ශ්‍රී ලංකාවේ ගෘහස්ත අලි ලියාපදිංචි කිරීමේ ලේඛනයේ අද (26) සවස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතී අංශයේ කාර්යාල අල්මාරියකින් හමු වු බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මෙම ලේඛනය නැති වු බව පසුගිය 12 වැනිදා සොයාගෙන තිබිණි.
ලේඛනයේ අස්ථාන ගත වීම සම්බන්ධයෙන් නීති අංශය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරියගේ වැඩ පසුගිය 13 වැනි දින සිට තහනම් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැති වු අලි තෝම්බුව ලැබේ
චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 27 August 2013 07:11 AM
ඕකේ හොඳ අලින්ගේ නම් කපලාද බලන්න (නි)
චමල් Tuesday, 27 August 2013 11:46 AM
ඕකේ අර අහවල් අසපු වලට දුන්න අලින්ගේ විස්තර පිටුව තියෙනවද ? (නි)
රංජිත් සිල්වා Monday, 26 August 2013 09:07 PM
ඔන්න වැඩිපුර කොළ ටිකකුත් නොමිලේම දුන්නා. සමහර විට අලි ටිකකුත් වැඩියෙන් දාල ඇති. වරදක් නෙමෙයිනේ.(නදී)
රකිත Monday, 26 August 2013 09:09 PM
අලියෙක් ගන්න පුලුවන්ද අපිට දැන් (දී)
වරුණ Tuesday, 27 August 2013 07:37 AM
වැඩේ නෝන්ඩි උනා අන්තිමේට ඇතුලෙම තිබ්බ විදිහට අගවන්න වෙන කබඩ් එකකට ශේප් එකේ ගෙනල්ල දාන්න ඇති ගත්තු මිනිහ අපි නොදන්න මොනරතැන්න.(නදී)
සංජිව Monday, 26 August 2013 09:11 PM
අලි තෝම්බුව පරිස්සම් කර ගන්න එක නම් හොදයි (දී)
කෙනත් Monday, 26 August 2013 09:14 PM
අනේ අම්මේ.......! මෙහෙමත් රටක්!!!!!!, විසි එක වෙනි සතවර්ෂයේ කොම්පුටර් දත්ත ගබඩා කිරීම ගැන වගක් වත් දන්නේ නැති රාජ්‍ය ආයතන එක්ක කොහොමද අප්පා ආසියාවේ ආශ්චර්ය වෙන්නේ...?!!!! මේක දාන්න හොද දෙය්යෝ සාක්කි තීරයට (දී)
සිල්වා Monday, 26 August 2013 09:42 PM
මොකද මේ අවේලාවේ (දී)
මොහාන් Tuesday, 27 August 2013 01:15 PM
මේ රට එකම කෝලම් මඩුවක් වෙලාද කියලා බයත් හිතෙනවා. ඒ ගොල්ලො කියනවා අපි අහනවා.හැමදාම වෙන්නේ ඕක තමා. (ස) .
පිටබැද්දර ජයා Tuesday, 27 August 2013 08:53 AM
අලියෙකුගේ වටිනාකම ලක්ෂ තිහක් විතර වෙනවලු. තෝම්බුව කෝටි හතළිහක් පනහක් වටිනවා ඇති. නැත්නම් කීයටවත් අලි අත ඇරලා තෝම්බුව උස්සයිද? (නි)
අමිළ කටුනායක Monday, 26 August 2013 10:29 PM
අර වයඹ වයන්න බැරි ගයන අලියගේ වටිනාකමත් සදහන් වෙලා තියෙනවද?(නදී)
නීල් Monday, 26 August 2013 10:30 PM
මේ දත්ත කාටත් බලාගන්න හැකිවන පරිදි අන්තර්ජාලයට එක්කරන්න. (නදී)
සුපුන් Tuesday, 27 August 2013 09:09 AM
හම්බුනා කියන්නේ නැති වෙලා තිබ්බාද (දී)
සම්පත් 08 Tuesday, 27 August 2013 01:46 PM
මුලින් තෝම්බුව පස්සේ අලි ටික වේඩේ නරකම නැහැ (දී)
රනා Tuesday, 27 August 2013 01:51 PM
ෆොටෝ කොපියක් ගහල තියා ගන්නකෝ දැන්වත්. ආසියාවේ අස්චාර්ය.. (දී)
කුමාර Tuesday, 27 August 2013 12:10 AM
ග්රැහැම් බෙල් දුරකථනය සොයා ගත්තට වැඩිය හොද සොයාගැනීමක්!(අ)
මාලා Tuesday, 27 August 2013 08:56 PM
තෝම්බුව පරිස්සම් කරගන්න බැරි එකේ අලි ගැන කවර කතාද ..... (අ)
කුමාර Monday, 26 August 2013 07:50 PM
ඔන්න මමනම් නෙමේ ගත්තේ හරිය ?(අ)
සමන් Monday, 26 August 2013 08:04 PM
මේවා හරියට අපි පොඩි කාලේ හොරා සෙල්ලම් කළ වගේ.(නදී)
මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 27 August 2013 03:02 AM
කෙනත් කලබල වෙන්න එපා. රජයේ නිලධාරීන්ගේ ගමන් වියදම් ඉල්ලුම් පත්තර වල තවමත් එක තීරුවක් තියෙනවා අශ්වයා පිටේ ගමන් කිරීම වෙනුවෙන් ඉල්ලුම් කරන්න. පිටරටවල මහාචාර්යවරු පැය විසිහතරම දඟලන්නේ අලුත් දේවල් හොයන්න. අලුත් දේවල් ඉගෙනගන්න. අනේ ඉතින් අලි පොත මොකක්ද! (නි)
දම් Tuesday, 27 August 2013 03:19 PM
අලි ඩයරිය පරිගණකගත කලානම් ඉවරනේ?අනෙක වනජීවී එකේ ඉන්න කොලයක් පොතක්වත් පරිස්සමෙන් බලාගන්න බැරි අය එලවලා දමලා ආරක්ෂක නියාමකයන් වැඩි කලානම් සත්තු සහ පරිසරය දෙකටම හොඳ නේද ? (දී)
රොෂාන් Tuesday, 27 August 2013 03:30 AM
ලංකාවේ මිනිස්සු වන අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා හිතල ද මේවා කියන්නේ? (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 26 August 2013 08:12 PM
අලි ලියාපදිංචි කිරීමේ ලේඛනය ලැබුනත් පැනපු අලි නම් කවදාවත් ආයේ ලැබෙන එකක් නැහැ. (දී)
උපාලි Tuesday, 27 August 2013 05:38 AM
මට හිතෙන්නේ නම් මේ පොත අතුරුදහන් වෙලා දැන් ආපහු ඇවිත්. නමුත් ඒ අතුරුදහන්ව පවතින කාලය තුල මේකේ පිටපත් අවශ්‍ය අය ලබාගෙන ඇති. දළ දිග ඇත් රජවරුන් ගැන මට නම් බයයි. (නි)