කකුලේ සිට කොන්ද දක්වා යන ස්නායුවක ආබාධයක් නිසා මාස ගණනක් එකතැන්ව සිට රෝහල් ගත වී ප්‍රතිකාර ලබා එසැණ පාඨකයන්ගේ උදව් උපකාර ඇතිව එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණයක් කර ගත් නාවල රාජගිරිය පාරේ අංක 17/2 නිවසේ පදිංචි එන් එම් ජේ නවරත්න මහත්මියට කොන්දේ ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවත්, ඒ සඳහා රුපියල් තුන් ලක්ෂයක් පමණ වැය වන බවත් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණය කර ගැනීමට උදව් උපකාර කළ එසැණ පාඨකයන්ට පිං දෙන නවරත්න මහත්මිය ශල්‍යකර්මය කර ගැනීමට හා අවශ්‍ය බෙහෙත් මිල දී ගැනීමට ද සහාය පතන්නීය.
ගෙන් ගෙට ගොස් පින්තූර විකුණා ජීවත් වූ ඇගේ මාසික ආදායම රුපියල් 3000ටත් අඩු බව ශ්‍රී ජයවර්ධනපුර සමාජ සේවා නිලධාරිනී එස් සමන්ති ප්‍රසංගිකා සිල්වා හත්මිය කියන්නීය.
ඇගේ දුරකතන අංකය - 072 88 49 506
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා කිව් බෞතචිකිස්තක ලංකාවේ නොවේ , මොකද මා ජීවත් වන්නේ ලංකාවේ නොවේ. නමුත් ලංකාවෙත් ඉතාම දක්ෂ භෞතචිකිස්තක වරුන් සිටින බව මා හොඳාකාර මා දන්නවා , (අ)
හැකි පමණින් පිහිට වෙමු. (අ)
සමරපාල මහතාගේ අදහස මම පිලිගන්නවා . ඒ වගේම කැපීම් කෙටීම් නැතිව මේ වගේ ලෙඩ සනීප කරන්න පුළුවන් පාරම්පරික වෙදදුරන් තවමත් ලංකාවේ ඉන්නවා.(නදී)
ලිපිකය දුන්නා නම් අපි උදව් කරනවා.(නදී)
ඔබගේ බැංකු ගිණුම් අංකය එවන්න (දිල්)
මෙය වෛද්‍ය උපදේශයක් නොවේ. කොන්දේ සිට කකුල හරහා යන ස්නායුවක් කොන්දේ දී තෙරපීම හේතුවෙන් මා හටද මාස දෙකක් පමණ ඇවිදීමට නොහැකිව තිබුණා. ශල්‍ය වෛද්‍ය වරු කිව්වේ ශල්‍ය කර්මයක් කර එම තද බදය අඩු කොට සුව කල යුතුයි කියා. නමුත් කොන්දේ එවැනි ශල්‍යකර්මයක් කිරීමෙන් සමහර විට ජීවිත කාලයම රෝද පුටුවකට සීමා වී සිටිය හැකි බව තතු දන්නෝ පැවසුවා. එම නිසා මා දක්ෂ භෞතචිතිස්සක කෙනෙක් හමුවුව. ඔහු ව්‍යායාම වලින් එය සුව කලා (අ)
සමරපාල මහත්තයෝ වෛද්‍ය විද්‍යා නිගමන එක්කෙනකු දෙන්නකුගේ අත්දකීම් මත පදනම් වූවක් නොවේ. ලෝකේ පුරා දහස් ගනනක් මිනිසුන් යොදාගෙන පරීකෂා කරලා. ඒ වාගේම භෞතික චිකිත්සක ප්‍රතිකාරය සහ ශල්‍ය කර්ම ප්‍රතිකාරය කෙටිකාලිනව සහ දිගු කාලීනව ඒ ඒ රෝගී තත්වයන්ගේ හරියටම රෝග නීර්නය අනුව පරීකෂනයට ලක් කර මුලු ලොව පුරා බටහිර වෛද්‍යවරු අනුගමනය කරයි. ඔහොම උපදෙස් දුන්න අය නිසා අමාරුවේ වැටුනු සිය දහසක් දෙනා අප දැක ඇත. (නදී)
නිකරුනේ වියදම් කරන එකේ මේ වගේ අසරණ අයට උදව් දෙන්න පින් ! (ස)
සමරපාල මහත්තමයා ඔබ හමු උන භෞතචිකිත්සක මහතාගේ නම සහ ලිපිනය කියන්න