පසුගිය යුද සමයේදී තිරික්කෝවිල් හා අවට ප්‍රදේශයන්හි තරුණයන් හා කාන්තාවන් විස්සකට අධික පිරිසක් පැහැරගෙන ගොස් මරා දමන්නට ඇතැයි කියමින් නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හා හිටපු ජනපති සම්බන්ධිකරණ ලේකම්වරයකු වු කේ පුෂ්ප කුමාර් හෙවත් ඉනිය භාරතීට විරුද්ධව අතුරුදන් වුවන්ගේ ඥාතීන් පිරිසක් තිරුක්කෝවිල් නගරයේදී අද (18) උද්ඝෝෂණයක් පැවැත්වුහ.
මරා දැමුණු පිරිසකගෙන් කිහිප දෙනකුගේ සිරුරු ඔහුට අයිති ඉඩමක වළ දමා ඇතැයිද ඔවුහු චෝදනා කරති.
මේ පිරිස මරා දැමුවේ නැතිනම් අතුරුදන් වුවන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරැදි කරුවන්ට නිසි දඬුවම් දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
ඉනිය භාරතී හිටපු කොටි සාමාජිකයෙකි .පසුව ඔහු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වු අතර ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කළේය.
ඉනිය භාරතී හෙවත් කේ පුෂ්ප කුමාර් මහතා කීවේ මේ සියලු චෝදනා බොරු බවයි.එම නිවස සහ ඉඩම එකල එල් ටී ටී ඊ ය පාවිච්චි කළ අතර තමාද එතැනට පැමිණ ඇති බව ඔහු කීවේය.ඕනෑම පරීක්ෂණයකට තමා සුදානම් බවත් මහජන සහාය නොමැති දේශපාලනඥයෝ ළඟ එන මැතිවරණයක් වෙනුවෙන් ඡන්ද බලාපොරොත්තුවෙන් මෙවැනි උද්ඝෝෂණ කරන බවද ඔහු සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගෙන් කොටසක් ගැන අහන්න වෙන්නේ ප්‍රභාකරන්ගෙන් .කට්ටියක් ඉන්නේ පිටරටවල්වල වෙන නම්වලින් තමයි ඉන්නේ. (බ)
කවුරු මොනවා කිවුවත් ඒකේ වේදනාව දැනෙන්නේ ඔවුන්ට (නි)
මැරීම, අතුරුදහන් කිරීම කවුරු කළත් බරපතල වරදක්. (නි)
මේ අපරාධවලට රාජපක්ෂලා වග කියන්න ඔනෑ. දෙමල උනත් මේත් දෙමාපියන්ගේ දරුවෝ. මේවාට දඩුවම් ලැබෙයි. (නදී)
හැම කෙනාටම වගේ වේදනාව ඔවුන්ටත් දැනෙනවා කියල මතක තියාගන්න. (දිල්)
එතකොට දකුණේ නැති වෙච්ච් ළමුන් 88/89 කාලේ ඒවා හෙව්වද ? (නදී)
කොටි අරගෙන ගිය උතුරේ ජීවත්වුණ අපේ සිංහල ගොවියන්ට මොකද කළේ කියලා අහන්න කාලය ඇවිල්ලා (නි)
නැති වුන දරුවෝ ගැන මිස්ටර් ප්‍රබාකරන් දන්නවද දන්නේ නැහැ.(හේ)