IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නැති බැරි කත සැත්කමට පිහිට පතයි

කකුලේ සිට කොන්ද දක්වා යන ස්නායුවක ආබාධයක් නිසා මාස ගණනක් එකතැන්ව සිට රෝහල් ගත වී ප්‍රතිකාර ලබා එසැණ පාඨකයන්ගේ උදව් උපකාර ඇතිව එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණයක් කර ගත් නාවල රාජගිරිය පාරේ අංක 17/2 නිවසේ පදිංචි එන් එම් ජේ නවරත්න මහත්මියට කොන්දේ ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවත්, ඒ සඳහා රුපියල් තුන් ලක්ෂයක් පමණ වැය වන බවත්  වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණය කර ගැනීමට උදව් උපකාර කළ එසැණ පාඨකයන්ට පිං දෙන නවරත්න මහත්මිය ශල්‍යකර්මය කර ගැනීමට හා අවශ්‍ය බෙහෙත් මිල දී ගැනීමට ද සහාය පතන්නීය.

ගෙන් ගෙට ගොස් පින්තූර විකුණා ජීවත් වූ ඇගේ මාසික ආදායම රුපියල් 3000ටත් අඩු බව ශ්‍රී ජයවර්ධනපුර සමාජ සේවා නිලධාරිනී එස් සමන්ති ප්‍රසංගිකා සිල්වා හත්මිය කියන්නීය.

ඇගේ දුරකතන අංකය - 072 88 49 506



අදහස් (0)

නැති බැරි කත සැත්කමට පිහිට පතයි

සමරපාල Saturday, 24 May 2014 03:18 PM

මා කිව් බෞතචිකිස්තක ලංකාවේ නොවේ , මොකද මා ජීවත් වන්නේ ලංකාවේ නොවේ. නමුත් ලංකාවෙත් ඉතාම දක්ෂ භෞතචිකිස්තක වරුන් සිටින බව මා හොඳාකාර මා දන්නවා , (අ)

:       0       0

කීර්ති Friday, 23 May 2014 12:01 PM

හැකි පමණින් පිහිට වෙමු. (අ)

:       0       0

ශාන් Saturday, 24 May 2014 01:20 AM

සමරපාල මහතාගේ අදහස මම පිලිගන්නවා . ඒ වගේම කැපීම් කෙටීම් නැතිව මේ වගේ ලෙඩ සනීප කරන්න පුළුවන් පාරම්පරික වෙදදුරන් තවමත් ලංකාවේ ඉන්නවා.(නදී)

:       0       0

පද්මාවතී Saturday, 24 May 2014 01:53 AM

ලිපිකය දුන්නා නම් අපි උදව් කරනවා.(නදී)

:       0       0

හේමන්ත Friday, 23 May 2014 02:57 PM

ඔබගේ බැංකු ගිණුම් අංකය එවන්න (දිල්)

:       0       0

සමරපාල Friday, 23 May 2014 02:59 PM

මෙය වෛද්‍ය උපදේශයක් නොවේ. කොන්දේ සිට කකුල හරහා යන ස්නායුවක් කොන්දේ දී තෙරපීම හේතුවෙන් මා හටද මාස දෙකක් පමණ ඇවිදීමට නොහැකිව තිබුණා. ශල්‍ය වෛද්‍ය වරු කිව්වේ ශල්‍ය කර්මයක් කර එම තද බදය අඩු කොට සුව කල යුතුයි කියා. නමුත් කොන්දේ එවැනි ශල්‍යකර්මයක් කිරීමෙන් සමහර විට ජීවිත කාලයම රෝද පුටුවකට සීමා වී සිටිය හැකි බව තතු දන්නෝ පැවසුවා. එම නිසා මා දක්ෂ භෞතචිතිස්සක කෙනෙක් හමුවුව. ඔහු ව්‍යායාම වලින් එය සුව කලා (අ)

:       0       0

ඉන්දික Saturday, 24 May 2014 08:46 AM

සමරපාල මහත්තයෝ වෛද්‍ය විද්‍යා නිගමන එක්කෙනකු දෙන්නකුගේ අත්දකීම් මත පදනම් වූවක් නොවේ. ලෝකේ පුරා දහස් ගනනක් මිනිසුන් යොදාගෙන පරීකෂා කරලා. ඒ වාගේම භෞතික චිකිත්සක ප්‍රතිකාරය සහ ශල්‍ය කර්ම ප්‍රතිකාරය කෙටිකාලිනව සහ දිගු කාලීනව ඒ ඒ රෝගී තත්වයන්ගේ හරියටම රෝග නීර්නය අනුව පරීකෂනයට ලක් කර මුලු ලොව පුරා බටහිර වෛද්‍යවරු අනුගමනය කරයි. ඔහොම උපදෙස් දුන්න අය නිසා අමාරුවේ වැටුනු සිය දහසක් දෙනා අප දැක ඇත. (නදී)

:       0       0

සංජීව Friday, 23 May 2014 04:54 PM

නිකරුනේ වියදම් කරන එකේ මේ වගේ අසරණ අයට උදව් දෙන්න පින් ! (ස)

:       0       0

චමින්ද Friday, 23 May 2014 05:53 PM

සමරපාල මහත්තමයා ඔබ හමු උන භෞතචිකිත්සක මහතාගේ නම සහ ලිපිනය කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site