල අයට අමුතුවෙන් ප්‍රායෝගික පුහුණුවක් අවශ්‍ය නෑ .අනික හැම නීතිඥයම අධිකරණයේ නඩු අහන්න ඹ්නි නෑ තව කොයි තරමි රැකියා තියනවද නීතිඥයන්ට.මෙක කළේ නීතිඥ වෘර්තිය එක් පැලැන්තියකට සීමා කරන්න. (අ)
වයස් සීමාව ඉවත් කරනවා නම් ලොකු දෙයක්. ගොඩක් පිං. (ර)
කෙවින්, මගේ ඥාතියෙක් වයස 70 දී පාලි විශ්ව විද්‍යාලයේ පස්චාත් උපාධියක් ලබා ගත්තා. දියුණු රටවල් ඉගෙන ගැනීමට වයස බලන්නේ නැහැ. (ර)
කෙවින්, ඔයා වගේ උදවිය වයස බල බල ඉන්න නිසා තමයි ලංකාව අද දියුණු රටවල් වලට වැඩිය අඩි ගානක් පිටි පස්සෙන් ඉන්නේ. (ර)
ඉගෙන ගැනීමට කොහෙද වයස බලන්නේ? දියුණු රටවල වයස 70 අයත් උපාධිය ගන්නවා.නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව තිබෙනවා. දියුණු රටවල පළමුව රැකියාව. ඊට අදාළ ඉගෙනගැනීම රැකියාව සමඟ. රටවල් දියුණුවන්නේ එනිසයි (නි)
අධ්‍යාපනයට වයස් සීමාවක් නැත (නි)
මේක නම් හොඳ අදහසක්. බොහෝ උපාධිධාරීන් සහ අනෙකුත් වෘත්තිවල යෙදෙන අය තරමක් අත්දැකීම් සමඟ නීති වෘත්තියට එක්වෙනවා. එහෙම නැත්නම් තම වෘත්තියෙන්ම ඉහළට යනවා. එය අපේ සමාජයට යහපතක්. මෙය අනෙකුත් දියුණු රටවලත් සිදුවෙන දෙයක්. වයස් සීමාවක් පැනවීම නිසා ඒ යහපත අපිට නැතිවෙනවා. (නි)
වයස් සීමාව තිබෙන එක හොඳයි. තරුණ අයට අවස්ථාවක් ලැබෙනවා. (නි)
දෙපැත්තම ගැනම හිතලා සීමාව 40 කළොත් හොඳයි. නැත්නම් ලබන දැනුමෙන් රටට ලැබෙන දේ අවම වෙනවා (නි)
වයස් සීමාව 30 නොව අඩුම තරමින් එය 35-40 දක්වාවත් වැඩි කළයුතුයි. (නි)
වයසට ගිහිල්ලත් තමන් කරන වෘත්තිය හරියට තෝරා බේරාගෙන නැහැ කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තරුණයන්ට තිබෙන අවස්ථාව නැති නොකර ඕනෑ ඕනෑ කෙනාට නීතිය හදාරන්න පුළුවන් කරලා ඒකත් හෑල්ලු කරන්න එපා. වයස සීමාවක් තිබෙන එක හොඳයි. අනික නීතිය ඉගෙනගන්නකොට හුඟක් මතක තියාගන්න වෙනවා. වයසට ගිය අයට කොහොමත් බැහැ. (නි)
සීමාවන් හැකිතාක් ඉවත්කර හැමෝටම ඇතුළුවෙන්න දීමෙන් එහි අගය වටිනාකම හෑල්ලුවෙනවා නේද? අනික ෆර්ඩින් කියන එකත් හරි. (නි)
මමත් 100% එකගයි. (අ)
දැන්වත් ඒ ගත් තීරණ ඉවත්කරන්න. (නි)
වයස් සීමාවක් පැනවිය යුතුයි නැතිනම් තරුණ පිරිසට අසාධාරණයක් වෙනවා (දිල්)
වයස සිමාය 18 නෙමෙයිනේ. දන්න තරමට 35 නේ. ඒක නිසා වයස සිමාවක් තියෙන එක හොඳයි. (දිල්)
අනිවාර්යෙන් වයස් සීමාව අයින් කරන්න ඹ්නි මේක පහුගිය කාලේ ගත්ත වැරැදි තීරණයක්.දැන්වත් මේ තීරණය වෙනස් කරන්න (දිල්)
මේවාට වැඩිය සොයල බලන්න ඕනා. සමහර ලොක්කන්ගේ ළමයින් උසස් අධ්‍යාපන ආයතන වලදී සිදු කරලා තිබෙන බරපතල විභාග විෂමාචාර ගැන. මුලික උපාධිය පමණක් සහිතව ආචාර්ය උපාධියට ලියාපදිංචි වීම, තමන්ට හිතවත් පරීක්ෂකවරුන් යටතේ අධ්‍යයන කටයුතු කිරීම යනාදී දේවල් කරුණාකර සොයල බලන්න. (නදී)
වයසට ගිහින් නීතිය හැදෑරූවිට කෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතෙකු යටතේ පුහුණුවෙන්න කාලයක්? න්‍යාය විතරක් ඉගෙනගෙන නීති වෘත්තිය කරන්න බැහැ. වයසක අයට මේක කරන්න දීමෙන් වෙන්නේ රටේ සම්පත් නාස්තියක් විතරයි. ඇයි නීතිය අවුරුදු 4 ක් හදාරලා අවසන් වෙනකොට පෙන්ෂන් යන්නත් ළඟයි. ඒ කාලෙට ලෙඩට බෙහෙත් ගන්නවා හැරෙන්න ඉගෙනගන්න වෙලාවක් නැහැ. (නි)
ඒ ඒ වයසට කරන්න ඕනෑ දේවල් ඒ ඒ වයසෙදි කරන්න ඕනෑ. නීතිය ඉගෙනගැනීමත් එහෙම වියයුතුයි කියලයි මට නම් හිතෙන්නේ. වයසට ගිහින් නීතිය ඉගෙනගත්තහම කෝ නමක් හදාගන්න කාලයක්. කෝ විධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබන්න කාලයක්. නිකං කාගෙ කාගෙත් හා රටේත් සල්ලි නාස්තියක් විතරයි. අපි ආයෝජනය කරන්න ඕනෑ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් දේ වලට. තරුණයෙකුට නීතිය ඉගෙනගන්න වියදම් කිරිම හොඳ ආයෝජනයක්. (නි)