කීර්තිමත් නීතිවේදීයකු,නීතී මීමංසාව පිළිබඳව ගත් කතුවරයකු ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා මානව අයිතිවාසිකම් විශාරදයකු වු ආර් කේ ඩබ්ලිව් ගුණසේකර මහතා ඉරිදා (16) අභාවප්‍රාප්ත විය.
අවසන් කටයුතු අද(19) ජාවත්ත සුසාන භූමියේදී සිදු විය.
සිව්දරු පියකු වන ගුණසේකර මහතා ශ්‍රී ලංකා නීතී විද්‍යාලයයේ විදුහල්පතිවරයෙක්ද විය.
නීතී ගුරුවරුන්ගේත් ගුරුවරයකු වු ඔහු ශ්‍රී ලංකා නීතියේත් නීතී විද්‍යාවෙත් විශාරදයෙක් විය.වසර 60ක් පුරාම නීතිවේදියකු වු ඔහු නීතිය පිළිබඳ සුවිශේෂ ග්‍රන්ථ කිහිපයක්ද රචනා කළේය.
මානව හිමිකම් නීතිය පිළිබඳ සුවිශේෂි දැනුමක් ලබා සිටි ඔහු සිය වෘත්තියට උත්තරීතර හා ගෞරව සම්ප්‍රයුක්ත තත්ත්වයක් එක් කළේය.
කොළඹ විශ්ව විද්‍යාලයයේ නීතී පීඨයේ වසර විස්සක් ඉගැන්වු ඔහු තවත් වසර ගණනාවක් නයිජිරියාවේද නීතීය උගැන්වීය.
පේරාදෙණිය සරසවියේ කුලපතිවරයාද වු ඔහු එක්සත්ජාතීන්ගේ කෘත්‍යාධිකාරී කමිටුවට ශ්‍රී ලංකා නීතීවේදීයකු වුයේය.1998දී ගුණසේකර මහතා දේශමාන්‍යගෞරව සම්මානයෙන් පුද ලද ඔහු 1991-1993 දක්වා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති විය.
වරක් ජනාධිපති නීතීඥ පදවිය ඔහුට පිරි නැමු නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිපත්තිය හා නිතිය සම්පාදනය කිරීමටද ගුණසේකර මහතා දායක විය. ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යෙයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනය කරනවා. (හේ)
ඔබගේ නාමය සදා අමරණීයයි. ලක්මවට ඔබ කල සේවය විශිෂ්ටයි (නදී)
ඔබගේ නාමය සදා අමරණීයයි. ලක්මවට ඔබ කල සේවය විශිෂ්ටයි (නදී)
ඉතාම කණගාටුදායක පුවතක්. විශිෂ්ට පුද්ගලයෙක්. අපගේ ප්‍රණාමය. (අ)
ශ්රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජ.නී. ඩෙස්මන් ප්‍රනාන්දු, රාජ.නී. එස්. නඩේසන්, ජ.නී. නිමල් සේනානායක, සමග උරෙ'නුර ගැටී ක්‍රියා කිරීමට මෙතුමාද දැඩි උනන්දුවක් දක්වා ඇත. නීති සිසුන් විශාල පිරිසක් මෙතුමාගේ සිසුවන්ය. ඔබ සදාකල් දෙව් මව් තුරුලේ සැතපේවා!(අ)
ලක්මවට ඔබතුමාගේ සේවය නොඅඩුව ලබාදී නික්මයාම මහත් වේදනාවක්.විශිෂ්ට ඔබගේ නාමය සදා නොමැකේ. (නි)